Sunday, December 25, 2011

පලායමි මම....

පලායමි මම....





මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි...
ලඟින් උන් හැම දමා ගොස් අද....
තනිවෙලා කඳුළැල් අතර මම....
විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස...
නිමා කෙරුමට විඳින මේ දුක....
පලායන්නට සිතෙයි දුරකට....
යලි නොඑන්නට කිසිදු දිනයක....

Tuesday, December 6, 2011

ඈ දන්නෙ නෑ...



ඈ දන්නෙ නෑ....




ඇගේ නෙතුපියන් අද්දර
මගේ හිත නතරව
ඈ සමග
ඇසිපිය හෙලනා වග
ඈ දන්නෙ නෑ....



ලතාවට නැලවෙන
ඇගේ මුදු වරලස
දෑස් මගෙ
පිනනා බව
ඈ දන්නෙ නෑ....



දසන් පා හිනැහෙන
ඇගෙ සුසිනිඳු මුව ලඟ
මගේ දෑස් හොරෙන්
නවතිනා වග
ඈ දන්නේ නෑ....


විටින් විට නැටවෙන
නිල් නයන යුග්මය
මගේ හදවත ගැස්ම
                                                                                  වැඩි කරවනා වග
                                                                                  ඈ දන්නෙ නෑ....




රෝස පාටින් දිලෙන
ඇගේ මුදු තොල්පට
චුම්භනය කෙරුමට
සිත ඉල්ලනා වග
ඈ දන්නේ නෑ....



ආදරය උතුරන
දඟපාන ඇය ලඟ
මගේ දිවි නතරව
ඈ ඉල්ලනා බව
ඈ දන්නෙ නෑ....


=========================================================
ප.ලි. : සමහරවිට මේ දේවල් එයා කවමදාවත් දැනගන්න එකකුත් නෑ.....
=========================================================



Friday, December 2, 2011

මැරෙයි මම....

නෙක පාට සිහින මට මවාදී


ඇය ගියා මා දමා ඉගිල්ලී








දුකද මට?



දන්නේ නෑ!



ඇඬුවා ද?



කියන් නෑ!







හිත හිතා



ඇය ගැනම



මැරෙයි


මම


අද හෙටම.....