Friday, June 29, 2012

කලකට ඉහතදී , ඈ මට ලියූ පද පෙලක්....


ඈ මට ලියූ පද පෙලක්....


පින්න මල් කැකුළු මත
සැලෙන පිණි පොද වෙලා,
කඳු සිරස සිප හමන
සුළං රැල්ලක් වෙලා,
ගිනි ගැනුණු කතරකට
උදක සිසිලස වෙලා,
ලෙලෙන මල් යාය සේ
නුඹේ දිවි සරසලා....


පතා ආ ජීවිතය
ඔය දෑතේ රඳවලා,
සදාකල් සිටින්නට
ආදරෙන් එක්වෙලා,
තරු පිපුණු රෑ අහසේ
සඳක් සේ ලංවෙලා,
අවසරද රැඳෙන්නට
උණුහුමේ දැවටිලා.....

******

4 comments:

  1. මේක ඇත්තටම එයා ලියපු එකක්ද? එහෙමනම්.............උඹ දන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං , ඇත්තටම එයා ලියපු එකක්... එකක් නෙවෙයි , පොතක්ම තියෙනවා දෙන්නම එකතුවෙලා කාලෙකට කලින් ලියපු.....

      Delete
  2. පොතක්ම :ඕ දාපන් දාපන් අපිටත් බලන්ට.

    ReplyDelete
    Replies
    1. :) දාමු දාමු..... වෙලාව තියෙන හැටියට ටික ටික දාන්නම්... ස්තුතියි මේ පැත්තේ ආවට... අයෙමත් ඇවිත් යන්න එන්න...

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය