හැමදාම ආදරේ , ජීවිතේ ,දුක , සතුට ගැන ලිව්ව මම , අද ටිකක් වෙනස් දෙයක් ගැන පොඩි සටහනක් තියන්නයි මේ සූදානම.ඒ මගේ ජීවිත කතාවේ සුවිශේෂී සංධිස්ථාන සහ මගේ අම්මා,මං ගැන ලියපු කවියක් ගැන.
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු( පියා සහකාර විදුහල්පතිතුමෙක්.දැනට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ සේවය කරනවා : මව සාමාන්‍යපෙළ ගණිත ගුරුවරියක්.දැනට කොට්ටාව ධර්මපාල ම.වි. යේ සේවය කරනවා ).
ඉතිං පොඩි කාලේ ඉඳන්ම මගෙයි , අක්කගෙයි ( නම : හසිතා , වයස : 26 ) අධ්‍යාපන කටයුතු ගැන අම්මයි,තාත්තයි ගොඩාක් උනන්දු වුණා.ඒ ගැන හොයලා බැලුවා.
ඉතිං ඕකේ ප්‍රථිඵලයක් විදියටයි මම 5 වසරේ ශිෂ්‍යත්වේ ලකුනු 183 ක් එක්ක ඉහලින්ම සමත්වෙලා කොලඹ රාජකීය විදුහලට ඇතුළත්වෙන්න තරං වාසනාවන්ත වුනේ.( ඊට පෙර ඉගෙනගත්තේ කොට්ටාව ධර්මපාල ම.වි. යේ. )
ඉතිං රාජකීය විදුහලට ගියාට පස්සෙත් , මගේ ඉගෙනීම පිටිපස්සේ විශේෂයෙන්ම මගේ අම්ම හිටපු නිසා හුඟාක් සාර්ථකව ඒ කටයුතු කරගන්න මට පුළුවන් වුණා.ඉතිං ඔහොම ගිහිං සාමන්‍යපෙළටත් A 9 යි C 1 ( Eng.lit. ) යි විදියට ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න මට පුළුවන් වුණා.
ඊට පස්සේ උසස්පෙළට මම ගණිතය හදාරන්න පටං ගත්තා.මොකද මට ගණිතයට තිබුනේ ලොකු ආසාවක් සහ ලොකු මහන්සියක් නැතුව ලකුනු ගන්න පුළුවන් විෂයක් විදියට මට දැනුණේ ගණිතය විතරයි.උසස්පෙළ පංතිවලදිත් කිසිම ප්‍රශ්නයකින් තොරව මම කටයුතු කරගෙන ගියා.වාර විභාගවලිනුත් බොහෝවිට පංතියේ පළමු 3 දෙනා අතර ඉන්න මට පුළුවන් වුණා.( 1 වෙන්නනං කවදාවත් බැරිවුණා. )
ඉතිං ඉස්කෝලේ ගුරුවරු වගේම මගේ අම්මයි තාත්තයිත් මගේ උසස්පෙල ගැන ලොකූ බලාපොරොත්තුවකින් තමයි හිටියේ.
විභාගෙත් කිසිම අවුලක් නැතුව කලා කියලා මට දැනුනා.ඒත් අවාසනාවකට මගේ උසස්පෙළ ප්‍රතිඵලවුණේ ;
සංයුක්ත ගණිතයට- C :
භෞතික විද්‍යාවට- B :
රසායන විද්‍යාවට-B ;
Z-Score : 1.5428
D-Rank : 555 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 2096 ( සමස්ත දිවයිනෙන් )
ඉතින් ඔය ප්‍රතිඵලත් එක්ක මගේ ඉංජිනේරු සිහිනය තනිකරම බිඳවැටුණා.මාව තේරුණේ කොලඹ භෞතීය විද්‍යා අංශයටයි.මම මානසික වැටුණා.කිසිම විදියකින් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් ලැබුනු නිසා අම්මයි,තාත්තයි වගේම මගේ යාළුවොත් පුදුමවුණා වගේම දුක්වුනා මං ගැන.
( ඔය අතරේ හුඟාක් යාළුවෝ මට පෙන්නලා දුන්නා සැබෑ යාළුකමයි , බොරු යාළුකමයි අතර වෙනස!යාළුවෝ බොහෝම කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය මගෙන් ඇත්වුනා.
සමහර නෑඳෑයෝ පුදුම විදියට කිඹුල් කඳුලු හෙළුවා!යටිසිතෙන් මගේ වැටීම ගැන සතුටුවෙන ගමන්! )
ගෙදරින් කිව්වේ මට භෞතීය විද්‍යා අංශයට යන්න , මොකද ආපහු විභාගේ කරන්න ලෑස්තිවෙන්න තරං කාලයක් තිබුණේ නෑ වගේම පලවෙනිපාර මම මහන්සිවුනු තරමත් එක්ක දෙවෙනි පාරක් කළත් ප්‍රතිඵලවල වෙනසක් නොවෙයිදෝ කියන සිතුවිල්ල තිබුනු නිසා වෙන්නැති.
ඒත් මම හිත හදාගත්තා. විභාගේ ආපහු කරනවා කියලා! ඒ වෙලාවේ හිත හදාගන්න මට ගොඩාක් උදව්වුණේ ,හැම මොහොතකම මගේ ලඟින් උන්නු,මගේ පෙම්වතිය.එයා මාව ගොඩාක් ධෛර්යමත් කලා.මට විභාගේ ඉහලින්ම කරගන්න පුලුවන් බව පෙන්නලා දුන්නා.මට, මං ගැනම විශ්වාස නැතිව උන්නු වෙලාවක මට ලොකු හයියක්වුණේ එයා.
ඉතිං මම ආපහු විභාගෙට ලෑස්තිවෙන්න පටංගත්තා.ඒ වෙනකොට අප්‍රේල් මාසෙටත් කිට්ටුවෙලා තිබුණේ.මාස 4යි ඉතුරුවෙලා තිබුනේ.කොහොමහරි විභාගේ ගොඩදාන්න ඕනි කියන හැඟීමෙන් මම වැඩකලා.
අපේ අම්මා මට ඕනිකරන පොත්පත් ආදී මෙකී නොකී, මට අවශ්‍ය දෑ සියල්ල ගෙනත් දුන්නා.කොහොමහරි විභාගෙත් කලා.මම විභාගේ ලියනකං අපේ අම්මා වජිරාරාමෙට ගිහින් බෝධිපූජා තිබ්බා.
අවසානේ ප්‍රතිඵල ආවා.
සංයුක්ත ගණිතයට- B :
භෞතික විද්‍යාවට- A :
රසායන විද්‍යාවට- A ;
Z-Score : 2.2053
D-Rank : 109 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 383 ( සමස්ත දිවයිනෙන් )
ඉතිං මේ වතාවේ මගේ හීනය සැබෑවුණා.මගේ අම්මගෙයි,තාත්තගෙයි වගේම මගේ පෙම්වතියගෙත් උත්සාහය මලඵල ගැන්වුනා.
( අර කිඹුල් කඳුලු හෙලාපු නෑයන්ටයි , මාව දාල ගිය යාළුවන්ටයි කටඋත්තර නැතිවුණා.අළු ගසාදාලා , ආපහු මම නැගිටපු නිසා! )
මම දැන් මේ 29 වනදා ආරම්භවෙන කටුබැද්ද ඉංජිනේරු පීඨයේ 2010/2011 අධ්‍යයන වර්ෂයට ඇතුළත්වෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.
ඔන්න ඔය අතරේ , ගිය සතියේ දවසක අපේ අම්මා මට කවියක් ලියපු කොලයක් දීලා කිව්වා;
ඒ කවිය කියවපු මට හිතුණේ අම්මල අපිට නොපෙන්නුවාට,අපේ අනාගතය ගැන කොච්චර ගින්දරක් හිතේ තියාගෙන ඉන්නවද කියලා!
මෙන්න ඒ කවිය :
මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු( පියා සහකාර විදුහල්පතිතුමෙක්.දැනට නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ සේවය කරනවා : මව සාමාන්‍යපෙළ ගණිත ගුරුවරියක්.දැනට කොට්ටාව ධර්මපාල ම.වි. යේ සේවය කරනවා ).
ඉතිං පොඩි කාලේ ඉඳන්ම මගෙයි , අක්කගෙයි ( නම : හසිතා , වයස : 26 ) අධ්‍යාපන කටයුතු ගැන අම්මයි,තාත්තයි ගොඩාක් උනන්දු වුණා.ඒ ගැන හොයලා බැලුවා.
ඉතිං ඕකේ ප්‍රථිඵලයක් විදියටයි මම 5 වසරේ ශිෂ්‍යත්වේ ලකුනු 183 ක් එක්ක ඉහලින්ම සමත්වෙලා කොලඹ රාජකීය විදුහලට ඇතුළත්වෙන්න තරං වාසනාවන්ත වුනේ.( ඊට පෙර ඉගෙනගත්තේ කොට්ටාව ධර්මපාල ම.වි. යේ. )
ඉතිං රාජකීය විදුහලට ගියාට පස්සෙත් , මගේ ඉගෙනීම පිටිපස්සේ විශේෂයෙන්ම මගේ අම්ම හිටපු නිසා හුඟාක් සාර්ථකව ඒ කටයුතු කරගන්න මට පුළුවන් වුණා.ඉතිං ඔහොම ගිහිං සාමන්‍යපෙළටත් A 9 යි C 1 ( Eng.lit. ) යි විදියට ඉහලම ප්‍රතිඵලයක් ලබාගන්න මට පුළුවන් වුණා.
ඊට පස්සේ උසස්පෙළට මම ගණිතය හදාරන්න පටං ගත්තා.මොකද මට ගණිතයට තිබුනේ ලොකු ආසාවක් සහ ලොකු මහන්සියක් නැතුව ලකුනු ගන්න පුළුවන් විෂයක් විදියට මට දැනුණේ ගණිතය විතරයි.උසස්පෙළ පංතිවලදිත් කිසිම ප්‍රශ්නයකින් තොරව මම කටයුතු කරගෙන ගියා.වාර විභාගවලිනුත් බොහෝවිට පංතියේ පළමු 3 දෙනා අතර ඉන්න මට පුළුවන් වුණා.( 1 වෙන්නනං කවදාවත් බැරිවුණා. )
ඉතිං ඉස්කෝලේ ගුරුවරු වගේම මගේ අම්මයි තාත්තයිත් මගේ උසස්පෙල ගැන ලොකූ බලාපොරොත්තුවකින් තමයි හිටියේ.
විභාගෙත් කිසිම අවුලක් නැතුව කලා කියලා මට දැනුනා.ඒත් අවාසනාවකට මගේ උසස්පෙළ ප්‍රතිඵලවුණේ ;
සංයුක්ත ගණිතයට- C :
භෞතික විද්‍යාවට- B :
රසායන විද්‍යාවට-B ;
Z-Score : 1.5428
D-Rank : 555 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 2096 ( සමස්ත දිවයිනෙන් )
ඉතින් ඔය ප්‍රතිඵලත් එක්ක මගේ ඉංජිනේරු සිහිනය තනිකරම බිඳවැටුණා.මාව තේරුණේ කොලඹ භෞතීය විද්‍යා අංශයටයි.මම මානසික වැටුණා.කිසිම විදියකින් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵලයක් ලැබුනු නිසා අම්මයි,තාත්තයි වගේම මගේ යාළුවොත් පුදුමවුණා වගේම දුක්වුනා මං ගැන.
සමහර නෑඳෑයෝ පුදුම විදියට කිඹුල් කඳුලු හෙළුවා!යටිසිතෙන් මගේ වැටීම ගැන සතුටුවෙන ගමන්! )
ගෙදරින් කිව්වේ මට භෞතීය විද්‍යා අංශයට යන්න , මොකද ආපහු විභාගේ කරන්න ලෑස්තිවෙන්න තරං කාලයක් තිබුණේ නෑ වගේම පලවෙනිපාර මම මහන්සිවුනු තරමත් එක්ක දෙවෙනි පාරක් කළත් ප්‍රතිඵලවල වෙනසක් නොවෙයිදෝ කියන සිතුවිල්ල තිබුනු නිසා වෙන්නැති.
ඒත් මම හිත හදාගත්තා. විභාගේ ආපහු කරනවා කියලා! ඒ වෙලාවේ හිත හදාගන්න මට ගොඩාක් උදව්වුණේ ,හැම මොහොතකම මගේ ලඟින් උන්නු,මගේ පෙම්වතිය.එයා මාව ගොඩාක් ධෛර්යමත් කලා.මට විභාගේ ඉහලින්ම කරගන්න පුලුවන් බව පෙන්නලා දුන්නා.මට, මං ගැනම විශ්වාස නැතිව උන්නු වෙලාවක මට ලොකු හයියක්වුණේ එයා.
ඉතිං මම ආපහු විභාගෙට ලෑස්තිවෙන්න පටංගත්තා.ඒ වෙනකොට අප්‍රේල් මාසෙටත් කිට්ටුවෙලා තිබුණේ.මාස 4යි ඉතුරුවෙලා තිබුනේ.කොහොමහරි විභාගේ ගොඩදාන්න ඕනි කියන හැඟීමෙන් මම වැඩකලා.
අපේ අම්මා මට ඕනිකරන පොත්පත් ආදී මෙකී නොකී, මට අවශ්‍ය දෑ සියල්ල ගෙනත් දුන්නා.කොහොමහරි විභාගෙත් කලා.මම විභාගේ ලියනකං අපේ අම්මා වජිරාරාමෙට ගිහින් බෝධිපූජා තිබ්බා.
අවසානේ ප්‍රතිඵල ආවා.
සංයුක්ත ගණිතයට- B :
භෞතික විද්‍යාවට- A :
රසායන විද්‍යාවට- A ;
Z-Score : 2.2053
D-Rank : 109 ( දිස්ත්‍රික්ක සමාර්ථය )
I-Rank : 383 ( සමස්ත දිවයිනෙන් )
ඉතිං මේ වතාවේ මගේ හීනය සැබෑවුණා.මගේ අම්මගෙයි,තාත්තගෙයි වගේම මගේ පෙම්වතියගෙත් උත්සාහය මලඵල ගැන්වුනා.
( අර කිඹුල් කඳුලු හෙලාපු නෑයන්ටයි , මාව දාල ගිය යාළුවන්ටයි කටඋත්තර නැතිවුණා.අළු ගසාදාලා , ආපහු මම නැගිටපු නිසා! )
මම දැන් මේ 29 වනදා ආරම්භවෙන කටුබැද්ද ඉංජිනේරු පීඨයේ 2010/2011 අධ්‍යයන වර්ෂයට ඇතුළත්වෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.
ඔන්න ඔය අතරේ , ගිය සතියේ දවසක අපේ අම්මා මට කවියක් ලියපු කොලයක් දීලා කිව්වා;
"පුතේ,ඔය කවිය මම ලිව්වේ ඔයගේ පලවෙනිපාර A/L ප්‍රතිපල ආපු වෙලාවේ" කියලා.
ඒ කවිය කියවපු මට හිතුණේ අම්මල අපිට නොපෙන්නුවාට,අපේ අනාගතය ගැන කොච්චර ගින්දරක් හිතේ තියාගෙන ඉන්නවද කියලා!
මෙන්න ඒ කවිය :
******
2009.01.04 රාත්‍රී
හද කකියයි පුතුණේ,
ඔබ ගැන සිතනා,
මොහොතක් පාසා...
මා සිතු ඒ පැතුම බොඳවිය,
මා දෙපතුල ලඟ...
දවසින් දවස දැනෙනා මේ දුක,
මෝරයි දින දින...
ඉකිබිඳ හැඬුවෙමි දවස පුරා,
ඔබට නෑසෙනා ලෙස....
හදවත පුරා,
නැඟෙයි ගිනිදැල්....
කෙසේ වෙතත් අම්මට හැකිවෙයි,
ඒ දුක ඉවසන්නට...
අනාගත දවසක ,
පුතුනේ ඔබටත්,
දැනේවී දරු දුක....
එතෙක් මා ඉවසන්නම්...
******
කවිය කියවලා මගේ හිතට දැනුණේ පුදුම දුකක් වගේම ලොකු සතුටක්.
දුක හිතුනේ අම්ම කොච්චර මං ගැන බලාපොරොත්තු තියාගෙන හිටියාද,ඒක මට පලවෙනිපාර ඉෂ්ඨ
කරන්න බැරිවීම ගැනයි.
සතුටක් දැණුනේ දෙවෙනිපාරහරි මහන්සිවෙලා අම්මාගේ ඒ අහිංසක බලපොරොත්තු ඉෂ්ඨ කරන්න මට පුළුවන්වුණු නිසයි.
අම්මලා අපිට නොපෙන්නුවාට අපි ගැන ගොඩාක් බලාපොරොත්තු , හීන ගොඩගහගෙන ජීවත්වෙනවා කියන එක මට හරියටම තේරුනේ මේ කවිය දැක්කාමයි.
මම මගේ අම්මාගේ බලාපොරොත්තු ඉෂ්ඨකලා.
ඔයාලත් මේ ගැන ටිකක් හිතන්න.
අම්මලාගේ බලාපොරොත්තු කවමදාවත් බිඳින්න එපා!
No comments at all, buddy...
ReplyDeleteවිස්තර කරන්න වචන නෑ. කාගෙ වුනත් සත්‍ය ආදරය ගොඩාක් වටිනවා...
@ Navaka - yeah macho! අපිට නොදැනුනාට , නොපෙනුනාට සැබෑ ආදරේ හැමතැනම තියෙනවා...
ReplyDeleteමට මතකයි මචෝ උඹ රිසල්ට්ස් ආපු දවස් වල IJTS එකේදි අප්සට් එකේ හිටපු හැටි..මට තාම මතකයි.....සිරාවට.....!!!උඹ ගැන මට සිරාවට ආඩම්බරයි....මාත් හැමදාම උදෙන්ම නැගිටින කොට හැමදාම හිතන්නේ මං කොහොමද අම්මගෙයි තාත්තගේ බලාපොරොත්තු ඉටු කරන්නේ කියන දේ ගැන....උඹේ මේ ලිපිය කියෙව්වම මම තවත් දිරිමත් උනා බං....ලියන්න ගොඩාක් දේවල් තිබුණත් මෙතන ඒ ගැන ලියනවට වඩා බ්ලොග් පොස්ට් 1 දාන 1 හොදයි කියලයි මට හිතෙන්නේ...මොනා උනත් උඹේ අම්මා ලියලා තියෙන කවිය කියෙව්වම මට ඇඩුණා.....
ReplyDeleteඋඹ කියන කතාව හරි මොනා උනත් කෙල්ලෙක් ඉන්නකොට හිතට හයියක් තියෙනවා...නමුත් හිටපු කෙල්ල නැති උනාම හිතෙ තියෙන හයියත් නැති වෙනවා බං...(ඒකනේ බං මං A/L කෙල කර ගත්තේ.... :b )ජිවිතේ බැඳීම් සදාකලික නෑ කියලා තේරුම් ගන්නකොට මං පරක්කු වැඩි බං... :(
Dude ur Article Just WOW!!! Hats off Chama!!!
අපේ ජීවිතේ අපිව වැඩියෙන්ම දිරිමත් කරන චරිතය වෙන්නේ " අම්මා "
ReplyDeleteඅවාසනාවට මට මගේ අම්මා නැතිඋනා...ඔයා හරිම වාසනාවන්තයි මල්ලී..අම්මා කෙනෙක්ගෙ ආශිර්වාදයත් එක්ක ඕනෑම අභියෝගයකට මූණ දෙන්න ශක්තිය ඇතිවෙනවා...ඒක තමා සැබෑව..
මගෙන් සුබපැතුම් !
කමෙන්ට් කරල ගිහින් තිබුන ඔයා කවුද බලන්න ආවම තමා ඔයාගෙ මේ සටහන දැක්කෙ...
ReplyDeleteඔයා ගැන ආඩම්බරයි...
මොරටුව සරසවි පියස යට
අනාගත සිහින පොදි බඳින
ඔයාට මගෙනුත් සුබ පැතුම්..!!
ඔයාගේ කතාවට හුඟක් දුරට මගේ කතාවත් සමානයි.
ReplyDeleteමමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 173 ක් අරන් තමා රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙට පය ගහන්නේ. ඊට පස්සේ මුල්ම කඩයිම වෙන සා.පෙ A 8 B 1 [නාට්‍ය] C 1 [ඉලෙක්ට්‍රොනික්] ගත්තා.
මම මාස 8 ක් විතර ජීව විද්‍යා අංශයේ ඉදලා කලා අංශයට ආවා. පස්සේ උ.පෙ ට ඉතිහාසය A ,
දේශපාලන විද්‍යාව A,
තර්ක් ශාස්ත්‍රය A,
Z අගය 1. 7443 යි
දිස්ත්‍රික්කයෙන් 46 ත් දිවයිනෙන් 474 ත් වුනා.
මට කොළඹ නීති පීඨයට යන්න පුලුවන් කම තියෙද්දීත් මට ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉගෙන ගන්න තිබුණු උවමනාවට කැලණියේ කලා උපාධියට මම ඇතුල් වුනා.
මේ කතාවේ කඩයිම් අවස්ථා වුණු ශිෂ්‍යත්ව විභාගේ, සා.පෙ, ජීව විද්‍යා අංශයෙන් කලා අංශයට යාම, උ.පෙ, නීති පිඨයට යන්නේ නැතිව කලා උපාධියට යාම වගේ හැම අවස්ථාවකම අම්මයි තාත්තයි මාව තේරුම් අරගෙන මට උදව් කලා.
ඒ වගේම මම කරපු වැඩවල උපරිම මට්ටමට යන්න මම කැපවුණා. ඒකෙන් මම සතුටු වුණා වගේම අම්මා තාත්තා සතුටු වුනා.
දරුවෙක් වුනාම අම්මාට තාත්තාට සතුටක් ගෙනත් දෙන්න බැරි නම් වැඩක් නැහැ මම හිතන විදිහට.
ඉතින් මම අද ඉන්න මට්ටම් ගැන හිතලා අම්මාට තාත්තාට සතුටු වෙන්න පුලුවන් වගේම ඉස්සරහටත් ඒ විදිහටම කටයුතු කරන්න තමා මගේ බලාපොරොත්තුව.
අද කාලේ දෙමාපිය දූ දරු දෙදරා යන කාලෙක මේ වගේ ලිපියක් ලිවීම ගැන මගේ ප්‍රණාමය මිත්‍රයා.
"අම්මලා දුක් ගන්නේ පුතුන් තනන්ටා
පුතුන් තනන්ටා පුතුන් රජුන් කරන්ටා "
[මේකේ දූලා ගැන කියලා නැහැ නේ. දූලාට හැළිය :)]
@ මල්$han - ඔව් මචෝ!මට මතකයි උඹලත් මාත් එක්ක හිටපු හැටි!ආපහු එග්සෑම් කරන්න ඕනි කියලා හිතුණේ උඹලා ඔක්කොම මට ඒක කරන්න පුළුවං කියලා කියපු හන්දා!
ReplyDeleteඔව් බං මටත් අම්මාගේ කවිය දැකලා හිත උණුවුණා.ඒකමයි මේ ලිපිය ලියන්න ඕනි කියලා හිතුණේ.
උඹේ ආදර ජීවිතේ ගැන මටත් දුකයි මචෝ!හැබැයි උඹව දාලා ගිය කෙනෙක් නිසා , උඹේ අම්මයි තාත්තයි උඹ ගැන අවුරුදු 20ක් මවපු හීන බොරුකරන්න එපා!
උඹ මේ පාර උපරිමෙන් කරලා ඒ හිත් සතුටු කරනවා කියලා මට හොඳටම විස්වාසයි මචෝ!උඹට හැම ශක්තියක්ම ලැබේවි! :q
thanks 4d compliment bro!!tz realy nice 2 hear dt u guys get smtng 2ur lives 4m ma post! :a
@ දිල් - මට හරිම කනගාටුයි අක්කාගේ අම්මා ගැන.ඒත් අක්කා ජීවිතේ සතුටින් ජීවිතේ අභියෝග වලට නොබියව මුහුණ දෙනකොට,ඔයාගේ අම්මා කොහේහරි ඉඳන් ඔයා දිහා බලං ඇති අක්කේ!
ReplyDeleteඔයා ජීවිතේ ජයගන්නකොට අම්මටත් ඒ සතුට දැනෙනවා ඇති අක්කේ!
අක්කාගේ හැම වචනයක්ම ඇත්ත!"අම්මා" කියන්නේ ජීවිතේට පණපොවන වචනයක්!
ස්තුතියි සුබ පැතුමට!
@ චේජනා - ස්තුතියි සුබ පැතුමට! :q
ReplyDelete@ Hasitha - හුඟාක් අය සමාජයට බයේ , තමං අකමැති විෂයන් තෝරගෙන දුක්විඳින හැටි දැක්කාම, උඹේ ජීවිතේ , උඹ ආසකරන විදියට ඉන්න එක ගැන මට ආඩම්බරයි සහෝ!!:q :n
හික්ස්...ඕකේ දූලා ගැන කියලා නැත්තේ ඇයි කියලා හොයල බලන්න වටිනවා!:c
ස්තුතියි මචෝ හැමදාමත් වගේ අදත් ප්‍රතිචාරයක් දැක්වූවාට! :q
ඉදිරි අනාගතයට සුභ පතනව. මට ඔයා ගැන සන්තොසයි. ජීවිතේ වෙනස් වෙන්නෙ අපි ගන්න තීරණ එක්කයි. ඒ තීරණේ හරි වෙලාවට ගන්නත් ඕන. මගෙ ජීවිතේත් ඔය වගේමයි. එකම වෙනස ආයිත් පාරක් A/L කරන්න මට තීරණයක් ගන්න බැරි වුණා. ඒ හින්දා මම SLIIT එකේ IT degree එක පටන් ගත්තා. A/L කාලෙ හරියට වැඩ කරන්න බැරි වුණා කියන දුක හැමදාම තිබුණ. ඒ හින්ද SLIIT එකේ වැඩ හොඳටම කරා. 1st semester එකේ ප්‍රතිඵල ළඟදි ආව. මම බැච් ටොප් වෙලා. ඒ ගැන විස්තර වෙනම පෝස්ට් එකකින් ළඟදිම දාන්නම්. ඔබට ජය.
ReplyDeleteඅම්ම ලියපු කවිය මම කීපාරක් කියෙව්වද මතක නැහ කොල්ලො. මට ඇඩුනා. ඇත්තටම ඇඩුනා. අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමන්ගෙ දරුවන් ගැන... එයාලගේ අනාගතය ගැන මොන තරම් හිතනවද.... මට දුකයි බන්. මම එයාලගෙ බලාපොරොත්තු ඒ විදියටම ඉශ්ට කරන්න සමත් උනේ නැහ.
ReplyDeleteඋබට ජය.
මුකුත් කියන්නේ නෑ. මොකද කියන්න ඕන ඔක්කොම ලිපියෙයි, අදහස් වලයි කියල තියෙනව නේ...
ReplyDeleteහිතට එන්නෙ නම් මෙච්චරයි :q
@ thariya - 100% ක්ම එකඟයි මචෝ!අපේ ජීවිතේ තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම අපි ගන්න තීරණ මත!
ReplyDeleteහැබැයි උබට දැන් දුක් වෙන්න දෙයක් නෑ!උඹ දැන් හරි පාරේ.දිගටම ඔය උනන්දුව තියාගනින්!මෙන්න මගෙනුත් සුබ පැතුම්!තව තවත් ශක්තිමත් වෙයන්.
උඹටත් ජයෙන් ජය මචෝ!
ස්තුතියි මේ පැත්තේ ආවාට!උඹේ ලිපිය එනකං බලං ඉන්නවා..
@ පිස්සා පලාමල්ල - නෑ මචං!දුක් වෙන්න එපා.අම්මලා බලාපොරොත්තු වෙන්නේ උසස්පෙළ උඩින්ම පාස් වෙන එක නෙවෙයි මචෝ.උඹේ ජීවිතේ කොහොමහරි ගොඩගිහින් , අම්මලාට සතුටු වෙන්න පුළුවන් තැනක උඹ ඉන්නවා දකින එකයි එයාලට ඕනි!
ReplyDelete:m
ඒ නිසා කවදාහරි ඒ හීනේ ඇත්ත කරපං!උඹට පුළුවන්!විශ්වාස කරපන් තමන් ගැන!තමන්ගේ හැකියාවන් ගැන!වරදින්නේ නෑ කවදාවත්.උඹටත් ජය සහෝ!!
ස්තුතියි හැමදාමත් මේ පැත්තේ ඇවිත් ගුණ,දොස් විචාලනවාට!:q
@ කොඩී - ස්තුතියි සහෝ! :q
ReplyDeleteආයෙ විභාගෙ කරන්න බෑ කියලා ඔයා දිගින් දිගටම කියද්දි , මතකද මම කිව්වා ආයෙම විභාගෙ කරන්න ගන්න තීරණය ගැන කවදා හෝ ඔයා සතුටු වෙයි කියලා...? අද ඔයා ඒ සතුට විඳිනවා... හරිම සතුටුයි චාමර... ඔයාගෙ සාර්ථකත්වය දිහා බලන් ඉඳලා ඔයාට වඩා සතුටු වෙන්නෙ ඔයාට ආදරේ කරන අය... ඔයා ගැන හොඳටම දන්න නිසයි මම කියන්නෙ, ඔයා වගේ පුතෙක් ලබන්න, ඔයාලගෙ අම්මා හුඟාක් පින් කරල තියනවා... සුබ අනාගතයක් චාමර... එදා වගේම අදත් මට ඔයා ගැන හරිම ආඩම්බරයි...
ReplyDeleteමචන් උබට සුබ පැතුම් මේ සෑම් ගෙන්..
ReplyDeleteමචන් උබ කොහොම ඉංජිනේරු කෙනෙක් වෙයක්..උබට එක කරන්න පුලුවන් සහෝ..උබේ ලිපිය කියවලා මේ සෑම් ටත් මාර විදිය වැදුනා..සිරා බන්...අපේ ජීව්තේ තවත් පැත්තකින් කේල්ලෙක් ඉන්න එක ගොඩක් වටිනවා..උබේ කෙල්ල උබට දුන්න්න සප් එක නිසා අද උබ ගොඩ..එ වගෙමයි උබේ දෙමව්පියො....මොනවා උනත් කොහොම හරි ඉංජිනේරු කෙනක් වෙයන්..මේ සෑම් උබට සුබ පතනවා...
ReplyDelete@ sumu - මගේ ලඟින් ඔයා හිටිය එක යෝධ හයියක්වුණා සුමූ....හැමදාමත් ඔයා මගේ ලඟින් ඉන්නවා කියලා දන්නවා සුමූ....ඔයා නැත්තං මම 2නි පාර එග්සෑම් කරන එකකුත් නෑ!!ඒකයි මම හැමදාමත් කියන්නේ ඔයා වගේ ගර්ල් කෙනෙක් මට ලැබුනේ වාසනාවට කියලා!:g :h
ReplyDelete@ සෑම් - ස්තුතියි මචං!
ReplyDeleteඔව් බං.එයා නොහිටින්න මට එග්සෑම් කරන්න හිත හදාගන්න බැරිවෙනවා.එහෙනං මම අද වෙනකොට,මම අකමැති දෙයක් කර කර දුක් විඳිනවා.
ම්ගේ කතාව තමා ; මම O/L කලේ 2007. මට A7 , B2 තිබ්බා . මම A/L වලට මැත තමා කලේ , මට මැත එච්චර අවුලක් නැති නිසා මම A/L මුල ඉදලම ගනන්ගන්නේ නැතුව , අවුලක් නැතුව කලා .පස්සේ chemistry මට එපා වුනා (මුල ඉදලම පිස්සු කෙල කෙල හිටපු නිසා che. මුල ටික හරියට අල්ලගන්න බැරි වුණා) . combined maths , physics වලට හොඳටම ලකුණු තියන කොට chemistry වලට මට ලකුණු 35 - 40 (2009 අග විභාගයේ ) . මම A/L කරනවානම් කරන්න තිබ්බේ 2010 . ඒ වුනත් මම 2009 අග ඉස්කෝලේ යන එක නතර කරලා , පස්සේ මගෙත් අහල/පහල සමහර අය , සමහර නෑදෙයෝ මට හිනා වුණා මම වැටුන් වැටිච්චට. පස්සේ මමත් අත අරියේ නැ ගේම , නිකන් ඉන්න බැරි නිසා පටන්ගත්තා UCSC එකේ BIT external degree එක කරන්න කොහොම හරි දඩබඩ ගාලා ඒ මාසේම තිබ්බ FIT එකට ලියලා ඒකෙන් ගේමක් නැතුව පාස් වුනා , දැන් 2 සෙමෙස්ටෙර් එක කරනවා (මේ අගෝස්තු වල 2 සෙමෙස්ටෙර් විභාගේ) . A/L කරන්නේ නැතුව ඉන්න එක අවුලක් වෙන නිසා මම 2011 අලුත් සිලබස් එකට මැතෙන් ලියනවා . අලුත් සිලබස් එකේ che. වෙනුවට I.T තෝරගන්න පුලුවන් නිසා දෙනවා ගේම් එක Com. maths , Physics , I.T වලින් ......
ReplyDeleteබොලේ ඔයාගේ කතාව කියෙව්වම මාව තවත් දිරිමත් වුණා , අනික මවකගේ සෙනෙහහ මොකකටවත් සමාන කරන්න බෑනේ !!!!
ඉදිරි අනාගතයට අයියට සුභ පතනවා , ජය !!!
ReplyDeleteහ්ම් ඔව් මචෝ අපි නිදන්නව උනාට අම්මලගෙ හිත්වල අපිගැන ගොඩාක් බලපොරොත්තු පොදි බැදන් ඉන්නව.
ReplyDeleteඑළියට නොපෙන්නුවට ඇතුලෙන් හැමතිස්සෙම හිතන්නෙ අපිගැන. ඇත්තටම කිව්වොත් ඔයා හරිම වාසනාවන්තයි ඔයවගේ දේමවුපියො දෙන්නෙක් ලබන්න. මම සතුටුවෙනවා ඔයා කොහොම හරි කරල අම්මගෙ බලාපොරොත්තුව ඉශ්ඨ කරපු එක ගැන.
මාත් උඹ වගේම තමා මචෝ හිතන්නේ නමුත් කවදාක්වත් අම්මට ඒක පෙන්නන්නෙ නෑ ඒවුනාට එයා දන්නව මංගැන ( අම්මලගෙන් මොනවත් හංගන්න බෑනේ ).
මේ වෙලාවෙ මටනම් කරන්න තියෙන්නෙ ප්‍රාර්ථනා 2යි එකක් ඔයාගෙ ඉදිරි දිවිය සාර්ථක වෙන්න කියලයි, අනික අපි හැමෝටම අහිංසක දෙමවුපියණ්ගේ බලාපොරොත්තු ඉටුකරන්න ඒවා මල්ඵල ගන්වන්න පුලුවන් වෙන්න කියල විතරයි.
ඔබට සුභ..................
@ හිඟන්නා - උඹේ ධෛර්යය ගැන ආඩම්බරයි මචෝ!උඹට වරදින්නේ නෑ!
ReplyDeleteනෑඳෑයන්ට පෙන්නපං උඹ වැටුණේ නෑ කියලා!!එදාට උං ඔක්කෝටම කට උත්තර නැතිවෙනවා මචෝ!අන්න එදාට උඹට පුළුවනි උං දිහා බලං උන්ටම හිනා වෙන්න!
ස්තුතියි මල්ලි සුබ පැතුවාට!ඔබටත් ජයෙන් ජය මල්ලි!
( ක්ලාස් පස්සේ වැඩිය නොදුවා,පරණ A/L පේපරස් ටික කරපන් දෙතුන් වතාවක්! )
@ ජේ.ඩී. - කතාව ඇත්ත මචෝ!කිසිදෙයක් හංගන්න බෑ අම්මලාගෙන්! :a
ReplyDeleteස්තුතියි මචෝ සුබ පැතුවාට! :q
හැම කදුලක්ම හංගන් ,,,, එ කදුල නොපෙන්නවා හිනාවෙන්නත්, අපිව හිනෙන් සරසන්න පුලුවන් අපෙ අම්මලාට.. අම්මලා කියන්නේ දරුවන්ගේ ලොකේ මුලින්ම රැදෙන දෙවිවරු....
ReplyDeleteඅයියෙ මේක කියෙව්වම මටත් මාර ගැම්මක් ආවා...කොටින්ම ඒ.ලෙවල් ඩොටටම කරන්න...ඒත් දැනටමත් මට කෙලවෙලා...මොකද මන් තාම ක්ලාස් යන්න පටන් ගත්තෙ නැති නිසා :f
ReplyDeleteඅයියට සුබ පතනවා :a
අයියෙ මේ මට මේක කියවද්දි පොඩි අයිඩියා පාරක් ආවා....අර අයියට වගේ පොඩි ගෑනු ළමයෙක්ව සෙට් කරගන්න ඕනෑ....එතකොට අපිවත් වැටෙන කොට දිරිමත් කරයි නේ :j
@ හිතුවක්කාර සිත - කතාව සහතික ඇත්ත! :q
ReplyDelete@ Hasitha ජයසූරිය - උඹලා ඉතිං වැරදි තැනින්මයි අල්ලන්නේ! :ඉ
ඒ වගේ සප් එක දෙන අය හරිම අඩුයි!හුඟාක් අය ඉන්නේ දාලා දුවන කට්ටිය!එතකොට හොම්බ බිම ඇනෙයි! :k
ක්ලාස් නොගියට කමක් නෑ සහෝ!ඉස්කෝලේ මුල ඉඳන් කරනවනේ.ජූලි/අගෝස්තු ඉඳන් ක්ලාස් ගියාම ඇති! :q
මම දෙවෙනි පාර කරද්දී මැත්ස්වලට ක්ලාස් ගියේ නෑ!පාස් පේපර්ස්ම කලා!අන්තිම මාස3 දි ඇප්ලයිඩ් වල අවුල් විසඳගන්න පොඩි ක්ලාස් එකකට සෙට් වුණා.අනිත් දෙකටත් ගියේ පේපර්ස් විතරක් කරන්න.
දැන්ම ප්ලෑන් කරගන්න!වැඩේ එතකොට ලේසියි.පොතක් තියාගෙන ලියන්න , හිතෙන් ප්ලෑන් කරන ඒවා!( කෙල්ලො දාගන්න,වලබහින්න ප්ලෑන් කරන එව්ව නෙවෙයි! :c )
මොනාවුණත් ස්තුතියි සුබ පැතුවාට !
මගේත් සුභ පැතුම් පිලිගන්න මල්ලී . .. . උත්සාහයයි කැපවීමයි තියෙනවාන්ම් ඕනෑම අමාරු බාධකයක් ජයගන්න පුලුවන් බව ඔයා ඔප්පු කරලා පෙනන්ලා තියෙනවා . .. .මට බෑ මට බෑ කිය කිය ලතවෙන අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක් වේවී . ..
ReplyDelete@ දුකා - ස්තුතියි සුබ පැතුමට අයියේ.
ReplyDeleteපැහැදිලිවම අයියේ,මොකද මටත් මුලින් හිතුණේ කරගන්න බෑ කියලා,ඒත් ලඟ හිටපු අය නිසා ලැබුණු සහයෝගයත් එක්ක,මගේ කැපවීමත් එකතු කරලා ඒ හැමදේම ජයගන්න පුළුවන්වුණා!
බොහොම සතුටුයි, මල්ලි..
ReplyDeleteජය පතනවා..
සෙල්ලම ඔතනින් ඉවර නෑ.. පළවෙනි අවුරුද්ද එකම ඇදිල්ලක්...
මුල් ටිකේ කඩ්ඩ උගන්නනවා.. වෙලාව ඇති වෙන්න තියනවා.. ඒ කාලෙ ප්‍රයෝජනවත් දේකට යොදවන්න...
මම කියන්නේ කැම්පස් බුක්ශොප් එකෙන් ප්‍රෝග්‍රැමින් සෙල්ෆ් ස්ටඩි පොතක් අරන් ඉගන ගන්න උත්සාහ කරන්න...
මොකද.. ඒකෙන් කඩ්ඩ හැදෙනවා එකක්.. අනික ඒකෙන් කැම්පස් ස්ටයිල් එකේ වැඩ වලට පුරුදු වෙනවා..
මම කටුබැද්දෙ හිටපු අවුරුදු හතර මගේ හොඳම කාලෙ.. උඹටත් එසේම වේවා...
ජය..
වැම්පයර්
@ වැම්පයර් - ස්තුතියි අයියේ සුබ පැතුමට!
ReplyDeleteදැන් අවුරුද්ද , මාස 6 කට අඩු කරලා අයියේ.1st semester එකෙන් තමයි course එක තෝරන්නේ.
බොහෝම ස්තුතියි අයියේ උපදෙසට.පොත් ටිකක් නං දැනටම හොයාගත්තා.වැඩේට බහින්න ඕනි ඉක්මනටම.මොකද අපිට self-studies කරලා පුරුද්දක් නෑනේ!
මාත් හිතනවා කැම්පස් අවුරුදු 4 ෆන් උපරිම වෙයි කියලා.
ස්තුතියි අයියේ!
අහ්.. ඔව් මට අමතක වුණා..
ReplyDeletenice one malli..... Welcome to the UOM....
ReplyDelete@ Hamparawa - thanks aiyaa!!
ReplyDeleteපරක්කු උනා උත්තර යක් දෙන්න.... නැහ මචන්. මම උසස් පෙල හොදට කරා... ඒ කාලෙ මම කරන්න තියෙන පිස්සු ඔක්කොම කරා.. ඒ උනාට අපි සෙට් එකම වගේ හොදට විබාගේ ගොඩ දැම්ම...
ReplyDeleteඒත් ඊට පස්සෙ අම්මල බලාපොරොත්තු උන පාරෙ මම ගියේ නැහ. ඒ ගැන අදටත් මම පසු තැවෙනවා... අද ඉන්න තැන වරදක් නැහ. කාටවත් කරදර නැතුව ඉන්නවා. ඒත් ඊට වඩා හොද තැනක ඉන්න තිබ්බ ඒ පාරේ ගියානම්... එයාල ත් සතුටු වෙනවා.
@ පිස්සා - අතීතේ ගැන හිතලා දුක්වෙන්න එපා සහෝ!අපි අනාගතේ දිහා බලාගෙන ගමනක් යමු!එයාලගේ සතුට උඹේ දියුණුව !
ReplyDeleteබොහෝමත්ම සතුටුයි..:a
ReplyDeleteකැපවීම ..තුලින් ලබපු ඔබේ ජයග්‍රහනය ඉදිරියටත් මෙහෙම ම පවත්වාගෙන යන්න ලැබේවායි සුභ පතන්නම්..!!! මමත්
මේ කතාව අහලා මට ගොඩාක් සතුටු හිතුනා.මොකද මමත් ඔයා වගේම පහේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා ඊට පස්සෙ රාජකීය විද්‍යාලයට ගිහින් ඉන් පස්සෙ මොරටුව විශ්ව විද්‍යාලයට අතුලත් උනේ.(මුල් පාසල පන්නිපිටිය ධර්මපාල විදුහල ).ජිවිතේ වැදගත් වෙන්නෙ පැරදුනේ කී පාරක්ද කියන එක නෙමේ.දිනුවේ කී පාරද කියන එකයි...:)
ReplyDelete@ නිමන්ති - ස්තුතියි ඔබට!
ReplyDelete@ shelan - කතාව සහතික ඇත්ත!දිනපු වාර ගාණයි වැදගත්!
නියමයි සහෝ!ජීවිතේ දිනපු එකෙක් සුභ පැතුවම බොක්කටම වදිනවා!
ස්තුතියි සුබ පැතුමට සහෝ!
මගේ ප්‍රතිපල ආ දා අම්මා ඇඬුවා! මං සැලුනේ නෑ. මේ A/L වලට සබ්ජෙක්ට්ස් හතරක් තියෙන කාලේ.
ReplyDeleteපස්සෙ බැලින්නම් සේරම ෂේප්. මොකද අකුරු ටික නෙමේ නේ වැදගත් ලකුණු ටිකයි.
ප/ලිඃ
කොච්චර හොඳින් පාස් වුණත් ඉතිං කටුබැද්දේ නේද? අනේ පව්!!!
මෙන්න මේකනං ටිකක් පොට වරද්දාගත් කෑල්ලක් පුතෝ...!! අනුන් ගේ දොස් හොයන්න පුරුදු වෙන්න එපා. my exam, my results.
ReplyDelete// සමහර නෑඳෑයෝ පුදුම විදියට කිඹුල් කඳුලු හෙළුවා!යටිසිතෙන් මගේ වැටීම ගැන සතුටුවෙන ගමන්!
මුලින්ම ඔයාට සුබ පතනවා :q ඔයා බලාපොරොත්තුවෙන ඉලක්කයට යන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!
ReplyDeleteඅම්ම ලිව්ව කවි පෙළ මට ගොඩක් දැනුනා. මොකද මගෙ අම්මත් ඔහොම හිතන්නඇති කියල හිතුන නිසා. මම O/L වලට A 10 ක් දැම්මා. අම්මට ඕන උනේ මාව වෛද්‍යවරයෙක් වෙනවා දකින්න. ඒත් මට ඕනවුනේ A/L ගණිතය කරන්න. අම්ම හිතුව මම හොද මැවිසුරුවෙක් වෙයිකියලා. පළවෙනිපාර මැවිසුරු පීඨයට ලකුණු මදිවුනා. මට හිතුනා කැළණියේ ඉලෙක්ට්‍රොනික්ස් කරන්න ඕනෙ කියලා. දැන් මම කැළණියෙ විද්‍යා පීඨයේ. ඒත් මේ කවිය දැක්කම මට හිතෙනවා අම්ම මම ගැන තියපු බලාපොරොත්තු මම ඉටු කළේ නෑ නේද කියලා :f
@ කකා - හික්ස්...කොහේ ගියත් ප.ලි. කෑල්ල නං අතාරින්නෙම නෑ නේද! :a my exam , my results උනාට , අඬන්නේ දුක්වෙන්නේ අනුන්නේ!ඒකයි ප්‍රශ්ණේ! මොනාවුණත් ස්තුතියි මගේ බ්ලොග් එක පැත්තේ ආවාට...ආයෙමත් ඇවිත් යන්න එන්න..
ReplyDelete@ තර්ඩ් මෑන් (SIDATH) - ස්තුතියි සුබ පැතුමට!අපි අපේ ගමන යන විදිය නෙවෙයි වැදගත් , අවසාන ප්‍රතිඵලයයි වඩා වැදගත්.ඒ නිසා අම්මලාගේ සතුට ආනාගතේ දවසක ලැබේවී!
loweth naaaa
ReplyDeleteස්තුතියි මචං
Deleteayye oyage blog eka mata ada set une.....eke link eken ada mm methanata awa............. mage resultz BCC mepara Z eka 1.2348i.............
ReplyDeleteayth karanathuwa physical yannwa kyla hthan htye....................
eth meka kywwama ayth karanna hthuna ayye .................oyata godak pin
ඔයාගේ කමෙන්ට් එක දැකලා මට ගොඩක් සතුටුයි මලයෝ... ජීවිතේ හැමදාමත් අපිට ඕනි දේවල් ලේසියෙන් ලංවෙන්නේ නැහැ අපිට... මජන්සි වෙන්නම වෙනවා... මේ පාර විභාගේ හොඳටම කරගනිං මලයෝ... උඹට පුළුවනි,මට විශ්වාසයි!!! උඹට ජය!!!
Deleteඇඬුන අයියෝ....ඇත්තමයි........
ReplyDeleteහ්ම්ම්.... මේ පාර විභාගේ හොඳට කරගන්න නංගා....
Deletem proud of u bro :) this really made me cry...
ReplyDeletethanks for your words sis :))
Delete