Monday, November 7, 2011

පිපාසය ..


පිපාසය ..




සංසිදුවාලන්නම් මා නුඹව ,
මගේම ඛේටයෙන්,
ලදොත් විනා නොබොන්නෙමි ,
දිය උගුරක්‌ පවසට,
නොසංසිදෙන දිය ඌලකින් මිස....

- මගේ මිතුරියක විසින් රචනා කරන ලද , ආදරය හා ජීවිතය ගැන සිතන්නට යමක් ඇති නිදහස් පද ගැලපුමක් -

Sunday, November 6, 2011

සයුරට ලියමි..


සයුරට ලියමි....



හඬන නුඹ ලඟට,
දුවන් ඇවිත්,
නුඹව සිප වැළඳ ගන්නට ,
දුක බෙදා ගන්නට ,
ආසයි .....

ඒ නිසා ,
මං එනකං බලාන ඉන්න.....

අද සවස් යාමේ,
මං එනවා ,
හඬන සිත නිවා ගන්න ,
නුඹට තුරුල් වෙන්න.....