Tuesday, December 6, 2011

ඈ දන්නෙ නෑ...



ඈ දන්නෙ නෑ....




ඇගේ නෙතුපියන් අද්දර
මගේ හිත නතරව
ඈ සමග
ඇසිපිය හෙලනා වග
ඈ දන්නෙ නෑ....



ලතාවට නැලවෙන
ඇගේ මුදු වරලස
දෑස් මගෙ
පිනනා බව
ඈ දන්නෙ නෑ....



දසන් පා හිනැහෙන
ඇගෙ සුසිනිඳු මුව ලඟ
මගේ දෑස් හොරෙන්
නවතිනා වග
ඈ දන්නේ නෑ....


විටින් විට නැටවෙන
නිල් නයන යුග්මය
මගේ හදවත ගැස්ම
                                                                                  වැඩි කරවනා වග
                                                                                  ඈ දන්නෙ නෑ....




රෝස පාටින් දිලෙන
ඇගේ මුදු තොල්පට
චුම්භනය කෙරුමට
සිත ඉල්ලනා වග
ඈ දන්නේ නෑ....



ආදරය උතුරන
දඟපාන ඇය ලඟ
මගේ දිවි නතරව
ඈ ඉල්ලනා බව
ඈ දන්නෙ නෑ....


=========================================================
ප.ලි. : සමහරවිට මේ දේවල් එයා කවමදාවත් දැනගන්න එකකුත් නෑ.....
=========================================================



3 comments:

  1. ගොඩාක් ලස්සන වචන අයියා....හ්ම්ම්.. සමහරවිට මෙහෙම වෙනව ඇති මම හිතන්නෙ... :|
    great job anyway! :)

    ReplyDelete
  2. ස්තුතියි නංගා... හ්ම්ම්..මෙහෙම දේවල් වෙනව මම අහලත් තියෙනව,දැකලත් තියෙනව..... :b

    ReplyDelete
  3. මාත්.. ඒ ඇරුනම අත් විඳලත් තියෙනව මම හිතන්නෙ... :b

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය