ලස්සනයි ඔය ඇස්
තුරුළු කරගත්තා මගෙ ඇස්කතා කරන ඒ ලස්සන ඇස්
ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්
එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
මාව වශී කරගත්තා ඔය ඇස්
ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
හීන ලොවක මා රජ කල ඒ ඇස්
දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්
කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස්