මගේ ගමන

~~~ මගේ ගමන ~~~

     මම පොඩි කාලේ ඉඳලම පොත පත කියවනවා.ඒවා දිහා බලාගෙන මම ලියන්න පටං ගන්නකොට මට වයස 9 යි.

   මුලින්ම ලිව්වෙ “ෂර්ලොක් හෝම්ස්” කතාවක්.බොහොම කෙටියි වගේම 80% ක්ම කොපි කිරීමක්.(ඒකත් දවසක මේ “කතා පොතේ” ලියන්න බලන්නං. )

  එහෙම පටං ගත්තු මම පොඩි පොඩි දේවල් ලිය ලියා ඉඳල, 7 වසරෙදි ලිව්වා මගේම පොතක්.යොවුන් වීර නවකතාවක්.ඒත්  එතනිං එහාට මගේ ලිවීම නැවතුනා.ඒ ලියපු පොතත් මගේ කබඩ් එකක පොත් ගොන්නකට හිර වුනා.

  ආයෙමත් මම ලියන්න පටං ගන්නේ,12 වසරෙ ඉන්නකොටයි.

  ඒ දවස්වල ආදරේ,මිත්‍රත්වය වගේ දේවල් නිසා මම ලිව්වා.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මගේ උසස් පෙළ ව්‍යාපෘතිය විදියට කෙටි නවකතාවක් ලියවෙන්නේ “අහිමි සෙනෙහස” නමින්.

    ඒ අතරතුර තවත් මම ලිව්වා,කවි සිංදු වගේ දෙවල්.කොහොම වුනත් අධ්‍යාපනේට මුල් තැන දෙන්න වුණ නිසා ඔය කිසිම දෙයක් මහ ලොකුවට කරන්න හරි සමාජයට ඉදිරිපත් කරන්න හරි මට අවස්ථාවක් ලැබුනේ නැහැ.

   තවමත් මම උසස් අධ්‍යාපනේ නිසා කාර්ය බහුලයි , මේ නිසයි මම හිතුවේ හිතේ තියෙන හැම දෙයක්ම බ්ලොග් එකක් තුලින් හරි ප්‍රකාශනය කරන්න.ඒ නිසයි මේ “කතා පොත” ලියවෙන්නේ.

    හැබැයි දෙයක් කියන්නම ඕනි.ඒ තමයි මම මහා කවියෙක් හරි,රචකයෙක් හරි නෙවෙයි.මම මගේ හිතට එන හැමදේම ලියනවා; කාටවුණත් කියවලා තෙරුං ගන්න පුළුවන් සාමාන්‍ය භාෂාවෙන්!