සරම් බැනියම් ඇන්දත්,
ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....
පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන
එකම තැනක්....
පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....
පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...
ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...
ඒ අන් තැනක් නොවෙයි!
ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්
පොදු උරුමය වූ,
මරණ මංචකයයි.....
අපි මැරෙන මිනිස්සු බව දැනගෙන ජීවත්වෙමු!
හැමෝටම ඕන දිව්‍යලෝකෙ යන්න-ඒත් කාටවත් ඕන නෑ මැරෙන්න...
ReplyDeleteකවියෙ මුල් ටික කියෙව්වම මම හිතුවෙ ටොයිලට් එක වගෙ එකක් කියල
ReplyDelete@ කොඩී - හික්ස්...ඔව් බං...ඒත් මැරෙනවාමනේ :))
ReplyDelete@ indi - අනේ මන්දා....මේකේ පලවෙනි එකේම තියෙනවනේ "එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්...." කියලා.ම්....මම දන්න තරමින් නං ටොයිලට් එකට කවුරුවත් එන්න කියන්නේ නෑනෙ!! :((
හැබැයි මම තනිකඩ , ඔබතුමාට මෙහෙම හිතුනේ ඇයිද මංදා!! :))
මොනාවුණත් කියවලා ප්‍රතිචාරයක් දුන්නාට ස්තුතියි !
ඕක නොදැනනේ අපේ අය ජීවත් වෙන්නේ...
ReplyDeleteමටත් අමතක වෙලාද මන්ද හිටියේ....තැන්කූ මතක් කලාට.... :D
කතාව ඇත්ත!
ReplyDelete@හසියා
ReplyDeleteහුඟක් අයට මේක අමතකයි :)
@WoW
ReplyDeletehee :)
තමන්ගෙන් මේ ලෝකෙට වෙන්න ඕනේ යුතුකම් ටික කරලා තියෙනවා නම් ඉතින් අපි කාටත් සැනසිල්ලේ මැරෙන්න පුලුවන්.....
ReplyDeleteමට හැම මහොතෙම ඕක මතක් වෙනවා.....ඒ මොහොත එනකම් බලාගෙන ඉන්න්වා..අයෙමත් ඉපදෙන්න.....කොහේ කරි මොකෙක් හරි වෙලා....
ReplyDeleteමට දැන් ඇති වෙලා ... ඒ මොහොත එනකම් බලාගෙන ඉදලා..........
@ඉලංදාරියා
ReplyDeleteඇයි බං ඒ? :\ උඹ ජීවිතේ ගැන දුකිං?
මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙනවා කියන්නේ අද දවස උපරිම සතුටින් ඉන්නවා කියන එකයි මචෝ!!
@ Hasitha - පැහැදිලිවම සහෝ!!!
ReplyDeleteඅපි කාටත් උරුම දේ... හොද නිර්මානයක්
ReplyDelete@ පිස්සා පලාමල්ල - ස්තුතියි මචෝ :)
ReplyDeleteදෑනුයි දෑක්කෙ මේ නිර්මාණය... හරියට මටම ලියපු 1ක් වගේ.. :)
ReplyDeleteමම නම් ජීවත් වෙන්නෙ මෑරෙන බව දෑනගෙන තමයි අයියා... ඒත් මට තාමත් ඒ උරුමයට මුහුණ දෙන්න ශක්තියක් නෑ... :(
මොනා උනත් ලස්සන නිර්මාණයක්...!!!