Sunday, June 6, 2010

වැටි වැටී නැගිටපන්!

 ~~ වැටි වැටී නැගිටපන්! ~~

උඹ හිටගන්න හදනකොට
ඇදගෙන වැටේවී
මහපොලොවට
අනේක වාරයක්

ඒත් සැලෙන්නෙපා
හිතට වීරිය අරන්
ආයෙමත් නැගිටපන්

සමහරු හිනාවේවී
ගණන් ගන්නෙපා
තඹ සතේකට
උං හිතන් ඉන්නේ
කවදාවත්ම උං
වැටෙන්නේ නෑ කියලා!

ඒත් උන්ට අමතකයි
ඇවිදින්න කලින්
කීපාරක්
දණගාපු , බඩගාපු අයද
අද ඇවිදින්නේ කියලා

ඒ නිසා,
ලෝකෙම හිනා වුණත්
උඹ බය නොවී
වැටි වැටී
නැගිටපන්!

කවදාහරි උඹේම දෙපයින්
මහපොලව උඩ
හිටගෙන ඉන්න පුළුවන් වෙනකන්ම!

උඹට ජය!!

11 comments:

  1. ''උං හිතන් ඉන්නේ කවදාවත්ම උං වැටෙන්නේ නෑ කියලා!

    ඒත් උන්ට අමතකයි ඇවිදින්න කලින් කීපාරක් දණගාපු , බඩගාපු අයද අද ඇවිදින්නේ කියලා''

    මැක්සා කතාව

    ReplyDelete
  2. නියම කතාව ලොක්කා. කොච්චර වැටුණත් නැගිටින්න ඕනේ ඒකයි සැබෑ මිනිසාගේ ලක්ෂණය :)

    ReplyDelete
  3. මරු කතාව.. මේක මටත් ගොඩක් වටිනව..

    ReplyDelete
  4. හසිත සහ ගිහාන් වෙත - ස්තුතියි මචෝ :))

    ReplyDelete
  5. වැටෙන වැටෙන හැමවෙලෙම
    හිතට දිරිය පුරවාගෙන
    අපෙ දෙපයින් සිට ගත්තම
    අයෙත් හැරිලා බලනකොට....
    මුහුනේ ඉතිරිවෙන්නේ හිනාවක්....

    ReplyDelete
  6. ඇත්ත කථාව අනිත් අය හිතන් ඉන්නේ එයාලා වැටෙන්නේ නෑ කියලා... නියමයි...

    ReplyDelete
  7. දෙපයි හිටගත්තම කාටත් අමතකයි වැටි වැටි නැගිටින්න උත්සාහ කල විදිය.ඇත්ත කතාවක්. නියමයි

    ReplyDelete
  8. @ඉලංදාරියා -

    පැහැදිලිවම...
    ඒ හිනාව
    ලෝකම බෑ කියද්දිත්
    තමං නැගිට්ටා නේද කියලා
    හිතෙනකොට දැනෙන සතුටටයි.....

    @ හසී - අමාරුවෙන් නැගිටපු සමහරුන්ටත් , තමං නැගිටපු විදිය අමතකයි සහෝදරී....

    ස්තුතියි ප්‍රතිචාරයට :)

    @ ruwan kumara - සහතික ඇත්ත සහෝ!!!ඒක දුර්වලකමක්.නැගිටපු මිනිහෙක් කරන්න ඕනි , තවත් නැගිටින්න හදන මිනිහෙක්ට උදව් කිරීම මිසක් හිනා වීම නෙවෙයි.

    ස්තුතියි ප්‍රතිචාරයට :)

    ReplyDelete
  9. උඹ ඉතිං මට හැමදාම දෙන අවවාදෙනේ ඕක.....හම්...නැගිටිමු අමාරුවෙන් හරි....

    ReplyDelete
  10. :)) උඹ දැන් නැගිටලානේ ඉන්නෙ මචං.දැන් ඇවිදින්න ඉගෙන ගනිං :)))))))))

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය