Wednesday, June 9, 2010

මගේ තනිකම

~~ මගේ තනිකම ~~

දුන් සහසක් පොරොන්දු
වියැකිලා ගිහිං,
කඳුළු විතරක් තනිකමට
තුරුළුවෙලා ඉතිං,
කියනවා දුක හිතෙන
කතාවක් හෙමිං,
අසන්නට ඔබ නෑ ,
ඔබ මා දමා ගිහිං...


මහද දුක්ගිනි ඉහිළුවා ඉතිං,
කඳුළු තරුකැට වැතිරුණා හෙමිං,
සිනහ මල් කැන් වියැළිලා ගිහිං,
ඔබ නැතිව මම හඬනවා දුකිං...

මියෙනතුරු මා ඉන්නවා ලඟිං,
කියූ ඔබ අද කොහෙදෝ ගිහිං,
හඬන මා සිත ඉතිරිලා දුකිං,
අත්හැර යාවිදෝ මා මේ ජීවිතෙං...


සනසවන්න නැහැ
කිසිවෙකුත් මා ලඟිං,
 සිහිනෙකින් හෝ
මුදවන්න මා තනිකමිං,
මගේ සොඳුරිය
සිතා මා ගැන ආදරෙං,
එනවදෝ දෝවන්න
මගේ සිත ස්නේහෙං...
 

8 comments:

  1. හරිම හැගීම්බර පද ටිකක්

    ReplyDelete
  2. @ දිල් - හ්ම්...එයා දාලා යන්නම ගිහිං...බලං ඉන්නවා එනකං,එන්නේ නෑ කියල දැනගෙනත්...

    ස්තුතියි දිල් ප්‍රතිචාරයට :)

    ReplyDelete
  3. හොඳයි හොඳයි ලොක්කා

    ReplyDelete
  4. @ Hasitha - :)

    @ කොඩි - ස්තුතියි :)

    ReplyDelete
  5. උඹ මගේ ජීවිතේ ගැනද බන් මේ කවියට හැරෙව්වේ....???

    ReplyDelete
  6. @ හසියා - මේ වගේ දේවල් අපි කාට කාටත් වෙන්න පුළුවනි මචෝ.....ඒ නිසා උඹට සමීප වෙන්නත් පුළුවනි කවිය...ඒත් ඔය වගේ දෙයක් නිසා හැමදාම බලං ඉන්න එක තේරුමක් නැහැ....මොකද අපි දනවනේ එයා ආපහු එන්නේ නෑ කියලා...ජීවිතේ පරාදවෙන්න බෑ එකම එක සිතුවිල්ලක් නිසා...කොච්චර අමාරුවුණත් තමංගේ ජීවිතේ ජීවත් වෙන්න ඕනි...

    ReplyDelete
  7. හරිම ලස්සනයි.....

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය