Thursday, July 28, 2011

ජීවිතේ හැටි...



අපේ ජීවිතේදි
අපිට සමහරු මුණගැහෙනවා...
එහෙම මුණගැහෙන සමහරු
ඉක්මනට වෙන්වෙනවා...
තවත් සමහරු දීර්ඝ කාලයක්
අපිත් එක්කම ඉන්නවා...

හේතු අහේතු මොනව වුණත්,
වෙන දේ බලාගෙන ඉන්න අපිට සිද්ධවෙනවා...
කවුරු අපිව දාලා ගියත්,
කවුරු අපි ගාව ඉතුරු වුණත්,
අපි බලං ඉන්නවා....

කවදහරි මේ දේවල් වෙනස් කරන්න හැදුවොත්?
අපිට ආපහු හදාගන්න බැරි තරම් ජීවිතේ වෙනස් වෙයි...

ඔව්..

කවුරුවත් නොහිතන විදියට ජීවිතේ වෙනස් වෙයි...

සමහරුන්ට ඒ වෙනස දරාගන්න පුලුවන් වෙයි,
ඒත් බහුතරයකට එහෙම බැරි වෙයි..
ඒ නිසයි අපි තාමත් බලං ඉන්නේ..
දෛවයට ඉඩ දීලා අපි හැමෝම බලං ඉන්නේ ඒ නිසයි...

මොකද මේ අපේ "ජීවිතේ හැටි" හින්දයි....

6 comments:

  1. සිද්ධ වෙන දේවල් වලටම ඉඩ දීලා හිටියොත් සමහර විට පස්සේ මට මේ දේ වෙනස් කර ගන්න තිබ්බානේ කියන පසු තැවිල්ල ඇති වෙන්න පුළුවන්..

    ReplyDelete
  2. මම ගොඩක්ම ආදරේ කරපු මගේ ලඟින්ම හිටපු අවුරුදු දෙකක් මට සහෝදරත්වයෙන් සලකපු මගේම එකියක් . අද මම වැඩකරන තැනින් අයින් වෙලා ගියා .. මේක දැක්කට පස්සේ හිතුනා මේක ලියලා තියෙන්නේ මටමද කියලා ..

    මේක බැලුවම ඇහෙන් කඳුලු වැටුනේ නැතත් මගේ හිත අඬනවා බං

    මාර සංවේදී පද කීපයක් ..

    ReplyDelete
  3. @චතුර.... අනිවා සහෝ! ඒත් ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ වියයුතු ආකාරයට කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  4. @හිස් අහස අපි කොච්චර ආස කළත් ඒ අය හැමෝම අපි ගාවින් තියාගන්න හැමදාමත් අපිට බැහැ! හමුවීමක් ඇත්නම්,වෙන්වීමක්ද අනිවාර්යයෙන්ම ඇත....

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය