Sunday, June 13, 2010

ඉපදුනු කාටත් පොදු වූ උරුමය

   
සරම් බැනියම් ඇන්දත්,
ටයි කෝට් කලිසම් ඇන්දත්,
එන්න කිව්වාම
නොගිහිං ඉන්න බැරි තැනක්....

  පයිං ගියත්,
ප්‍රාඩෝ එකක ගියත්,
හැමෝම යන
එකම තැනක්....

පැල්පතක හිටියත්,
සුපිරි මැදුරක හිටියත්,
වෙලාව ආවාම
යන්නම වෙන තැනක්....


පානුයි පරප්පුයි කෑවත්,
හැම් බේකන් කෑවත්,
නොගිහින් බේරෙන්න
බැරි තැනක්...

ජීවත්වන ඔබත්,
ඒ වගේම මමත්,
කවදාකහරි
යන තැනක්...

 ඒ අන් තැනක් නොවෙයි!
ඔබේත් , මගේත්,ඉපදුනු අප කාගේත්

පොදු උරුමය වූ,

මරණ මංචකයයි.....

 
 අපි මැරෙන මිනිස්සු බව දැනගෙන ජීවත්වෙමු!

14 comments:

  1. හැමෝටම ඕන දිව්‍යලෝකෙ යන්න-ඒත් කාටවත් ඕන නෑ මැරෙන්න...

    ReplyDelete
  2. කවියෙ මුල් ටික කියෙව්වම මම හිතුවෙ ටොයිලට් එක වගෙ එකක් කියල

    ReplyDelete
  3. @ කොඩී - හික්ස්...ඔව් බං...ඒත් මැරෙනවාමනේ :))

    @ indi - අනේ මන්දා....මේකේ පලවෙනි එකේම තියෙනවනේ "එන්න කිව්වාම
    නොගිහිං ඉන්න බැරි තැනක්...." කියලා.ම්....මම දන්න තරමින් නං ටොයිලට් එකට කවුරුවත් එන්න කියන්නේ නෑනෙ!! :((

    හැබැයි මම තනිකඩ , ඔබතුමාට මෙහෙම හිතුනේ ඇයිද මංදා!! :))

    මොනාවුණත් කියවලා ප්‍රතිචාරයක් දුන්නාට ස්තුතියි !

    ReplyDelete
  4. ඕක නොදැනනේ අපේ අය ජීවත් වෙන්නේ...
    මටත් අමතක වෙලාද මන්ද හිටියේ....තැන්කූ මතක් කලාට.... :D

    ReplyDelete
  5. @හසියා

    හුඟක් අයට මේක අමතකයි :)

    ReplyDelete
  6. තමන්ගෙන් මේ ලෝකෙට වෙන්න ඕනේ යුතුකම් ටික කරලා තියෙනවා නම් ඉතින් අපි කාටත් සැනසිල්ලේ මැරෙන්න පුලුවන්.....

    ReplyDelete
  7. මට හැම මහොතෙම ඕක මතක් වෙනවා.....ඒ මොහොත එනකම් බලාගෙන ඉන්න්වා..අයෙමත් ඉපදෙන්න.....කොහේ කරි මොකෙක් හරි වෙලා....

    මට දැන් ඇති වෙලා ... ඒ මොහොත එනකම් බලාගෙන ඉදලා..........

    ReplyDelete
  8. @ඉලංදාරියා

    ඇයි බං ඒ? :\ උඹ ජීවිතේ ගැන දුකිං?

    මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙනවා කියන්නේ අද දවස උපරිම සතුටින් ඉන්නවා කියන එකයි මචෝ!!

    ReplyDelete
  9. @ Hasitha - පැහැදිලිවම සහෝ!!!

    ReplyDelete
  10. අපි කාටත් උරුම දේ... හොද නිර්මානයක්

    ReplyDelete
  11. @ පිස්සා පලාමල්ල - ස්තුතියි මචෝ :)

    ReplyDelete
  12. දෑනුයි දෑක්කෙ මේ නිර්මාණය... හරියට මටම ලියපු 1ක් වගේ.. :)
    මම නම් ජීවත් වෙන්නෙ මෑරෙන බව දෑනගෙන තමයි අයියා... ඒත් මට තාමත් ඒ උරුමයට මුහුණ දෙන්න ශක්තියක් නෑ... :(
    මොනා උනත් ලස්සන නිර්මාණයක්...!!!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය