Wednesday, July 27, 2011

අමතකයි මට මාව...

ගොඩක් දවසක් බලන් හිටියා
මුකුත්ම නොලියා
බය හිතුනා
මට මං ගැනම
සැක කලා මම
අමතකද මට මාව??

සිතුනා නෙකවරක්
මැකීයයි මා
සදාතනිකව
කාලයේ වැලි තලාවෙන්...

කියන්නට යලි
මගේ හැඟුමන්
ගොතන්නට තව
කතා අහුරක්
ආවා යලිත්
සුපුරුදු සෙහනෙහසින්

ඒත්
අමතකයි මට මාව...
මතක් කරලා දෙනවාද මට මාව?

6 comments:

  1. මම කියවාපු ලස්සනම කතාව තියන මේ බ්ලොග් එක මට නම් කවදාවත් අමතක වෙන්නේ නෑ ..

    අලුතෙන් කතාවක් ලියනතුරු ..අපි බලා ඉන්නවා මචෝ !!

    ReplyDelete
  2. ඔබට අමතක වුවද ඔබ
    අපට අමතක නැත ඔබව

    ReplyDelete
  3. ඔයාට ඔයාව අමතක උනාට...මටනම් තාම මතකයි ජංජාල චාමරයව
    :i ...

    කාලෙකට පස්සෙ ආයෙමත් ලියන්න ගත්ත එක නම් හොඳයි මල්ලි

    ReplyDelete
  4. @හිස් අහස ස්තුතියි මචෝ!! අනිවා එකක් ලියවෙනවා..ලඟදීම...

    ReplyDelete
  5. @චතුර.... ස්තුතියි මා අමතක නොකලාට ...

    ReplyDelete
  6. @දිල් ස‍්තුතියි දිල් අක්කියෝ!! කාලෙකට පස්සෙ ලියන්න පටන්ගන්න එක මෙච්චර අමරු වෙයි කියලා කවදාවත්ම හිතුණේ නෑ!!! ඒත් කොහොමහරි ලියනව ඉඩ ලැබෙන හැටියට!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය