Tuesday, June 15, 2010

ඈ මඟ බලන්නී...

ඈ අඬන්නී,
මඟ බලන්නී,
ඔහු එනතුරා....
දෑස් නොනිඳා,
දුක් විඳිද්දී,
ඈ,
තවමත් බලා හිඳින්නී...

තනිකමට පුරුදුවී,
කඳුළු බිඳු මිතුරුවී,
ඈ ලඟ,
තනි රකීවී,
ඈ,
මඟ බලන්නී,
ඔහු එනතුරා...


 ඔහු,
රට රකිද්දී,
රුපුබල බිඳිද්දී,
මියැදුනේ,
විරුවකු ලෙස,
දෙසේ...


එහෙත්,
ඈ,
නොදන්නී,
තවමත් මඟ බලන්නී,
සෙනෙහසිනි,
නොබිඳුනු පතිවතිනි...


මවුබිමට සෙනෙහසින් දිවිපිදූ ඒ විරුවන්ගේ ආදරණීය බිරින්දෑවරු , මේ පිං බිමේ දිරිය කාන්තාවන්ය.

අපේ රටේ සුවහසක් ජනයාගේ සාම පාරමිතාව උදෙසා,තම සතුට පූජාකළ ඒ දිරිය මවුවරුන්ට අපගේ උත්තමාචාරය!!

13 comments:

  1. ජාතිය ආගමට,
    වූ ණය ගෙවුමට,

    ජවය ගෙන හිතට,
    රුපුනොද බිඳුමට,
    රණ බිම වෙතට,
    ගිය ඔහුට

    මල් මිටක් දීමට
    නොසිතෙන්නේ කාහට ?

    ReplyDelete
  2. ගොඩක් අයට අමතක වෙලා තියෙන පැත්තක්. හොඳ නිර්මාණයක් සහෝ...

    ReplyDelete
  3. අමතක වූ මතක අලුත් කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහය අගෙයි.....

    ReplyDelete
  4. මෙක අපි හැමොටම අමතක වෙලා ..අපිට අමතක කරවන්න හදනවා

    ඇතතටම ඒඅයට අපි නයයි ..ඒනය ගෙවලා ඉවර කරන්න බැහැ අපිට.....


    ....:::: ස්තුතියි ::::....

    ReplyDelete
  5. හොඳ නිර්මාණයක්.අපූරුයි

    ReplyDelete
  6. ඉක්මනට අමතක වෙන අපේ රටේ උදවියට මෙහෙම හරි රණවිරුවන්ගැන මතක් කරල දෙන එක වැදගත්‍‍....පද පෙළ ලස්සනයි මචෝ.....

    ReplyDelete
  7. @ Hasitha - පැහැදිලිවම!ස්තුතියි කවිපෙළට දැක්වූ කාව්‍යමය ප්‍රතිචාරයට!

    @ කොඩී - ඔව් සහෝ.හුඟාක් අයට මතක නෑ මේ දුක්විඳින පිරිස ගැන.ඒ අය දුක් විඳින්නේ ,එයාලගේ සතුට අපිට දීලා.අපි හැමදාමත් ඒ අයට ණයයි සහෝ!!

    ස්තුතියි ප්‍රතිචාරයට.

    @ Wath - ස්තුතියි සහෝදරී!!

    @ ඉලංදාරියා - 1000%ක් එකඟයි සහෝ!!

    ස්තුතියි ප්‍රතිචාරයට!

    @ දිල් - ස්තුතියි සහෝදරී!

    @ හසියා - හ්ම්...අපේ අයට සතියෙන් සේරම අමතකයි.යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ අපේ සමහරුන්ට.

    ස්තුතියි ප්‍රතිචාරයට මචෝ!

    ReplyDelete
  8. ප්‍රභාකරන්ම කියලා තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක් හිටින්නේ දවස් 14 යි කියලා :)

    ReplyDelete
  9. ලස්සනයි... ඇත්තටම මේක ගොඩාක් අයට අමතක දෙයක් දැන්..

    ReplyDelete
  10. @ Hasitha - හික්ස්...බලගෙන ගියාම ඒ කතාව ඉහටත් උඩින් හරිනේ!! :)

    @ හසී - ස්තුතියි.ඇත්ත,හුඟාක් අයට අමතකයි මෙහෙම කැපවීම් කරපු අයත් ඉන්නවා කියන එක.

    ReplyDelete
  11. http://lankasith.blogspot.com/2010/05/blog-post.html

    මේකත් බලන්න....

    ReplyDelete
  12. රණවිරුවන්නට අපි සදා ණ්ය ගැතියි !!!

    ආ අයියේ ම්ම ඔයාගේ ආදර කතාව මගේ ලව් ස්ටෝරි කොලෙක්ශන් එකට දැම්මා !!

    http://ashan-blog.blogspot.com/2010/06/love-story-collection.html

    ReplyDelete
  13. @ ඉලංදාරියා - ලස්සන නිර්මාණයක්!

    @ හිඟන්නා - ස්තුතියි මල්ලි!!මගේ පොඩි කතාවටත් ඉඩක් දුන්නාට!!මේ වගේ ප්‍රතිචාර දැක්කාම හුඟාක් සතුටුයි!!තව තවත් ලියන්න හිතෙනවා.

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය