Sunday, May 30, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 02 -

     මම එදා ගෙදර ගියේ සඳුනි ගැන හිත හිතා,හීන මව මවා.ඒ හීන ලස්සනයි.
     කොහොමත් , සැබෑ ලෝකෙට වඩා හීන ලෝක ලස්සනයි , සුන්දරයි.සැබෑ ලෝකේ වගේ නෙවෙයිනේ.හීන ලෝක වලදි හැමදේම සිද්ධ වෙන්නෙ අපිට ඕනි විදියට විතරමයිනේ.ඒත් ඒ හැමදේම , බොහෝවිට හීන වලටම විතරක් සීමා වෙනවා.එතකොටයි අපිට දුක හිතෙන්නේ.


     හ්ම්...
     සඳුනි...ඇත්තටම මට ඔයා හීනයක් විතරයි.අහම්බෙන් හම්බුණු සුරංගනාවියක්.
   
    ගෙදර ගිහින් ඇඟ පත හෝදගන්නවත් හිතුනෙ නැහැ,කෙලින්ම ගියේ ඇඳට.ඇස් පියාගත්තු ගමන් පේන්නේ ඒ ලස්සන ඇස් දෙක විතරමයි.එයා මගේ හිත ඇතුලෙ ඇවිදිනවා.ඒ අහිංසක හිනාව,ඒ ගමන , ඒ ලස්සන , කොහොම අමතක කරන්නද....


ඔය කෝල ඇස්
මා නෙත් මානෙමයි...
සුකොමාල බැල්මන්
මා සිත් නිවයි...

තරු බෝම ඈතයි
ඔබ මා ලඟයි...
තනිකම මකයි
ඔබ මට තනි රකියි...

        මගේ හිත සිංදුවක් මුමුණනව.හැබැයි මම අදටත් දන්නේ නෑ ඇයි මම එක මොහොතකට දැකපු ඒ ඇස් දෙක ලඟ මගේ හිත නතර උනේ කියලා.සමහරවිට හැමෝගෙම ජීවිතවල එහෙම වුණ වෙලාවල් ඇති.ජීවිතේ වෙන මේ වගේ සමහර දේවල් හරිම පුදුමයි.ඒවට හේතුවක් හොයාගන්නත් හරිම අමාරුයි.


  මට ආපහු සඳුනිව හම්බුවෙන්න ඕනි කියල දැනුනා.ඒත් ඒ කොහොමද,කොහෙදිද කියල මම දැනං හිටියේ නැහැ.හැබැයි මම ඒ දවස එනකං බලං හිටියා ; එහෙම දවසක් එයි කියලා හිතෙං හිතුවා.


*****

     " ආ !! කසුන්.උඹ මොකද මේ පැත්තේ ?අළුතෙන්ද මේ පංතියට ආවේ?මීට කලිං උඹව දැකලා නෑනේ මෙහෙදි අපි"

    අපේ ඉස්කෝලේ යාළුවෙක් මගෙං එහෙම ඇහුවේ ගාල්ලේ ටවුන් එකේ තියෙන කොමර්ස් පංතියට මම අළුතෙන්ම ගිය දවසේ.ඒ වෙනකොට උසස් පෙළ පටන් අරන් මාස හයක් හතක් ගිහිල්ලා තිබුණත් , මට හරියට කොමර්ස් පංතියක් හිතට අල්ලලා තිබ්බේ නැහැ.

    "ඔව් සමීර,අද තමයි පළවෙනි දවස.තාම හරි හමං ක්ලාස් එකක් සෙට් උනේ නෑ බං"

     අපේ කතාව අතරේ , අපිට එහා පැත්තේ පේලියට ගෑණු ලමයි ටිකක් ආවා වාඩිවෙන්න.මම හිටියේ අපේ බංකුවේ දකුණු පැත්තේ කෙළවරේ.ඊට එහා පත්තේ තමයි ගෑණු ලමයින්ගේ බංකු තිබ්බේ.පේලි අතරේ වැඩි ඉඩක් නොතිබ්බ නිසා එහා පැත්තේ වාඩිවෙන්න ආපු ගෑණු ළමයෙක්ගේ බෑග් එකක් හදිසියේම මගෙ මූණේ වැදුණා.

    "සොරී...."

   මුන් ඉතින් ඕනි එකක් කරල , "සොරීඊඊඊඊ...." කියල ශේප් වෙනවා!!!මොකාද දැන් සොරී කියල  ශේප් වෙන්න හදන්නේ කියල බලන්න මම ඒ දිහාවට හැරුණා.

   "සඳුනි...........!!!"
   ඔව්,එයාම තමයි!!මට දෑස් අදහගන්න බැරිවුණා.මාව දැකපු ගමන් එයාවත් තිගැස්සුණා කියලා මට දැනුණා.

   "ආ..! ඉට්ස් ඕකේ"

     මම බොහෝම අමාරුවෙන් වචන ගොනුකරලා කතා කළා.මම හිනා උනාද කියල මතක නං නෑ,මොකද ඒ වෙලාවේ මම ඒ තරංම තිගැස්සිලයි හිටියේ ඒත් එයා මාත් එක්ක යන්තං හිනාවේගෙන මට එහා පැත්තේ බංකුවෙන් වාඩිවුණා.සමහරවිට මාව අඳුනගන්න ඇති.

    මම පතපු හීනේ සැබෑ උණා.එයාව මට ආපහු හම්බවුණා!!!මගේ හිතට ඇතිවුණු සතුට....හරියට මුළු ලෝකෙම මට හම්බුණා වගේ.ඒ සතුටයි , සඳුනි මගෙ ලඟම එහා පැත්තේ වාඩිවෙලා උන්නු නිසා ඇතිවෙච්ච තිගැස්මයි නිසා පංතියේ ඉන්ටවල් දෙනකංම මට හිත එක්තැන් කරගෙන පාඩම අහගන්න බැරිවුණා.මගේ හිත තිබ්බේ මං ගාව නෙවෙයි,සඳුනි ගාව.

    "යන්නැද්ද කසුන් මුකුත් කාල එන්න?"

   සමීරගේ කටහඬින් තමයි මම කොහෙද ඉන්නේ කියල මතක් වුණේ.

   "සමීර,මගේ ඔළුව ටිකක් රිදෙනව වගේ.මං පන්තියට වෙලා ඉන්නං , උඹලා ගිහිං වරෙන් "
   මං බොරුවක් කිව්වා.වෙන හේතුවක් නිසා නෙවෙයි,සඳුනිත් එක්ක කතා කරන්න පුදුම ආසාවක් මගේ හිත ඇතුළෙන් මතු වෙවී තිබුණු නිසා.
      මගේ යාළුවෝ ටික එලියට ගියා.ඒත් සඳුනිගේ යාළුවෝ ටික එයා වටේම ඉඳගෙන කච කචේ.ටික වෙලාවකින් එයාගේ යාළුවොත් එලියට යනවා මම දැක්කා.

     පුදුමයි!!!සඳුනි යාළුවොත් එක්ක ගියේ නෑ!

      එයා ඩෙස්ක් එකට ඔළුව තියාගන්නවා මම දැක්කා.සමහරවිට ඔළුව රිදෙනව ඇති.එයත් එක්ක කතා කරන්න ආසාවෙන් හිටිය මට,මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බව මට තේරුණා.මොකද එයාගේ මාර සේනාව ; "යාළුවෝ ටික" එයාව වටකරගත්තු ගමන්මනේ කොයි වෙලෙත්!!!

      පංතිය ඇතුළේ කෙල්ලො , කොල්ලෝ කතාකරනවා මට ඇහෙනවා.ඒ හැමෝම එයාලගේ ලෝකවල තනිවෙලා.සඳුනි එක්ක කතා කරන්න ඕනි වුණාට , හිත ඇතුලේ තිබ්බේ පුදුම චකිතයක්.මගෙ පපුව ගැහෙන සද්දේ,මටම ඇහෙනවා!!අන්තිමට හිතේ තිබුණු හැම දහිරියම එකතු කරලා මම එයාට කතා කළා.


"එක්ස්කියුස් මී......"

  -මතු සම්බන්ධයි-

10 comments:

  1. aka marai matai avage chance akak hamba unoth

    ReplyDelete
  2. හරි වැඩේ දෙන්නම එක විදිහටනේ වැඩ කරන්නේ :)
    කසුන් කොල්ලා ඔහොම යන් ඔහොම යන් [අන්තිමට කොහොම ඉවර වෙයිද දන්නේ නැහැ. ඒත් කොල්ලෙක්නේ අපි පොරට wish කරන්න එපායැ]

    ReplyDelete
  3. මචන් උඹ මේකට FB Group එකක් හදලා අළුත් post එකක් දැම්මාම ඒකෙන් message එකක් එවපන්. එතකොට කියවන්න ලේසියි

    ReplyDelete
  4. හසිතට - අනේ මන්ද බං.මෙහෙම ගිහිං කොහෙං ඉවර වෙයිද දන්නෙ නෑ :))

    එලකිරි,මම අදම හදන්නං ගෘප් එකක්

    ReplyDelete
  5. ලස්සන කථාවක්

    ReplyDelete
  6. බොහෝම ස්තුතියි හසී :)

    ReplyDelete
  7. අහ් සහෝදරයා....ඔබ තුමාද මේක ලියන්නේ....එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....

    හික්ස්....පට්ට කතාව.....ලියමු ලියමු....අපි ඉතිං කියවන්නම්.....

    ReplyDelete
  8. ඇයි හසියො ඒ?මම හින්ද ශේප් කිව්වේ?මොනා වුණත් ස්තුතියි කොමෙන්ටුවක් දුන්නට

    ReplyDelete
  9. එල එල, කතාව නැගල යනවා.ඔහොම යන් ඔහොම යන්...

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය