Saturday, May 22, 2010

මම බලං ඉන්නවා , තාමත් ….

~~~~~~~~මම බලං ඉන්නවා , තාමත් …. ~~~~~~~~

ඔයා එනකං බලං ඉඳලා
ඇස් දෙක රිදෙනවා
තෙහෙට්ටුයි
මහන්සියි

ඒත්

තවමත් බලං ඉන්නවා
පරණ , පුරුදු
ආදරෙත් අරගෙන
ඔයා එනකං…..

හුරතල් කතාවක් කියන්න,
මාව හිනස්සන්න,
මගේ දුක නැති කරන්න,
එන්න ආපහු
මගේ පාළු ලෝකෙට…..

එනව නේද ඔයා ?
මම බලං ඉන්නවා
තාමත්….

4 comments:

  1. ඔබ එන්න........
    ඔබ ඇවිත් යන්න එන්න.
    ඔබ එනකම් මම
    ඇස් දල්වා,
    කට දල්වා
    අක් පයින් නැඟී සිටිමින්
    බලා සිටිමි.

    ආවට පස්සේ බැරියෑ ඉතුරු ටික කියන්න..............

    ReplyDelete
  2. ආහ් දැන් අර කලින් තිබ්බ ගැටළුවලින් එකක් හරි වගේ.
    word verification එකත් අයින් කරපන් බන්.

    ReplyDelete
  3. දැන් ඒකත් හරි වගේ :) :) :)

    ReplyDelete
  4. ඔව් බං!!! ඔන්න ඔක්කොම හරිගැස්සුවා , හදිසියට එව ඔක්කොම අමතක උණා!!! දැන් හරි මචෝ , ස්තුතියි වැරදි ටික පෙන්නල දුන්නට.

    උඹේ කවිය මරු!!! හික්ස්.... ඔන්න එයා මග එනවලු!!! ( දැන් ගිහින් හැංගියන් ඉක්මන්ට ) :)

    උඹල කියවනවනං , බැරියෑ බං ලියන්න ගමකට!!!!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය