Friday, January 6, 2012

"නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්....

        "නිමක් නැති කතාවක්" , ලියන්නට පූර්විකාවක්....





       අලුත් අවුරුද්දේ හා හා පුරා  කියලා කතාපොතේ ලියවෙන පලවෙනි ලිපිය තමයි මේක...ඉතිං බ්ලොග් අවකාශේ ඉන්න හැම කෙනෙක්ටම , මේ ලැබුවා වූ නව වසර, කිරි පැණි උතුරන , සුබ සිතිවිලි සියල්ල ඉටුවන සුබම සුබ ,අති සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම....


        කතාපොත පුරාවටම ගොඩක් දේවල් ලියවුනා පහුගිය අවුරුදු දෙක තුළ.ඒ අතරතුර කෙටි කතාවකුත් ලියවුනා "අහිමි සෙනෙහස" නමින්... "අහිමි සෙනෙහස" කතාකලේ මිත්‍රත්වයක් තුළ අහිමිවූ සෙනෙහසක් ගැන... ඒ කතාවට ගොඩ දෙනෙක් ආසා කළා.ගොඩ දෙනෙක් කතාව කියවල රසවින්දා කියලා ලැබුණු ප්‍රතිචාර වලින් හොඳටම තේරුම් ගියා... තවත් සමහරු ඇහුවා කවදද ආපහු ඒ වගේ කතාවක් "කතා පොතේ" ලියවෙන්නේ කියලා....


      2011 වසරේදී නොහිතපු තරං මම කාර්යබහුල වුනා... අදටත් ඒකෙ වෙනසක් නැහැ... ඒත් තවත් කතාවක් ලියන්න ඕනි කියලා මගේ හිත මට බලකලා... අන්තිමට හිතට එකඟවෙන්න මට සිද්ධ වුනා.... ඒ නිසා,මම තවමත් අවසානයක් නොදන්නා, "නිමක් නැති කතාවක්" ලියන්න පටන් ගත්තා... අද ඉඳං කොටස් වශයෙන් කතා පොතේ දී ලියවෙයි "නිමක් නැති කතාවක්"... ආරාධනා කරනවා හැමෝටම ඇවිත් කියවලා බලන්න කියලා... අනිවාර්යයෙන්ම,මෙතෙක් ඔබ නොහිතපු,නොදැකපු මානෙකට ඔබේ හිත අරං යනවා , "නිමක් නැති කතාවක්"....


===================================


ආදරේ කරන්න බැරිද මට?
මම තාම පොඩි වැඩියි?
ඇයි ඒ?
ආදරේ කරන්නේ ලොකු මිනිස්සු විතරද?
පුංචි මට ආදරේ කරන්න බැරිද?
මම එයාට ගොඩාක් කැමතියිනේ.....
එයත් මට කැමති ඇති....
මට එහෙම හිතෙනවා....
අනේ,
එයා මගේ...
කාගේවත් වෙන්න දෙන්නේ නෑ මම...
ආදරෙයි එයාට..
හැමදාමත්....
කවුරු මොනවා කිව්වත්....
වෙනස් වෙන්නේ නෑ මම.....
කවමදාවත්......




===================================

Sunday, December 25, 2011

පලායමි මම....

පලායමි මම....





මගේ දුක අසන්නට කෙනෙකු නැති හැටි...
ලඟින් උන් හැම දමා ගොස් අද....
තනිවෙලා කඳුළැල් අතර මම....
විඳිනවා දුක් පෙර නොවිඳි ලෙස...
නිමා කෙරුමට විඳින මේ දුක....
පලායන්නට සිතෙයි දුරකට....
යලි නොඑන්නට කිසිදු දිනයක....

Tuesday, December 6, 2011

ඈ දන්නෙ නෑ...



ඈ දන්නෙ නෑ....




ඇගේ නෙතුපියන් අද්දර
මගේ හිත නතරව
ඈ සමග
ඇසිපිය හෙලනා වග
ඈ දන්නෙ නෑ....



ලතාවට නැලවෙන
ඇගේ මුදු වරලස
දෑස් මගෙ
පිනනා බව
ඈ දන්නෙ නෑ....



දසන් පා හිනැහෙන
ඇගෙ සුසිනිඳු මුව ලඟ
මගේ දෑස් හොරෙන්
නවතිනා වග
ඈ දන්නේ නෑ....


විටින් විට නැටවෙන
නිල් නයන යුග්මය
මගේ හදවත ගැස්ම
                                                                                  වැඩි කරවනා වග
                                                                                  ඈ දන්නෙ නෑ....




රෝස පාටින් දිලෙන
ඇගේ මුදු තොල්පට
චුම්භනය කෙරුමට
සිත ඉල්ලනා වග
ඈ දන්නේ නෑ....



ආදරය උතුරන
දඟපාන ඇය ලඟ
මගේ දිවි නතරව
ඈ ඉල්ලනා බව
ඈ දන්නෙ නෑ....


=========================================================
ප.ලි. : සමහරවිට මේ දේවල් එයා කවමදාවත් දැනගන්න එකකුත් නෑ.....
=========================================================



Friday, December 2, 2011

මැරෙයි මම....

නෙක පාට සිහින මට මවාදී


ඇය ගියා මා දමා ඉගිල්ලී








දුකද මට?



දන්නේ නෑ!



ඇඬුවා ද?



කියන් නෑ!







හිත හිතා



ඇය ගැනම



මැරෙයි


මම


අද හෙටම.....

Monday, November 7, 2011

පිපාසය ..


පිපාසය ..




සංසිදුවාලන්නම් මා නුඹව ,
මගේම ඛේටයෙන්,
ලදොත් විනා නොබොන්නෙමි ,
දිය උගුරක්‌ පවසට,
නොසංසිදෙන දිය ඌලකින් මිස....

- මගේ මිතුරියක විසින් රචනා කරන ලද , ආදරය හා ජීවිතය ගැන සිතන්නට යමක් ඇති නිදහස් පද ගැලපුමක් -