Friday, June 22, 2012

ආදරේ විකිණුවා.....

~~ ආදරේ විකිණුවා ~~



සල්ලි දීලා 
ගන්න බැරි
මගේ ආදරේ
ඔයාගේ අප්පච්චිගේ
සල්ලි ඉස්සරහා
අසරණ වෙද්දී
හිනාවෙවී බලං ඉන්න
බැරි හන්දද
කඳුළු පුරෝගෙන
බොරුවට ඇඬුවේ??
ඒ කඳුළුවල
ලියවිලා තිබුනේ
අපේ ආදරේට වඩා
ඔයාට ඔයාගේ
සල්ලි ලොකුයි කියලා
මම කවදාවත්
හිතුවේ නැහැ
ඔයාට මාව ඈත් කරන්න
මෙච්චරටම ඕනි වෙයි කියලා
ඒත්
සල්ලි පුරෝගෙන ආපු
වාහනවලින් බැහැපු
උදවිය ගෙනාපු
යෝජනා ඉස්සරහා
ඔයා අපේ
"ආදරේ විකුණුවා"
.........
මතක තියාගන්න
කවදාහරි ඔයාට
සල්ලියි කඳුළුයි විතරක් ඉතිරිවෙයි
අන්න එදාට
ඔයාට ආයෙමත්
මාව ඕන වෙයි
ඒත්
එදාට ඔයා
පරක්කු වැඩියි....


4 comments:

  1. හ්ම්ම්ම්ම්....ඇත්ත....

    ReplyDelete
  2. සල්ලි බල්ලෝවත් නොකන සල්ලි :(

    ReplyDelete
    Replies
    1. ඒත් , හැමදාම , හැමතැනම , ජීවිතේ වෙනස් කරන්නෙත් ඒ සල්ලිමයි බං!!! නේද??

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය