සඳුනි ජීවිතේ හැම මොහොතක්ම සතුටින් හිටපු කෙනෙක්.ජීවිතේ ගැන හැමවෙලේම තෘප්තිමත්ව කතාකරපු කෙනෙක්.ඒවුණාට එයා තමංගේ මුලු ජීවිතේම දුක්විඳපු කෙනෙක් කියලා මම දැනගත්තේ සෑහෙන කාලයක් ගිහිල්ලා.
***
"කසුන්.."
"ම්...."
"මම දවසක් ඔයාව පොරොන්දු කරගත්තනේ මගේ පවුලේ අය ගැන අහන්න එපා කියලා?"
"ඔව්.මම අදවෙනකන් ඒ පොරොන්දුව කැඩුවේ නෑනේ සඳුනි?"
"ඇත්ත.ඒකයි මම හැමදාමත් කියන්නේ ඔයා වගේ යාළුවෙක් ලබන්න මම කොච්චර පිං කරලා තියෙද කියලා.
ඒත් මට අද මගේ ජීවිතේ මම ඔයාට නොකියපු ඒ කතාවත් කියන්න ඕනි කසුන්.මම මේ ගැන කිසිම යාළුවෙක්ටවත් අද වෙනකං කියලා නෑ.ඒත් මට මේ විභාගේ ගැන තියෙන පීඩනෙත් එක්ක මේක තවත් හිතේ තියාගෙන් ඉන්න බෑ කසුන්."
ඒ ඇස් දුකෙන් පිරිලා.හිතපුරාම සඳුනි දුක්විඳින විත්තිය ඒ ඇස්වලින් මට දැනුණා.
"කියන්න සඳුනි.මම අහගෙන ඉන්නවනේ.මටත් ආසයි ඔයාගේ පවුලේ උදවිය ගැන දැනගන්න."
ඒ ඇස්වලට කඳුලු ඉනුවා.මම හේතුවක් දැනගෙන හිටියේ නෑ.
"මගේ යාළුවෝ හැමෝම හිතාගෙන ඉන්නේ මගේ අම්මයි තාත්තයි ඉන්නෙ රට,ඒ හින්දා මම මගේ පුංචිඅම්මා ගාව ඉන්නේ කියලා,ඒත් ඇත්ත ඒක නෙවෙයි...."
මම මේ වාඩිවෙලා ඉන්න තැන ඉඳගෙන,එදා සඳුනි එයාගේ ජීවිතේ ගැන මං ඉස්සරහා දුක,කඳුලු පිරුනු කතාවකට මුල පිරුවා.
අපි ගොඩාක් සතුටින් හිටියා.හැම සති අන්තෙකම අපි කොහේ හරි ඇවිදින්න යනවා.හුඟාක් වෙලාවට එන්නේ කොටුව පැත්තට.ඇවිත් රෑවෙනකංම ඉඳලා රෑටත් කොහෙන් හරි කඩේකින් කාලා බීලා සතුටුවෙලා තමයි යන්නේ.එතකොට මමයි අයියයි හරිම පොඩියි.
ඒත් කොහෙදෝ හැංගිලා තිබුණු අවාසනාවක් අපේ පුංචි පවුල හොයාගෙන ආවා.
මට අවුරුදු 8දී , මගේ අයියා අපිව දාල යන්නම ගියා!ඒ ඇක්සිඩන්ට් එකකින්.අයියා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට පාරේ ගිය බස් එකක් ඇවිත් අයියව අපෙන් සදහටම වෙන්කලා..
අපේ අම්මයි තාත්තයි , අයියගේ මරණේ නිසා සම්පූර්ණයෙන්ම මානසිකව වැටුණා.මට මතකයි අම්මයි තාත්තයි මාව බදාගෙන අඬපු හැටි.
සතිගාණක් යනකං අපි බඩපිරෙන්න බත් කටක් කෑවේ නෑ.මම ඒ කාලේ පොඩි එකා වුණත් මටත් අයියා නැති දුක ගොඩාක් දැනුණා.අයියා නැතුව මුළු ගේම පාළුවෙලා ගියා.
අයිය නැතුව මගේ මුළු ලෝකෙම පාළුවුණා.මගේ ලෝකේ මම තනිවුණා.අපේ අයියා මට ගොඩාක් ආදරෙන් හිටියේ.කවදාවත්ම රංඩුකරලා නෑ මාත් එක්ක.කවදාහරි මම දෙයක් ඉල්ලලා කෑ ගැහුවොත් ඒ දේ මට දීලා එය සතුටින් බලං හිටියා මිසක් වචනයක්වත් කියන්නේ නෑ එයා.එච්චරටම අහිංසකයි.මම අදටත් දුක්වෙනවා මගේ රත්තරං අයියා වෙනුවෙන්..."
සඳුනිගේ ඇස්වල තිබුණු කඳුළු කැට හෙමිහිට කම්මුල් දිගේ පහලට රූටනවා මට පෙනුණා.ඒ කඳුළු පිහදන්න තරං මට හයියක් තිබුණේ නෑ.සඳුනිගේ කතාවට සමවැදිලා උන්නු මටත් දැනුණේ මගේ හිතේ ගින්දරක් පත්තුවෙනවා වගේ.
මොහොතකට නිහඬ වුණු සඳුනි ,සුදුම සුදු පුංචි අත්දෙකෙන් කඳුළු පිහිදගෙන ආපහු කතාව පටංගත්තා... ;
"අයියා නැතිවෙලා ටික කාලයක් යනකොට තාත්තයි අම්මයි අතරේ ආරවුල් ඇතිවෙන්න පටංගත්තා.ඒකට හේතුව අදටත් මම දන්නේ නෑ!
රංඩුවෙලා ගෙදරින් යන තාත්තා සමහර දවස්වල ගෙදර එන්නෙත් නැහැ.ආවත් වැටෙනකංම බීල බීල වෙරි මරගාතෙං තමයි ආවේ.හැබැයි තාත්තා කොච්චර අසිහියෙන් හිටියත් අම්මටවත්,මටවත් කවමදාවත් අතක් ඉස්සුවේ නෑ.
ඒත් ඒ ආරවුල් හැමදේම ඉවරවුණේ මට අවුරුදු එකොලහක් වෙද්දී අපේ තාත්ත අපිව දාලා යන්න ගියාමයි.
මම දැනං හිටියේ නෑ ; ඒත් මම ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස්වෙලා කියන සතුටු ආරංචියත් අරගෙන ගෙදර එනකොට , අපේ අම්මා ගෙදර මුල්ලකට වෙලා අඬ අඬා ඉන්නවා.ආත්තම්මයි , පුංචි අම්මයි අපේ තාත්ත ගැන කිය කියා හොඳටෝම සාප කරනවා.මට මුකුත් තේරුණේ නැහැ.
පස්සේ කාලේක තමයි මට මේ දේවල් තේරුං ගන්න පුළුවන් වුනේ.ඒත් මම කවමදාවත් මගේ තාත්තට වෛර කළේ නැහැ!
මම මගේ තාත්තට අදත් , එදා වගේම ආදරෙයි.මොන වරදක් කළත් , ඒ මගේ තාත්තා...."
මම මේ ඉන්නේ සැබෑ ලෝකේද , හීන ලෝකෙද කියලා මටම හිතාගන්න බැරිවුණා.මෙච්චර සතුටින් ඉන්න සඳුනිගේ ජීවිතේ මෙච්චර දුකක්??මට විස්වාස කරන්නත් බෑ.ඒත් ඒ හැමදේම මගේ ඉස්සරහම ඇත්ත වෙනවා.
සඳුනි ගාළුකොටුවෙන් එපිට මහ සාගරේ ඈත සිතිජයට ඇස් යැව්වා..සමහරවිට ඈත ආකාසේ , එයාට එයාගේ තාත්තගේ රූපේ මැවිලා පේන්න ඇති.
"තාත්තා අපිව දාලා යද්දී අපේ ගෙවල් දොරවල් හැමදේම ණයතුරුස්වලට උකස් වෙන්න ඔන්න මෙන්න තත්වයක් තිබුණේ.අපි වටේ හිටපු නෑඳෑයො , හිතවත්තු හැම දෙනෙක්ම අපෙන් ටික ටික ඈත්වෙන්න පටං ගත්තා.අපේ ගෙදර මූසල ගෙයක් විදියටයි එයාල හිතුවේ.
ඉතිං මේ හැමදේමත් එක්ක මාවත් උස්මහත් කරන්න අපේ අම්ම නොවිඳි දුකක් නැහැ.අන්තිමට අම්මා තීරණය කළා රට යන්න.මොකද අම්ම හොයපු සොච්චමෙන් අපිට ජීවත් වෙන්න හරිම අමාරුවුණා.මාව පුංචි අම්ම ගාව නතර කරපු අම්ම,මීට අවුරුදු හතරකට විතර කලින් , ඩුබායි යන්න පිටත් වුණා.
අම්මා කලමනාකරණය ඉගෙනගෙන තිබුණු නිසා හොඳ ආදායමක් තියෙන රස්සාවක් හොයාගන්න අම්මට අමාරුවුණේ නැහැ.ඉතිං අම්ම එහෙම හම්බුකරලා එවපු සල්ලිවලින් මං හොඳට කාලා , ඇඳලා හිටියා.ඒ වගේමයි මම හොඳට ඉගෙනගත්තේ , කවදාකහරි අපේ අම්මව සතුටින් තියනවා කියන අරමුණෙන්.
ඒත් අවාසනාව මගේ පස්සෙන්ම ආවා.මගේ අහිංසක අම්මා ; මාව උස්මහත් කරන්න සල්ලි හොයන්න රට ගිය අම්මා ; එහෙදි දරුණු උණ සන්නිපාතයක් හැදිලා , මාව මේ ලෝකේ කාත් කවුරුත් නැති අසරණියක් කරලා , මාව දාල යන්නම ගියා!
අපිට අම්මගේ බොඩීඑකවත් ලංකාවට ගෙන්න ගන්න බැරිවුණා.
අන්තිමට මං වෙනුවෙන් දුක් විඳපු අම්මා , මගේ මූණවත් දකින්නේ නැතුව , නන්නාඳුනන රටකදී මාව සදහටම තනිකරලා යන්න ගියා....."
ඒ වචන ටික අමාරුවෙන් ගොනුකරපු සඳුනි නිහඬවුණා.
හරියට එයාගේ මුලු ලෝකෙම නිහඬවුණා වගේ.
මෙච්චර දුකක් විඳගෙන ජීවත් වෙන්න කොච්චර ධෛර්යක් ඕනිද!කෙල්ලෙක් වෙලත් සඳුනි ඒ දුක දරාගෙන , ජීවිතේ අරමුණක් ඇතුව ජීවත්වෙනවා දැක්කාම පුදුමත් හිතෙනවා.
සඳුනිගේ කතාව නිසා මම ගොළුවුණා.කියන්න ඕනි මොනවද කියලා මමවත් දැනං හිටියේ නෑ!
මේ වගේ කතා මම මීට කලින් කියවලා තිබුණේ කතාපොත්වල විතරයි.මම කවදාවත් හිතුවේ නෑ , මේ වගේ දේවල් සැබෑ ලෝකෙදි සිද්ධවෙනවා කියලා.ඒත් විස්වාස කරන්න බැරි ලෝකේ , මේ වගේ කතාත් තියෙනවා කියලා මට එදා තේරුණා.
ඇතිවුණ නිහඬබව බිඳගෙන සඳුනි කතා කළා ;
"කසුන්,මොකද වුණේ?එකපාරටම මුළු ලෝකෙම අමතක කරලා වෙන ලෝකෙකට ගියාද?"
අහිංසකී...
"හ්ම්...."
සඳුනි අසරණ විදියට හිනාවුණා;
"ජීවිතේ ඔහොම තමා කසුන්.කාටත් ජීවත් වෙන්න දුක් විඳින්න වෙනවා.ඒක තමයි ජීවිතේ හැටි.සමහරු පොඩි පොඩි සිද්ධි නිසා ජීවිතෙන් පැනලා යන්න හදන්නේ ජීවිතේ ගැන හරිහැටි තේරුං ගන්න බැරුව.මාත් ඒ විදියට හිතුවනං , මම මේ වෙනකොට දහස්වතාවක් මැරිලා කසුන්!"
"ඒත් ඔයා ආදරේ කරපු හැමකෙනෙක්වම ඔයාගේ ජීවිතෙන් උදුරගෙන යන්න තරං ඔයාගේ දෛවය ඔයාටම නපුරුවෙලා!"
"ඔව් කසුන්.ඒත් ඒ දේවල් සිද්ධවෙන්න තිබුණු දේවල් වෙන්න ඇති.ඒත් ඒ හැමදේම වුණාටත් පස්සේ,ඔයා වගේ සහෝදරයෙක් , යාළුවෙක් මට ලැබුණෙත් ඒ දෛවය නිසාම නේද?
මගේම සහෝදරයෙක්ට වගේ ආදරේ කරන්න පුළුවන් ඔයා වගේ මිතුරෙක් මට ගෙනත් දෙන්නත් , ඒ දෛවයම තීරණය කළා නේද කසුන්?"
මට ඉබේම සඳුනි දිහා බැලුණා.
"ඔව් කසුන්...මගේ ජීවිතේට ආපහු මගේම අයියා ආවා වගේ.ඒ අහිංසකකම , ඒ ආදරේ , ඒ සුවඳ... ඒ හැමදේමත් ඔයාගාව තියෙනවා කසුන්.මේ ලෝකේ කාත් කවුරුවත් නැතිව තනිවුණ මට , මගේම කියලා කෙනෙකුට ඉන්නේ ඔයා විතරයි කසුන්.මට දැන් තියෙන එකම බය,ඔයාව මට කවදාහරි නැතිවෙයිද කියලයි කසුන්!"
ඒ අහිංසක ඇස් කතාකරනවා.
දුක,කඳුළු,මතක, ඒ ඇස්වලින් දෝරේ ගලනවා.
ඒ ලස්සන මූණ දිහා බලං ඉන්න තවත් මට දහිරියක් තිබුණේ නෑ!මගේ හිතත් ඇඬුවා.මගේ ඇස්වලට කඳුළු ඉනුවේ මටත් නොකියාමයි.
"නෑ සඳුනි , කවදාවත්ම නෑ!ඔයාගේ තනියට , මං හැමදාමත් ඔයා ලහින්ම ඉන්නවා."
නොදන්න අනාගතයක් වෙනුවෙන් මම , එදා සඳුනිගේ සීතල අත අල්ලගෙන දුන්නු පොරොන්දුවට , අදටත් ගාළුකොටු බැම්ම සාක්ෂියි!
----------------------------------------------------------------------------------------------
සඳුනි...
අඬන්න එපා,
මම ඉන්නවනේ ලඟින්,
දුකක් දැනුනොත් මට කියන්නකෝ,
මම ඒ දුක මගේ කරගන්නං,
ඔයා අඬන්න එපා,
කඳුලු මට දෙන්න,
ඔයා වෙනුවට මම අඬන්නං,
ඔයා හිනාවෙලා ඉන්න,
හැම මොහොතකම,
ජීවිතේ සතුටින් ඉන්න,
ජීවිතේම මගේ ලඟින් ඉන්න,
ආදරෙන් බලාගන්නං,
මගේම නංගියෙක් වගේ...
සත්තයි,
මගේ හුස්ම තියෙනකං,
ලඟින්ම ඉන්නං ,
මගේ ජීවිතේම,
ඔයා වෙනුවෙන්,
පූජා කරන්නං,
මගේ ආදරණීය නංගියේ..
ඔයාගෙම අයියා,
කසුන්ගෙන්...
----------------------------------------------------------------------------------------------
-මතු සම්බන්ධයි-
4 - 5 දෙකම බැලුවෙ අද... කලින් අහන්න බැරි උනා... මේක ඇත්ත කතාවක්ද ???
ReplyDeleteමට තේරුම් ගන්න බැරි තැන.. සඳුනි ආදරේ බලාපොරොත්තු වෙද්දි ඇයි කසුන් සහෝදරයෙක් විදියට සදුනි දිහා බලන්නේ ???
@ පිස්සා - නෑ මචෝ!මේක මම හිතලා ලියපු එකක්.
ReplyDelete( දැන් ඉතින් බොරුවක් කියලා නොකියවා ඉන්න එපා! :b )
මේක මගේ උසස්පෙළ ව්‍යාපෘතියට ලියපු කතාව.පොඩ්ඩක් සංස්කරණය කරලයි තියෙන්නේ.
උඹේ ප්‍රශ්ණේට උත්තරේ , ප්‍රශ්ණේ ඇතුළෙම තියෙනවා මචෝ!සඳුනි ඉල්ලන්නේ මිත්‍රත්වයක් විතරයි,ආදරේ ඉල්ලන්නේ සහෝදරයෙක්ගෙන් ඉල්ලන විදියටයි.
අපෝ නැහ බන් එහෙම කරනවද. එහෙනම් ඉතින් ඔය පොත් පත්තර ටිව් බලන එකත් නතරක කරන්න වෙනවා.
ReplyDeleteම්ම්ම් මට තේරුනේ සඳුනි ආදරයක් ඉල්ලුවා කියලා.. දිගටම ලියපන්කො... ගාලු කොටුව ගැන ලියද්දි ඉස්සර කාලෙ මතක් වෙනවා.
සහෝදර ප්‍රේමයෙන් ඔබ්බට යාමක් ඉස්සරහට තියෙනවා වෙන්න ඕනේ මට නම් හිතෙන විදිහට.
ReplyDeleteකතාව ලස්සනට ලියනවා...
ReplyDeleteඅපි හැමදාම කියවනවා......
දිගටම ලියන්න.
@ පිස්සා - ස්තුතියි මචෝ!
ReplyDelete@ Hasitha - අනේ මන්දා බං!කොහොමින් කොහොම වෙයිද දන්නේ නෑ!මාත් තාම බලං ඉන්නවා :c
@ ඉලංදාරියා - ස්තුතියි මචෝ!
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් !
ReplyDeleteහොඳ සංවේදීව ලියලා තියෙනවා....අපූරුයි
කතාව නම් නියමයි මචං, ෆුල් සෙන්ටිමෙන්ටල්.... :d
ReplyDeleteඉක්මනට දාපු එක නම් ලොකු දෙයක් :n
@ දිල් - ස්තුතියි සහෝදරී!
ReplyDelete@ කොඩී - තැන්කූ මචෝ!! හික්ස් , උඹල කෑ ගහපු නිසා අද උදේ වරුවම අරං ඔන්න ටයිප් කොරල දැම්මා දිගම දිග කොටසක්! :p :a
අඩේ ගාලු කොටුව විතරමද මේ ලව් සීන් වලට යන්නේ ~~~~~~
ReplyDeleteආ අනික ,මේකේ නංගි අනේ වාසනාවන් , ඒකට අපේ ගෙදර නියුක්‍රිලියර් බෝම්බය !!!
දිගටම ලියන්න , ජය !!!
@ හිඟන්නා - මචෝ , මම මුලින්ම කිව්වා වගේ මේක කෙටි නවකතාවක්.
ReplyDeleteපිටු 300ක් විතර,චරිත 20ක් විතර,තැන් 50කදි විතර කාපු බීපු,අලගිය මුලගිය තැන්වල විස්තර තියෙන්නේ දීර්ඝ නවකතාවලනේ මචෝ!
අනේ මන්දා , මම කතාව වෙනසක් කරන්නේ නැහැ.මොකද මම පොරොන්දු වුණානේ ප්‍රවීනා , මහගෙදර වගේ වැල්බයිලා නැතුව ඉවර කරනවා කියලා.ඒ පොරොන්දුව ඉහලින්ම ඉෂ්ඨ කරනවා මම. :d
අනේ මංදා මේ වගේ නංගිලා හොයන්නනං බෑ තමයි!
ස්තුතියි ප්‍රතිචාරයට වගේම විවේචනයටත්!:q
නියමයි... ඔහොම යමු! :q
ReplyDeleteතැන්කූ සුමූ!
ReplyDelete:q
ReplyDelete:n
ReplyDeleteදිගටම ලියපන්.. මම කියවනව.. එල...
ReplyDelete@ ගිහාන් - ස්තුතියි අයියේ! :q
ReplyDeleteela ela . . niyameta kataawa yanawa . . . maxa . . . !!!1
ReplyDelete@ දුකා - thanks aiye! :a
ReplyDeleteකතාව ලස්ස්නයි,
ReplyDeleteඑත් , සදුනිට කාත් කවුරුත් නැත්නම් ඇයි කසුන් එක්ක සහොදර බැදිමක් ඇති කරගන්නේ,, එයාට කසුන් ට ආදරෙ කරන්න පුලුවන් නේ,, ,,, කසුන් ටත් පුලුවන් නේ සහොදරෙක්ට වඩා එයාට ආදරෙ දෙන්න,, එයාගේ පොඩි කලෙ නැතිවෙච්ච දෙමපිය සෙනෙහස,,, මෙ හැමදෙම කසුන් නිසා ලැබෙයි නේ,,, අනේ මන්ද,, මෙක මනකල්පිත කතාවක් නම් තමයි අයියේ,, එත් හිතුවක්කාරිගේ හිතට දැනෙන ප්‍රස්න නම් අනන්තයි...
@ හිතුවක්කාර සිත - ඔයාට හිතෙන හැමදේම ඇත්ත.මොකක් හරි හේතුවක් ඇති එහෙම නොවෙන්න.සමහරවිට අපි නොදන්න දෙයක්!:d
ReplyDeleteඅනික සඳුනිට තමන්ගේම අයියාගේ සුවඳ කසුන්ගෙන් දැනුණ නිසා,එයාට ආදරේට වඩා , සහෝදර බැඳීම හිතට දැනෙනවත් ඇති.
:k
අපි බලං ඉමුකෝ මොකද වෙන්නේ කියලා!:j
mcn mata ubata kiyanna thiyanna mechcharai
ReplyDelete" many can make paople cry by doing various things
but not many can make people cry by hurting the
hearts "
you did so.........
you made me hurt almost crided within me
@ HIM - I'm sorry if this is related to your life brother.But this is completely a fiction created by me.This is not a real story.Anyway,thanks for visiting my blog and commenting on my posts.Keep reading bro!cheerz! :q
ReplyDeleteමට නිකං මන්ද මොල් වගේ. දිගටම කියමුකෝ බලන්න
ReplyDeleteමචං අද තමයි මේක දැක්කේ...මේක කියවනකොට ඉබේටම කදුලු ගලාගෙන වැටෙන්නේ අයි බං....කියවන වාරයක් පාසාම හිතෙන්නේම මේක ඇත්ත කතාවක් කියලා...එල එල මචං දිගටම ලියන්න....
ReplyDelete@ හෙළයා - මන්ද මෝල්?අනේ මන්දා!
ReplyDelete@ ෴ හසියා ෴ - ස්තුතියි මචෝ...දිගටම කියවපන්.තව කොටස් දෙක තුනයි