Monday, July 9, 2012

නොකරපු වරද.....


 නොකරපු වරද..... 



කොච්චර අමතක කළත් ,
අමතක කරන්නම බැරි එකම දේ ,
මට ආයෙමත් වද දෙනවා... 
අමතක කළා කියලා හිතාගෙන හිටියට ,
එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...
ඇස් වලට කඳුළු පුරවන්න ,
මුළු ඇඟම හිරිවට්ටන්න,
තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා... 

කොහොම තේරුම් කරන්නද!!! 
කාට තේරුම් කරන්නද!!! 
නොකරපු වරදකට,
වරදකරුවෙක් කරන්නෙපා කියලා,
කාට කෑ ගහන්නද මම??
ඔයාට ඇහෙනවනං,
ඒ දේ කරන්නෙපා මට,
කවමදාවත්....

ජීවිතේ කරපු එකම එක වැරැද්ද,
ඔයාගේ ආදරේ තේරුම් නොගත්තු එක...
ඒ එකම එක වැරැද්ද නිසා,
මම හැමදාමත් දුක්විඳිනවා,
ජීවිතේ පුරාවටම...

පුළුවන් වුණොත් ,
කවමදාකහරි , සමාවෙන්න මට...

මම කරපු වැරැද්දට...
නොකරපු වැරැද්දට නෙවෙයි....



ප.ලි. : පලිගන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැහැ මගේ... තවත් රිද්දන්න එපා... තේරුමක් නැහැ...


1 comment:

  1. නොකරපු වරදකට විදවීම කියන එක ගැනනම් කියන්න කොච්චර දේවල් තිබුනත් කියන්න හිතෙන්නෙ නෑ..
    ලස්සණ නිර්මාණයක්..නිර්මාණයකට එහා ගිය දෙයකුත් තියනවා වගේ පේනවා..මම හරිද දන්නෙ නෑ.

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය