Sunday, September 26, 2010

නූතන ප්‍රේමය

නුඹ ලැබෙනතුරු
නොයිවසිල්ලෙන් බලා උන්'යුරු
තවම මතකයි..
දින ගනන්
මා
සති ගනන්
ඇඟිලි ගනිමින්
හීන මැවුවා..
ඔබේ හැඩරුව,
හුරුබුහුටි බව මා
හීනෙනුත් දුටුවා...
බලාඋන් ඒ සොඳුරු මොහොත,
වසරකට පෙර මා,
සොයා ආවා...

 එතැන් සිට,

ඔබ මගේමයි,
සදාකල් ඔබ මා ලඟයි..
යනෙන හැම තැන,
මාත් එක්කයි...
හෙවනැල්ල සේ,
මගේ ජීවිතේ,
දුක සතුට බෙදාගත්,
ඔබ
 සතියකට පෙර අසනීප වූවා...

වෙදැදුරා කීවේ,
"මෙහෙ බෙහෙත් නෑ,රට යවමු අපි"
කියල විතරයි...
මගෙ පපුව,
මොහොතකට නතරවුණා.....
දැන් ඉතින් ඔබ,
දුර රටකට පියඹයි,
එනතුරා යලි,

මම බලං ඉඳිමී...

ඔබට ඉක්මන් සුවය පතමී...


අනේ මගෙ වස්තුව

"LAPTOP"
එක....

Wednesday, September 22, 2010

සහෝදරයෙක් , මිතුරෙක් .....



කැම්පස් ආපු මට
දුක හිතුණා
නැහැ කියලා
මටම ගැලපෙන මිතුරෙක්
හමුවුණාම උඹ මට
ඒ දුක නැතිවුණා
මොකද උඹ
මගේම සහෝදරයෙක් තරං
සමීප වෙච්ච නිසා...