දුකත් දැන් සතුටක්
සසල වුනු සිත
දෑස් මානේ
පතයි නුඹ රුව
පුරුදු සෙනෙහෙන්...
මග බලයි
එබී එබී
පුරුදු රුව 'ඈ'
දැන් එතියි
සිත සිතා....
නොදනිති ඇස්
නුඹ නොඑන වග
යලිත් මා වෙත
කිසිම දිනයක....
දැන දැනත්
නොඑන වග
නිහඬ මහ රෑ
ඉකිබිඳුම් දෙන සිතට
නොනිඳ දුක් දී
සතුටු වෙමි මම
පතා මේ ඇස්
සදා පියවෙන්න
තවත් එක්
නිමේෂයකින්....
ප.ලි. : මොන දේ කිව්වත් , ඔයා ආපහු එන්නේ නෑ... ඒක මම
දන්නවා...