Saturday, June 5, 2010

නුඹ..

 ~~~~~~ නුඹ ~~~~~~

පිපුනු මලකට
සුවඳ මෙනි නුඹ
සිඳුනු ගඟකට
පැන් පොදකි නුඹ
අඳුරු අහසට
සඳක් මෙනි නුඹ
වියලි කතරට
වැසි දියයි නුඹ

මගේ දිවියේ
හුස්ම පොද නුඹ.....





මවක නැතිකල
මවකි මට නුඹ
සොයුරු පෙම දුන්
සොයුරියකි නුඹ
කඳුළු පිසදා
සතුට දුන් නුඹ
මිතුරු පෙම ගැන
කියාදුන් නුඹ

 හදවතේ මගෙ
ගැස්ම වූ නුඹ,

රැඳෙනු මැන
දිවිතුරා මා ලඟ.....

7 comments:

  1. අම්මා තාත්ත ඇරුනුකොට අපේ ජීවිත ලගින්ම හැමදාටම ඉන්න අය බොහොම අඩුයි.එහෙම ලෝකෙක හුස්ම පොද තරම් ම සමීප වුන කෙනෙක් ඉන්න එක වාසනාවක්.
    ලස්සනයි නිරමාණය !!

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි පබළු.

    අම්මා තාත්තා ඇරුනුකොට කවදාහරි , කවුරුහරි අපි හැමෝගෙම ජීවිත වලට එනවා...ඒ එන කෙනා හැමදාමත් අපි ලඟ ඉන්නවනං අපි හැමෝටම අපේ ජීවිතේ සතුටින් ගතකරන්න පුළුවනි.

    ඒත් , ඒක හුඟක් අයට නොලැබෙන වාසනාවක්.
    හැබැයි මම වාසනාවන්තයි :)

    ReplyDelete
  3. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  4. උපරිමයි ලොක්කා. මවක් මෙන් සොයුරියක් මෙන් මිතුරියක් මෙන් ඉන්න බිරියන් ගැන බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනව නොවැ.

    ReplyDelete
  5. හරිම ලස්සනයි . . .හදවතේ ගැඹුරටම දැනෙන්න ලියලා තියෙනවා . .. නියමයි. . .

    ReplyDelete
  6. නියමයි මචෝ.....හරිම ලස්සන ඒ වගේම සංවෙදී කවි පෙලක්....

    ReplyDelete
  7. @ CD - ස්තුතියි මචෝ නිර්මාණය අගය කළාට

    @ Hasitha - ස්තුතියි සහෝ නිර්මාණය අගය කළාට.

    හ්ම්...කතාව ඇත්ත , ඒත් එහෙම අය හොයාගන්න සෑහෙන්න අමාරුයි...වෙලාවට මම වාසනාවන්තවුණා :)))

    @ දුකා - ස්තුතියි සහෝ ප්‍රතිචාරයට.ඔබේ වචන ටික පුදුම දිරිගැන්වීමක්.

    @ හසියා - ස්තුතියි මචෝ!!!! ප්‍රතිචාර ලැබෙනකොට පුදුම සතුටක් දැනෙන්නේ :))

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය