"මටද කතා කළේ ?"
එයා හිමීට ඇහුවා.මාව හීතල උණා ඒ ලස්සන කටහඬ අහලා.වචන ගැලපෙන්නෙත් නැහැ.ඒත් මම අමාරුවෙන් වචන හොයාගෙන කතා කලා.
"ඔව්...ඔයා සඳුනි නේද?"
එයාගේ මූණ පුංචිම පුංචි හිනාවකින් පිරුණා.
"ඔව්.මම තමයි සඳුනි..ම්...මං හිතන්නේ මාත් ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා.....ම්..ම්.....කොලේජ් එකේ ප්‍රදර්ශනේදි නේද??"
"හ්ම්..මතකයි නේද?"
ඒක අහලා එයාටයි මටයි දෙන්නටම හිනා ගියා.මොකද අපි දෙන්නම අඳුනන්නැති ගාණට කතා කළාට , එයත් මං ගැන තරමක් හරි මතක තියාගත්තු විත්තිය මට වගේම එයාටත් තේරුම් ගියා.
"ඉතිං ඔයාගෙ නම කිව්වේ නෑනෙ මට"
එයා හිනාවීගෙනම මගෙන් අහනවා.ඒ හිනාවට අදටත් මම ආසයි.ඒ ලස්සන ඇස් කොහොම අමතක කරන්නද?හිනාවෙනකොට ඒ සුදු මූණේ තිබ්බ අහිංසකකම....
"මම කසුන්"
ඒ ලස්සන සුරංගනාවිට මම උත්තර දුන්නා.....
***
ඔන්න ඔහොමයි මම මුලින්ම සඳුනිත් එක්ක කතා කලේ.මම නොහිතපු ඒත් මම පතපු විදියටම එයා මගෙ ලඟට ආපහු ආවා.ඒක හරිම පුදුමයි.ඒත් , කාව හරි හම්බවෙන්න තියෙනවනං , අනිවාර්යයෙන්ම එයාව හම්බෙනවා කියන කතාව ඇත්ත කියල මට එදා හිතුණා.
එදා ඉඳන් අපි දෙන්නා යාළුවෝ විදියට ගොඩාක් ලංවුණා.හැමදාමත් සෙනසුරාදට පංතියේදි හම්බවෙලා කතාබහ කළා. පංති ඉවර වෙලා එකට බස් හෝල්ට් එකට ඇවිද්දා.ඒ අතරේ ගොඩාක් දේවල් කතාබහ කළා.ජීවිතේ ගැන , මිනිස්සු ගැන, අපි දෙන්නා කතාකළා.
හැබැයි අපි එකතුවුණේ මිතුරන් විදියටයි.කතාබහ කලේ මිතුරන් විදියටයි.මගේ හිතේ එයා ගැන තිබ්බේ මිතුරු බැඳීමක් විතරයි කියල කියන්න මට බැහැ.ඒත් ආදරේ කියන දේ හුඟාක් දුරයි කියල මට හිතුණා.අනික මිතුරෝ විදියට ඉඳලා දෙන්නා හොඳටම අඳුනගෙන ඊටපස්සේ ආදරේ කරන එක හොඳයි කියලයි මට හිතුණේ.ඒ නිසා මම වැඩිපුර දෙයක් සඳුනිගෙන් බලාපොරොත්තු වුණේ නැහැ,තිබුණු ලෙංගතු මිත්‍රත්වය හැරෙන්නට.එයත් කවමදාවත් මගෙං එහෙම දෙයක් බලාපොරොත්තු වුණා කියල ඉඟිකළෙත් නැහැ.
දැන් මට හිනා වෙන්න එපා,ඒත් ආදරේ කියන්නේ මිත්‍රත්වයෙන් ගොඩාක් දුර ගියපු දෙයක්.ඒත් හුඟාක් දෙනෙක් මිත්‍රත්වය කියන දේ වරදවා වටහාගන්නව ආදරේ කියලා.ඒ වැරැද්ද නිසා පස්සෙ කාලෙක හුඟක් දෙනෙක් දුක් විඳිනවා මම දැකලා තියෙනවා.ඉතිං ඒ නිසා සඳුනි මං ගාවට එනකං බලං හිටියා වගේම , එයාගේ ආදරේ ලබන්න තරං මම වාසනාවන්ත වේවිදෝ කියලා මම බලං හිටියා.
දවසක්දා ඒ මොහොත මාව හොයාගෙන ආවා.ඒත් ඒ මම නොහිතපු විදියකට.
හැමදාමත් වගේ මමයි සඳුනියි පංති ඉවරවෙලා ගාළු කොටුව ලඟ බස් හෝල්ට් එකට ගියා.

"කසුන් , යමුද අපි කොටුවට ? මට ආසයි ටිකක් වෙලා මුහුද දිහා බලං ඉන්න , ඔයත් එක්ක ටිකක් කතා කරන්න , නිදහසේ."
අකමැතිවෙන්න හේතුවක් තිබුණේ නැහැ.මමත් සඳුනිත් එක්ක නිදහසේ කතාකරන්න ඕනිකමින් තමයි හිටියේ.අපි දෙන්නා ගාළුකොටුවට ඇවිද්දා.ගිහිල්ලා මුහුද අයිනේ තිබ්බ බංකුවක වාඩිවුණා.සඳුනි මුහුද දිහා බලං හිටියේ පොඩි එකෙක් වගේ.මුහුදු සුලඟට එයාගේ ලස්සන කොන්ඩේ ලතාවකට ගැස්සෙනවා.
"කසුන් , ඔයාගෙන් මම දෙයක් අහන්නද?"
මගෙ හිතේ ගැස්ම වැඩිවුණා.මම බලං හිතපු මොහොතද මේ ?
"අහන්න සඳුනි "
" කසුන් , ඔයා කවදාහරි කෙල්ලෙක්ට ආදරේ කරලා තියෙනවද ? "
සඳුනි මගෙ ඇස් දෙකට එබිකං කරගෙන ඇහුවා.ඒ ලස්සන ඇස් දෙක දිහා බලාගෙන මම සඳුනිට ඇත්තම කිව්වා.
"මම හිතනවා කවදහරි මගේ ආදරේ මාව හොයාගෙන ඒවි කියලා.ඒ මොහොත එනකං මම බලං ඉන්නවා.සමහරවිට ඒ ආදරේ මට කවදාවත්ම නොලැබෙන්නත් පුලුවනි,ඒත් මම බලං ඉන්නවා සඳුනි."
සඳුනිගේ ඇස් වලින් මගේ ඇස් අමාරුවෙන් අයින් කරගත්තු මම ඈත මුහුද දිහා බලාගත්තා.මොහොතකට අපි දෙන්නම නිහඬ වුණා.
"ඔයා මට ආදරේ කරනවද කසුන් ?"
ඒ ප්‍රශ්නෙට මාව ගැස්සුනා.මගේ හිත මොහොතකට නතරවුණා වගේ දැනුනා.සඳුනි අහපු ඒ ප්‍රශ්නේ ඉස්සරහ මම මොහොතකට නිරුත්තර වුණා.
-මතු සම්බන්ධයි-
ඔන්න වැඩේ. කොල්ලා පොයින්ට් එකට එන්න කලින් කෙල්ල ඇවිත්. කෙල්ලට හිතෙන්න ඇති ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න තමා කියලා :)
ReplyDeleteහහ් හා...දැං කාලේ කෙල්ලො හරි දස්සයි කොල්ලන්ටත් වඩා!!! බලමුකෝ කසුන්ට හරියයිද කියලා :)))
ReplyDeleteකසුන්ට හරි යයි වගේ
ReplyDeletesha.eyta passe mokada une kiyala danagannakan iwasillak ne.
ReplyDeleteකොල්ලට කෙලවෙන සීන් එක තමයි ඊලගට එන්නෙ
ReplyDeleteනියමයි මචං කතාව නිකන් මල් වගේ නැගල යනව, ආසාවේ බෑ කියවන්න. ඉක්මනටම ඉතුරු ටිකත් දාමු නේ???
ReplyDelete@ හසිත - අපි බලං ඉමු මල්ලියෝ.කසුන් කියාගෙන යන විදියට , මටනං අමුත්තක් දැනෙනවා :))
ReplyDeleteකියන්න බැහැ මොනව වෙයිද කියලා , හොඳක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු අපි :))
@ milan - @ අපි බලං ඉමු , කසුන් කතාව කියාවි හිමීට.
( අනික මේක මහගෙදර , ප්‍රවීනා වගේ වෙන්නේ නෑ ඕං!!! :))) දැනටම කතාව ලියවිලා ඉවරයි , ටයිප් කරන්න විතරයි තියෙන්නේ )
@ අභීත - අනේ මන්දා බං.මාත් තාම බලං ඉන්නවා.කසුන්ම කියන්නේ නැතැයි.මගේ කතාවක්යැ , උගෙනේ මේ කතාව :))
@ කොඩි - බොහොම ස්තුතියි මචෝ ප්‍රතිචාරයට :))
බයවෙන්න එපා,ඉක්මනටම ඊලඟ ටිකත් දානවා.අර කලිනුත් කිව්වා වගේ "මේක මහගෙදර,ප්‍රවීනා වගේ වෙන්නේ නෑ ඕං!!!:))දැනටම කතාව ලියවිලා ඉවරයි , ටයිප් කරන්න විතරයි තියෙන්නේ "
ඒ නිසා බයවෙන්න කාරි නෑ :))
දිගටම ලියන්න අපි එන්නම් කියවන්න.
ReplyDelete@ ඉසිඹුව (isimbuwa) - ස්තුතියි :)
ReplyDeleteඅප්පා මරු කතාව දිගටම ලියන්න !!!
ReplyDeleteහිඟන්නා වෙත - ස්තුතියි සහෝ :)
ReplyDeleteonna dn ilangata kella kynawa "man gana thiyena balaporuththu athaara ganna kasun,mawa wena kenekta himi wela iwarai"
ReplyDeleteheheheh :P
@ බුද්ධික - හික්ස්...එහෙම වුණොත් කසුන්ට සොරිම තමයි.....අපි බලමුකෝ :)
ReplyDeletegreat hmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm cant wait
ReplyDeleteඅපි බලන් ඉන්නවා!!!!!!!!!
ReplyDelete@ WoW - හැබැයි ඔයා කතාව මුලින්ම කියවල තියෙනවා :))
ReplyDeleteමේක අදනේ සහෝ දැක්කේ... ගාලු පුරේ ආදරයක් වගේ තව... කොයි කාලේ සිද්දියක්ද මචන්...
ReplyDeleteඔක්කොම කොටස් ටික කියෙව්වා.... ඉක්මනට දාන්න ඉතුරු ඒවත්
@ පිස්සා - මේක මචං මගේ නිර්මාණයක්.ඇත්තටම කියනවානං මේක මගේ උසස්පෙළ ව්‍යාපෘතියට ලියපු කතාව පොඩ්ඩක් සංස්කරණය කරලා තමයි නිර්මාණය වුණේ.
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මන්ට දානව සහෝ!ස්තුතියි කියෙව්වාට!! :)
ලස්සනය යනවා . . කියවන්න්න ආස හිතෙනවා . . . පාසැල් කාලයේ සුන්දර මතකය වලාකුලක් වගේ ඇවිත් මාවත් වෙලා ගන්නවා දැනුනා . . .
ReplyDeleteඅශාන් (හිඟන්නා) මල්ලී ගේ බ්ලොග් එකේ දාලා තිබුනු ඇඩ් එක නිසායි දැනට ලියපු ටික ඔක්කෝම එකපාර කියෙව්වේ . .
@ දුකා - ස්තුතියි අයියේ!!ඊලඟ කොටස් ටිකත් කියවන්න මේ පැත්තේ ඇවිත් යන්න කියලා ආරධනාවකුත් කරනවා!
ReplyDeleteඅශාන්ගේ වැඩේ නම් පංකාදුයි!!කියලා නිමකරන්න බෑ!!
ලියනව නම් ඇත්තටම ලස්සනයි..කියවන්න එනවා ..ලියන්නකෝ...
ReplyDelete@ nimanthi - ඔන්න ලිව්වා ඊලඟ එකත්.සමාවෙන්න,පහුගිය දවස්වල වැඩ ටිකක් තිබුණා.ස්තුතියි ප්‍රතිචාරයට! :q
ReplyDelete