Saturday, April 14, 2012

මටම පුදුමයි!!! - නිමක් නැති කතාව අතරතුර තවත් අතුරු කතාවක් -

     ~~ නිමක් නැති කතාවක්... ~~
[ ... අතරතුර තවත් අතුරු කතාවක්... ] 





            නිමක් නැති කතාවක් ලියන මට නොහිතපු වෙලාවක මුහුණ දෙන්න සිද්ධ වුනු සිද්ධියක් ගැනයි කියන්න හදන්නේ.ඊයේ අළුත් අවුරුදු සැමරුම් අතරේම මම කලබලේට වගේ "නිමක් නැති කතාවක්... පිටු අංක 3" කොටස ලියලා දාලා මහා රෑ වෙනකං සිංදු අහ අහා , මූණු පොතේ පිටු පෙරලා පෙරළා ඉන්නකොට හදිසියේම මට දුරකථන ඇමතුමක් ආවා මහ රෑ 12 ට විතර..වෙන කාගෙන්වත් නෙවෙයි මේ කතාවට අතිශයින් සම්බන්ධ චරිතයක්... නෙතූගෙන්....

"හෙලෝ... ෂමිරු...?"

"හෙලෝ නෙතූ"

"සුබ අළුත් අවුරුද්දක් වේවා ෂමිරු...."

"ඔයාගෙත් හැම පතුමක්ම ඉෂ්ටවෙන , පවුලේ සැමට ලෙඩ දුක රහිත , ජයග්‍රාහි අවුරුද්දක් වේවා නෙතූ...."


"කතාවේ ඊළඟ කොටස දැම්මද  ෂමිරු?"

"හ්ම්ම්... ඔව්.. ලින්ක් එක ඇති මගේ වෝල් එකේ.... ගිහින් බලන්න..."

"ඕකේ"

ෆෝන් එක විසන්ධි වුනා...

තව  විනාඩි 5 කින් විතර ආපහු කෝල් එකක් ආව එයාගෙන්ම...

"කියෙව්වද?"

"ඔව්  ෂමිරු. ..."

"කොහොමද ඒක??"

"ලස්සනයි.... පොඩි කාලේ මතක වෙනවා  ෂමිරු. ... ඔයා ලස්සනට ලියනවා..."

"තෑන්ක්ස් නෙතූ...."

"පොඩි දෙයක් තියෙනවා..."

"මොකක්ද නෙතූ??"

"මටත් ආසයි ඔයත් එක්ක මේ කතාව ලියන්න... "

"ෂා!!! ශෝක්නෙ!!! ඉතිං ලියමුකො!!!"

"හ්ම්ම්... පුළුවන් තරං ඉක්මනට හම්බවෙලා කතාකරමු අපි... සෙට් වෙලා ලියමු... මටත් ගොඩක් දේවල් තියෙනවා මතක කරලා දෙන්න  ෂමිරු..."

"අනිවා.. ලියමු!!! එහෙනං මට දවසක් කියන්න හම්බවෙන්න පුළුවන්..."

"ඉක්මනටම කියන්නම්.....  ෂමිරු.... තව එක දෙයක්..."

"මොකක්ද?"

"මාව ඒ දවස්වල ඇත්තටම ඔච්චර ලස්සනට පෙනුනද ළමයෝ??"

"හ්ම්ම්... ඇත්තමයි! තාමත් ඇස් පියාගෙන මතක කරන්න පුළුවන් ඒ හිනාව... ඒ දඟ මුණ..."

"හී.. ලැජ්ජත් හිතෙනවා  ෂමිරු ඔයා ඔහොම කියද්දී...."

"හික්ස්... මටත් හිනා අෆ්ෆා!!! :)) "

"අපි ඉක්මනට හම්බෙමු... මම දැන් තියන්නං ෂමිරු... "

"ඕකේ නෙතූ..."

"ගුඩ් නයිට් ෂමිරු..."

"ගුඩ් නයිට්... බුදු සරණයි..."

එයාට හිනා ගියා...

"ආහ්!! අමතක වුනා නෙතූ..."

"මොකක්ද?"

"ඔයා ඉතිං භෞතිකවාදියෙක්නේ.... බුදු දහම අදහන්නේ නෑනේ..."

අයෙමත් එයාට හිනා...

"හ්ම්ම්... පිස්සා... මම තියනවා...bye..."



"Bye නෙතූ..."

ඒ කියන්නේ එයාටත් මාත් එක්ක ලියන්න ඕනි වෙලා... ජීවිතේනං.... අනේ මන්දා අයියෝ!!! :)) එක එක වෙලාවට එක එක විකාර!!!

බොහෝවිට එයා ඊළඟ කොටසේ ඉඳං මාත් එක්ක එකතු වෙලා ලියයි.... බලමුකෝ මොකද වෙන්නේ කියලා....





*********


නිමක් නැති කතාවක් > පිටු අංක 01 මෙතනින් කියවන්න <

නිමක් නැති කතාවක් > පිටු අංක 02 මෙතනින් කියවන්න <

නිමක් නැති කතාවක් > පිටු අංක 03 මෙතනින් කියවන්න <



*********

6 comments:

  1. ආහ්....ශෝයි ශෝයි....කතා නායකයයි නායිකාවයි ඩෙන්නම එකටුවෙලා ලියන්ඩ යන්නෙ....ම්ම්ම්ම්...බලමු බලමු.....:)

    ReplyDelete
    Replies
    1. බලමු බලමු මොකද වෙන්නේ කියලා...

      Delete
  2. මේකත් මෙගා සීරීස් එකක් වෙනවා නේද?හොඳයි හොඳයි.....

    ReplyDelete
    Replies
    1. මෙගා කිව්වට මෙගාම නෙවෙයි.... කතාවේ අවසානේ ලියවිලා ඉවරයි... ශමිරු ඉතුරු ටිකත් ලියාවි ඉක්මනටම.....

      Delete
  3. මට මේකේ නම් දෙක ගැන ලොකු ප්‍රශ්නයක් තියනවා.දෙන්නම අපේ යුනි එකේ ඉන්නවා.උඹ නම් අරගෙන උඹේ කතාවට එකතු කරගත්තද? කොහොම වුණත් දැන් දැන් උණුසුම් වීගෙන යනවා....

    ReplyDelete
    Replies
    1. හික්ස්.... කතාවේ නම හැදිච්ච හැටි ගැන මම උඹට කිව්ව්වානේ.... :))) බලමු බලමු මොකද වෙන්නේ කියලා...

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය