Wednesday, June 16, 2010

මොහොතක මතකය.....

~~~ මොහොතක මතකය ~~~

සීතලයි ඔය අත්ල,
පුදුම සිනිඳුයි,
මොහොතකට වුණත්,
හිත නතරවුණා...

ඇස් දෙක මාව මඟහැරියත්,
හිත ගැස්සුනා කියලා,
මට දැනුනා...
ඇඟිලි තුඩුවලින් මගේ අත,
මිරිකගත්තේ ඒ නිසා නේද?


නමවත් දන්නේ නෑ,
හමුවුණෙත් මොහොතකට,
ඒ වුණත්,
දැනගෙන හිටියා වගේ,
ආත්ම ගානක්....

මමත් ඔයාගේ,
අත්පොඩිය තවත් මිරිකගත්තේ,
සිනිඳු ඔය අත්ලේ සීතල,
හිතට දැනුනු නිසා,
ආත්මයට කා වැදුණු නිසා....

ඒ අත්ල,
සිපගන්න තිබුණානම්,
තුරුළුකරගත්තානම්,
සුවපත් වෙන්න තිබුණා,
මගේ හිත,
තවත් ආත්ම ගානකට.... 


අහිංසකකම පිරිච්ච,
ඔය ඇස්,
මං දිහා බැලුවා මතකද?
දෙතුන් වතාවයි....

ඒත් ඇස් මට කීව කතාව,
හරිම දිගයි,
මගෙ හිත ඔයාට දැනුණා,
"ඔයා මට ආදරෙයි නේද?"
එහෙම නේද ඇහුවේ?
මට දැනුණා....


ඒත්,
මොහොතකින්,
මාව දාලා යන්න ගියා....
නමවත් කිව්වේ නෑ!
මගේ නම ඇහුවෙත් නෑ!

ඒත් මට හිතුණා,
ආපහු හම්බවේවී,
කවදා කොතනකදී හෝ,
ඒ නිසා,
සමුදුන්නා මොහොතකට.....

මුණ ගැහුණාම ආපහු,
මතක් කරන්නම් හමුවීම,
ඔයාට අමතකවෙලා තිබුණොත්,
ඒ පුංචි කාලෙට.... 
 

13 comments:

  1. ඔයාට අමතකවෙලා තිබුණොත්,
    ඒ පුංචි කාලෙට....

    ReplyDelete
  2. අහිංසකකම පිරිච්ච,
    ඔය ඇස්.....!

    ReplyDelete
  3. හිත දන්නවා ආයෙමත් දවසක හම්බ වෙනවා කියලා...හිත ඇතුලේ හිර වෙච්ච ඔක්කොම තියාගෙන බලාගෙන ඉන්නවා...ආයෙමත් දවසක දකින්න....අර අමකත උන මතකය මතක් කරලා දෙන්න...

    අපූරු කතාවක්...හිතට දැනුනා

    ReplyDelete
  4. @ කොඩී සහ DK - සෑහෙන්න බොක්කට වැදිලා වගේ! :)

    ස්තුතියි මේ පැත්තේ ආවාට සහෝ!! :)

    @ දිල් - ස්තුතියි සහෝදරී! :)

    ReplyDelete
  5. වැදුන සැරටම, ගොඩක් අමාරුයි... ;)

    ReplyDelete
  6. @ කොඩී - බීපංකෝ සිද්ධාලේප අසමෝදගම්!! :)) කොහෙන් ගියාද නෑ අමාරුව!!

    ReplyDelete
  7. හික්ස්....මේ අමාරුවට ඒව හරියන්නේ නෑ.. ;)

    ReplyDelete
  8. නියමයි ලොක්කා. ඒක නෙමෙයි උඹ කවි ලිය ලිය ඉන්නේ කතාවට මොකද වුනේ ?

    ReplyDelete
  9. @ කොඩී - ම්...ම්....කවුරුහරි හම්බුනාම අමාරුව හොඳ වෙයි බං...එතකං ඉවසල ඉන්න වෙනවා වගේ :(

    @ Hasitha - ආහ්...ඒක ටයිප් කරමින් පවතිනවා...හෙට ඒක අනිවා දාන්නං බං :)

    ReplyDelete
  10. @ජංජාල චාමර

    හම්ඹුනාම තමයි අමාරුව එන්නෙ ;)
    ඔව් ඔව් ඉක්මනට කතාව දාපන් :)

    ReplyDelete
  11. දෙසැරයක්ම කියෙව්ව... හිත අතීතයට ගියා. ලස්සන නිර්මානය..

    මේ ඒක නෙමෙයි උබ අර කතාව ලියන්නෙ නැද්ද ?

    ReplyDelete
  12. මරු මරු

    ReplyDelete
  13. @ කොඩී - හික්ස්...කතාව හෙට දානවා මචෝ.අනිවා!

    @ පිස්සා - ස්තුතියි මචෝ!!ලියනවා මචං,හෙට දාන්නං.පොඩ්ඩක් බිසී මේ දවස්වල.අනිවා දානවා!

    @ Hasitha ජයසූරිය - ස්තුතියි සහෝ!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය