Thursday, April 12, 2012

මගේ අලුත් අවුරුදු පැතුම...


මගේ අලුත් අවුරුදු පැතුම...





සාමය දසත පැතිරුණු මේ අවුරුද්දේ
වියවුල් ආරවුල් ක්‍රෝධය වියැකෙන්නේ
සිත් තුල ආදරය සෙනෙහස ලියලන්නේ
සතුටු සිනා මල් මුව අග පිබිදෙන්නේ

සිංහල දෙමළ මුස්ලිම් වෙනසක් නැහැනේ
අප හැම එකම බැම්මෙනි එක්වී අත්තේ
මිනිසත් කමයි හැමතැන මුල්තැන ගන්නේ
එක රට,එක කොඩිය යට අප අද ඉන්නේ

වෙඩි හඬ,වෙඩි බෙහෙත් ගඳ අද නැහැ ඇත්තේ
හැම සිත් වලින් මර බිය පහ වී ඇත්තේ
තැන තැන මිනිස් ඝාතන නැහැ සිදු වන්නේ
රණවිරු සොයුරන්ට අප පිං දිය යුත්තේ

දහසක් දිවි පුදා රැක දුන් මව් බිමට
පෙම් කල යුතුය,කරනා ලෙස අප මවට
මෙය පිං බිමකි,අප ඉපදුනු මැරෙන රට
රැකගත යුතුය අපගේ දිවි දෙවැනි කොට

ආදර දයාබර සොහොයුර සොහොයුරිය
නව අවුරුද්දෙ රට ගැන හිතුවොත් හොඳය
එය දියුණුවෙන් දියුණුව වෙත ගෙන යාම
අප කාහටත් පැවරෙන වගකීමක් ය

ලබනා නව වසර ඔබ හට සුබ වේවා
සියළු පැතුම් ඉටු වී කිරි ඉතිරේවා
බාධක විපත් කරදර නොම පැමිණේවා
ජයෙන් ජය ලබා දියුණුව සැලසේවා

කරනා සියලු කටයුතු යහපත් වේවා
සිත් තුල ආදරය සෙනෙහස වැඩිවේවා
ජීවිත ජයගන්න ශක්තිය ඇතිවේවා
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා



6 comments:

  1. ලබන්නාවූ නව වසර ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!

    (අයියෙ කතාව දාන්නෙ නැද්දෝ........... :f )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ සුබ පැතුමට... කතාවේ ඉතිරි කොටස ඔන්න දැම්මා....

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  3. Wish u a හැප්පි හැප්පි new year.....:)

    ReplyDelete
    Replies
    1. හපෝයි!!! හැප්පෙන්න නම් බෑ ඔන්න!!! New year සීන් එකනං කමක් නෑ ඔන්න :)) ඔබටත් එසේම වේවා සහෝ!!! :)))

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය