අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම
සහසකුත් කල්පනා මැද,
දහසකුත් සිතිවිලි වලින් තෙරපී,
තෙහෙට්ටුවෙන් අකර්මන්‍ය වු,
මගේ ඔත්පල සිත,
තවමත් සොයන්නේ ඔබේ රුවයි....
අමතක කළා යැයි,
පාරම් බෑවාට,
තුන්හිතින් එළවලා ගොඩක් කල් කීවාට,
විටින් විට එබී එබී ,
සිතට දුක් ගිනි දිදී,
ආත්මෙට වධ දිදී,
මගේ ජීවිතේ එක්ක,
සෙල්ලම් කරන්නට තරම්,
ඇයි ද මතකය නපුරු ඔබගේ....
ඔහුගේ දෑතේ වෙලී,
පෙම් බසින් උදම් වී,
ඔබ තුටින් ඉන්නා බව දැන දැනත්,
දෑස් පියවෙන හැම මොහොතකම,
මගේ තුරුලට අරං,
හුරතල් කතා කිය කියා,
සෙනෙහසින් වැළඳගෙන,
ආදරෙන් සිපගන්න,
මගේ සිත දඟලන්නේ,
ඇයි කියලා කියනවද?
ජීවිතේ එතනමයි! ඔයා නැති අඩුව විතරයි! අනිත් හැමදේම එහෙමමයි!
අමතක කලාට මම නුඹව , අමතක වෙලා නැහැ මට තවම!
අමතක කළත් මතක් වෙන්නේ තනි වුණාම වෙන්නැති නේද? ඔව්වා ඔහොම තමයි.කාලයටවත් විසඳන්න අමාරු ප්‍රශ්න .ශක්තිමත් වෙයන්!!!
ReplyDeleteමතක අමතක නොවෙන්නේ හිතට ළඟ හින්දා වෙන්න ඇති අමිල... අමතක කළා කියලා හිත රැවැට්ටුවට , වතුරට යට කරපු රබර් බෝලයක් වගේ ඉඳල හිටලා හරි උද එනවා සහෝ.... ස්තුතියි මේ පැත්තේ ආවාට!
Deleteතනිකමට තියෙන බය අපිව ආදරේ කරන්න පුරුදු කරනවලු....ඒත්....ආදරෙන් තනිවුනාම අපි තනිකමට ආදරේ කරන්න පුරුදු වෙනවලු.....
ReplyDeleteමතක තරම් නොමරා හුස්ම හිරකරන ජාතියක් මේ ලෝකෙ කොහේවත් නැතුව ඇති.
මිනිස්සුන්ගේ හිත වෙනස් වෙනවා... ඒකයි මේ හැමදේම... මතක අපිට වධ දෙන්නේ , වෙනස් වෙලා කියලා මතක් කරවන්නේ "මතකයන්" හන්දා...
Deleteඅමුතුම කලාවක්.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ලස්සනයි :)
ReplyDeleteස්තුතියි නංගෝ! :)
Deleteකතාව ලීනවඩ නැඩ්ඩ.....ආයෙ ආන්නෑ...හලිඩ....ටලා වෙනෝ....:/ :(
ReplyDeleteසිතාමතා කල නොහැකි එකම දෙය අමතක කිරීම.
ReplyDeleteකවදාවත් කිසිදෙයක් අමතක කරන්න බෑ