Friday, March 23, 2012

විභාග අඳෝනාව !!!



විභාග අඳෝනාව !!!




[ නිමිත්ත : විශ්ව විද්‍යාලයේ Semester 3 අවසන් විභාග කාල සටහන ලැබේ!]

කෝස්වර්ක් ගොඩගැහිලා,

පාඩම් වැඩ මග ඇරිලා,
ඇස් ළඟටම මම එරිලා,
සිතෙනවා යන්නට පැනලා...

මිඩ් එග්සෑම් ඉවර වූනා,

කිවුවට එහෙමම නොවූනා,
හයියෝ මට මතක් වුනා,
කැල්කියුලස් ඉතුරු වුනා...

විෂයන් 11 යි බොලේ,
නෝට් ලියමි මෙදා සැරේ,
පොත් ගත්තත් බරට බරේ,
සතියයි ඒවා කෙරුනේ...

සති හයකින් අවසානේ,
තියෙනවා තුන් වෙනි සෙමියේ,
වැඩ නොකලත් මෙදා සැරේ,
කරනවා මම ලබන සැරේ !!!

හිතුවත් හැමදා මෙලෙසා,
කවදද කෙරුනේ එලෙසා,
නිසා ඔබව නොකර ලොසා,
මම යනවා ඇක සලසා...


ප.ලි. : හැමදාම ඔහොමයි!! මොන දෝසයක්ද මංදා !!!! :)))

2 comments:

  1. සිරාම තමා බන් හැමදාම ඔහොම තමා වෙන්නේ
    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. බහුතරයකට , හැමදාම වෙන්නේ ඕකම තමයි.... :)

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය