ඔයත් ගියා....
අපිම දන්නෙ නෑ!
අපෙ අදහස්?
අපිට අවනත නෑ!
අපේ හිත්?
තනිවෙලා,
දුක ඉතිරිලා,
කඳුලු ගලනවා..
ඉරිලා තැලිලා,
පොඩිවෙලා,
ආයෙමත් හදන්න බැරි තරම්ම,
වෙන්වෙලා...
එකට උන්නු
ජීවිත දෙකක්
අද වෙන්වෙලා....
තනි තනිව
බලං ඉන්නව
අනිත් කෙනා
තමන් ලඟට එනකං...
ඒක කවදාවත් වෙන්නේ නෑ!
මොකද,
අපි අපේම ලෝකවල
තනිවෙලා...
වැඩ ගොඩක් මැද
හිරවෙලා...
ඉස්සර
ආදරෙන්
වචන ටිකක් ගැලපුවාම,
"ලස්සනයි"
කියපු
ඒ අහිංසකී,
අද නෑ....
අද එහම දෙයක් ගැලපුවොත්
ඔයා කියාවි,
"ඒක හරිම බොලඳයි"
"අනිත් අය මොනවා හිතයිද"
ඒවා ඉස්සර
ඔයා නොකියපු දේවල්...
කවදාවත් ඔයා
නොහිතපු දේවල්...
මට දුක නෑ!
මොකද මගෙ හිතට
තව අඬන්න කඳුළු නෑ....
මට පරණ ජීවිතේ
මතක නෑ...
ඒ ආදරේ
ආපහු ලැබෙන්නෙත් නෑ...
දුක් වෙලා වැඩක් නෑ...
ජීවිතේ
ජීවත් වෙන්න නෙවෙයි
ජීවිතේ
මරලා දාන්නයි
මට ඕනි!
ඔයාගේ ජීවිතේ
ඔයා ජීවත් වෙන්න
මාව අමතක කරන්න...
වැඩ නිසා
අමතක වෙයි
ඉක්මනටම....
දැනට එච්චරයි!
උපන් දා සිට,
අපි අපේමද?
සිතින් මැවුවත්,
නෙක සිහිනයන්,
ඉටු වෙනවදෝ,
ඒ සියළු පැතුමන්?
තෘප්තිමත්දෝ
අපේ ආසාවන්?
ලොවම ඉල්ලා,
හඬා වැටෙනා,
සිත නිවන්නට,
අපට හැකිවෙද?
සිතට යටවී,
හිතට අවැසිව,
දුක්විඳින,
"අපි අපේමද??"
හැම දේම,
බෙදා හදාගත්තු...
තනිකමට ලඟ උන්නු....
ඈ ලඟින් නැති නිසා...
මම තනිවෙලා...
ජීවිතේම එපා වෙලා..
ආත්මෙම තුවාල වෙලා...