Friday, June 18, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 04 -

   මොහොතකට නිරුත්තරවුණ මම , සඳුනි අහපු ප්‍රශ්ණෙට හිත පතුලෙන්ම ආපු සැබෑ උත්තරේ හිමීට ඒ අහිංසක ඇස් ඉස්සරහා මෙහෙම ගැලපුවා;

"ජීවිතේටම සිදු නොවිච්ච තරම්ම මගේ හිතට සමීප වුණේ ඔයා සඳුනි!!!වෙන කෙල්ලෙක් මගේ ජීවිතේට මෙහෙම සමීපවෙලා නෑ.හීනෙකිංවත් නැහැ.

හැබැයි මම ඔයාගෙන් ආදරේ ඉල්ලන්නේ නැහැ.මොකද එහෙම දෙයක් ලැබෙනවනම් , ඒක මට ලැබේවි කවදාහරි.

ඔයා මට මගේම නංගි කෙනෙක් වගේ.එතනින් එහා ගිය දෙයක් මම ඔයා ගැන හිතලා නෑ.මගේම නංගි කෙනෙක්ට වගේ මම ඔයාට ගොඩාක් ආදරෙයි සඳුනි."

    මගේ වචනයක් වචනය පාසා සඳුනිගේ ඇස් වලට කදුළු ඉනුවා මම දැක්කා.ඒත් එයා ඇඬුවේ නෑ!ඒ ඇස් වල පිරිල ඉතුරුණේ මං වෙනුවෙන් එයාගේ හදවතේ තිබුණු සෙනෙහස කියලා මගේ පුංචි හිතට දැනුණා.ගොඩාක් දේවල් දිගට කියන්න හිටිය මට , එතනින් එහාට මුකුත් කියාගන්න බැරිවුණා.ඒ අහිංසක ඇස් ඉස්සරහා මම ආයෙත් ගොළුවුණා.

    සඳුනියි මායි මොහොතක් යනකං අපේම ඇස් දිහා බලාගෙන හිටියා.මොහොතක් වුණත් කල්පයක් තරං දිගයි කියලයි මට දැනුණේ.


  මොහොතකින් සඳුනිගේ අහිංසක මූණ ආයෙමත් අර ලස්සන හිනාවෙන් පිරුණා.

-------------------------------------------------------------------------------------------------------------

කසුන්.....

සමහරු කියනවා හොඳ යාළුවෙක් ලබන්න ගොඩාක් පිං කරන්න ඕනි කියලා.

ඉතිං මමත් ගොඩාක් පිං කරලා ඇති මෙච්චර කෙටි කාලෙකින්,හදවතට ගොඩාක් සමීපවෙච්ච,ඔයා වගේ යාළුවෙක් ලබන්න.



මං පොරොන්දු වෙලා කියන්නං , ඔයාව කවදාවත් මගේ හිතේ මතකයක් විතරක් කරන්නෑ කියලා.

ඒත් ඉතිං ඉතිරිය ඔයාට බාරයි.

ඔයාට මගේ මිත්‍රත්වය එපාවුණු දවසට මං හරිම අසරණ වේවී.
මොකද එදාට ඔයාගේ හිත වෙනස්කරන්න මට පුලුවංද කියලා දන්නේ ඔයාම විතරයි.

ඉතිං මගේ මේ පුංචි ජීවිත කාලේදි,ඔයා මගේම සොහොයුරෙක් වෙලා , හැමදාමත් මගේ ලඟින්ම ඉඳියි කියලා අහිංසක විදියට ප්‍රාර්ථනා කරන්නං.

ඒ ප්‍රාර්ථනාව බොඳ කරන්න එපා ; කවදාවත්ම එපා ...

ඔයාගේම සඳුනිගෙන්.....

--------------------------------------------------------------------------------------------------------------

      " ඇයි සඳුනි හදිසියෙම මෙහෙම දෙයක් මගෙන් ඇහුවේ ? "

     සඳුනි මගේ ඇස් දෙකෙන් එයාගේ ඇස් අයින්කරගෙන ඈත මුහුද දිහා බලාගත්තා.

      "නෑ කසුන්,මට බයයි ඔයා මගේ සමීපකම වැරදියට තෙරුං ගනියිද කියලා.මං දන්නවා , ඔයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා,ඒත් මට බය හිතුණා.ඒකයි ඇහුවේ.මොකද ඔයා වගේ යාළුවෙක් මට කවදාවත් ආයෙමත් හම්බවෙන එකක් නෑ.ඉතින් ඒ වගේ යාලුවෙක්ව නැතිකරගන්න මම කැමති නෑ කසුන්"

 
     "නෑ සඳුනි , කවදාවත් එහෙම වෙන්නෙ නෑ!ඔයාට මාව යාළුවෙක් , සහෝදරයෙක් විදියට ඕනිකරනතාක් මම ඔයා ලඟින්ම ඉන්නං.එතනිං එහා ගිය දෙයක් මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ සඳුනි.කවදාවත්ම නෑ!"


       "එහෙනං ඉතිං ඔයාට තව වැඩි කාලයක් මාත් එක්ක ඉන්න ලැබෙන්නේ නෑ!"

    මාව ගැස්සුණා!! "ඇයි ඒ??" මගේ හිත කෑ ගහල අහනවා!


    මට ඉබේම සඳුනි දිහා බැලුනා.මගේ ඇස් දෙකෙන් මගේ හිතේ තිබුණු දේ සඳුනිට දැනෙන්න ඇති.

     "අයියෝ කසුන්!විහිළුවක් කලේ!හිත රිදුණා නං සමාවෙන්න!මම වැඩිය හිතුවේ නෑ." 

     අහිංසක කම මූණේ පුරෝගෙන ඒ අහිංසකී සමාව ඉල්ලනවා.මගේ මූණට යාන්තං හිනාවක් ආවා.

     ටික වෙලාවක් යනකං සඳුනි මගේ ඇස් දිහා බලං හිටියා.ඒ නිහඬබව බින්දේ සඳුනිමයි ;

    "ඒත් කසුන්,ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්.අපි හිතන පතන හැමදේම ඒ විදියට ඉෂ්ට වෙනවනං , මේ ලෝකේ මීට වඩා කොච්චර ලස්සන වෙයිද කසුන්.ඒත් ඒව එහෙම වෙන්නේ නෑ!"

     ඒත් එදා සඳුනි කියපු ඒ වචන ටිකේ තේරුම එවේලේ මට නොතේරුනත් , එයා මට ඒත්තුගැන්නුවේ මොකක්ද කියලා අද නං මට හොඳටම පැහැදිලියි.

"..ජීවිතේ කියන්නේ විස්වාස කරන්න බැරි , මහ අරුම පුදුම දෙයක්...."


   ඒ වචන ටික අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.ඔව්!ඇත්තමයි,ජීවිතේ හරිම පුදුමයි.ජීවිතේ විසින්ම ඕනවටත් වැඩියෙන් මගේ ඇස් පනාපිටම ඒ දේ ඔප්පු කරලා ඉවරයි.

-මතු සම්බන්ධයි-

10 comments:

  1. උඹ ඔය වගේ ප්‍රශ්නාර්ථ වලින් කතාව ඉවර කරනව නම් ඉතිරි ටිකත් ඉක්මනට දාපං, නැත්නම් කුතුහලේ ඉවස ගන්න බැරුව අපි මැරිල යයි දෙයියනේ..... :(

    අනේ ඉක්මනට දාපං හොඳේ... :D

    ReplyDelete
  2. කොඩීගේ කතාවට මාත් එකඟයි. කතාව හොඳම හරියකින් නවත්තලා දවස් ගාණක් ගන්නවානේ අනික් කොටහ දාන්න. එහෙම කරන්න එපා ලොක්කා. අපි ආසාවෙන් කියවන් යන කතාව ඉක්මණට කියවන්න දීපන්......

    ReplyDelete
  3. @ කොඩී සහ Hasitha - සමාවෙන්න ඕනි මචෝ!!අදත් ගෙදර ආවේ රෑ වෙලා!(යාළුවෙක්ට computer එකක් ගන්න ගියා)උඹලට පොරොන්දු වුණු නිසා කලබලේටම ටයිප්කරලා දැම්මේ මචෝ!

    අනිවා ඊලඟ එක ඉක්මනටම දානවා.සොරි වෙන්න ඕනි පරක්කුවට.

    ස්තුතියි හැමදාමත් කියවලා ප්‍රතිචාර දෙනවට!

    ReplyDelete
  4. හ්ම්....ඉක්මණට දැම්මනම් හොදයි...නැත්නම් විදිනවා හීයක්...
    ලියමු ලියමු...............

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම් !

    ලියන්න...හුගාක් ආසාවෙන් කියවනවා

    ReplyDelete
  6. @ හසියා - හික්ස්...ඔය හීය විදපං කෙල්ලෙක්ට! :)

    ස්තුතියි මචෝ හැමදාම මේ පැත්තේ එනවාට!

    @ දිල් - ස්තුතියි අක්කේ!

    ReplyDelete
  7. ඉක්මනට ඉතිරිය දාන්න...

    ReplyDelete
  8. @ හසී - ඉක්මනටම දාන්නං :a

    ReplyDelete
  9. අනේ අයියා කොටස් ඉක්මනට දාන්න හොඳේ , එටකොට මට update කරන්නත් ලෙහෙසි ලව් ස්ටෝරි කොලෙක්ශන් එක !!!!

    ReplyDelete
  10. @ හිඟන්නා - ඔන්න මම හෝ ගාල ලියනවා!!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය