Tuesday, August 24, 2010

ඔය ඇස්......


ලස්සනයි ඔය ඇස්
තුරුළු කරගත්තා මගෙ ඇස්

කතා කරන ඒ ලස්සන ඇස්

ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්


එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
මාව වශී කරගත්තා ඔය ඇස්


ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
හීන ලොවක මා රජ කල ඒ ඇස්


දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්


කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස්

අහන් ඉන්නකෝ......

එන්නකෝ අහගෙන ඉන්න
මම කියන්නම් කතාවක්
සිනහව පිරුණු ඉතුරුණු කතාවක්
සෙනෙහස දෝර ගලනා කතාවක්
ආදරෙන් හිත පිරෙන කතාවක්
කියන්නද?
කෝ නෑනේ තාමත්
එනවද?
අහන් ඉන්නේ නැද්ද?
එහෙනන් අනේ මට බෑ
ඕන්න මම ගියා...