Tuesday, March 13, 2012

මගෙම වෙනු මැන....

මගෙම වෙනු මැන....


හීන හිරිමල් හිත පුරා යන
ආදරෙන් සිත නහවලා...
ලංවෙලා මගේ ලොවට රහසින් 
හිමින් නුඹ මට ඉඟි කළා...
පාළුවෙන් උන් අඳුරු කාලය
සිනහවෙන් නුඹ එලි කළා...
නුඹේ සෙනෙහස හිරිවැටුණු මගේ
සිත් හැඟුම් උණුසුම් කළා....






කොහෙන්දෝ විත් අමුතු සුවඳක්,
මගේ හද තුල නැවතිලා....
සිතම රිදවන වේදනා දුක්,
මගෙන් ඈතට පා කළා...
පුරුද්දට මෙන් සසර පෙර සේ,
මෙදත් ඔබ මා එක්වෙලා...
සදාකල් මේ ලෙසින් ඉන්නට,
පැතුම් හද තුල පොදි කළා...






හිත පුරා රැඳී නුඹේ සුවඳින්,
හදවතම කිති කැවෙනවා...
නුඹේ සෙනෙහස සොයන මා නෙතු,
නුඹේ රුව මඟ බලනවා...
ඇවිත් හීනෙන් හඬන මා සිත,
නුඹේ කොපුලින් තෙම තෙමා...
ආදරෙන් සැමදාම ඉනු මැන,
නුඹ මගේ විතරක් වෙලා....





2 comments:

  1. උබ කවියෙක් වෙලානේ බන් දැන්... කොහොම ද මලයා ජීවිතේ ?

    ReplyDelete
    Replies
    1. :) කවියක් දෙකක් ලියවුනා මේ දවස්වල ජීවිතේ වෙච්ච දේවල් එක්ක අයියේ... ලොකු අවුලක් නැහැ , ඒත් වෙනස් නොවෙයි කියලා හිතාගෙන හිටපු සමහර දේවල් ජීවිතේ වෙනස් වුනා... මම තනිකඩයෙක් වුණා... කොහොමද ඔය පැත්තේ වැඩ කටයුතු?

      Delete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය