Sunday, September 26, 2010

නූතන ප්‍රේමය

නුඹ ලැබෙනතුරු
නොයිවසිල්ලෙන් බලා උන්'යුරු
තවම මතකයි..
දින ගනන්
මා
සති ගනන්
ඇඟිලි ගනිමින්
හීන මැවුවා..
ඔබේ හැඩරුව,
හුරුබුහුටි බව මා
හීනෙනුත් දුටුවා...
බලාඋන් ඒ සොඳුරු මොහොත,
වසරකට පෙර මා,
සොයා ආවා...

 එතැන් සිට,

ඔබ මගේමයි,
සදාකල් ඔබ මා ලඟයි..
යනෙන හැම තැන,
මාත් එක්කයි...
හෙවනැල්ල සේ,
මගේ ජීවිතේ,
දුක සතුට බෙදාගත්,
ඔබ
 සතියකට පෙර අසනීප වූවා...

වෙදැදුරා කීවේ,
"මෙහෙ බෙහෙත් නෑ,රට යවමු අපි"
කියල විතරයි...
මගෙ පපුව,
මොහොතකට නතරවුණා.....
දැන් ඉතින් ඔබ,
දුර රටකට පියඹයි,
එනතුරා යලි,

මම බලං ඉඳිමී...

ඔබට ඉක්මන් සුවය පතමී...


අනේ මගෙ වස්තුව

"LAPTOP"
එක....

4 comments:

  1. හේහේහේහේ පට්ට පට්ට..හැබෑටම මක්කෙයි වුනේ....??
    ලැප්ටොප් එකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඕන්....

    ReplyDelete
  2. හත් දෙයියනේ...ලැපීට මොකො උනේ :f
    (කාගෙ උනත් ලැප්ටොප් එකක් නේ...)

    ReplyDelete
  3. මට මුලින් කියවද්දි අත්තටම හිතුන් නෑ අවසානය මේ වගේ වෙයි කියලා. මම කෑමතියි ඒ ගතියට! :n

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය