Sunday, December 12, 2010

මම ජීවිතේ මරණවා!!

ඔයත් ගියා....
අපිම දන්නෙ නෑ!
අපෙ අදහස්?
අපිට අවනත නෑ!
අපේ හිත්?
තනිවෙලා,
දුක ඉතිරිලා,
කඳුලු ගලනවා..
ඉරිලා තැලිලා,
පොඩිවෙලා,
ආයෙමත් හදන්න බැරි තරම්ම,
වෙන්වෙලා...
එකට උන්නු
ජීවිත දෙකක්
අද වෙන්වෙලා....
තනි තනිව
බලං ඉන්නව
අනිත් කෙනා
තමන් ලඟට එනකං...
ඒක කවදාවත් වෙන්නේ නෑ!
මොකද,
අපි අපේම ලෝකවල
තනිවෙලා...
වැඩ ගොඩක් මැද
හිරවෙලා...
ඉස්සර
ආදරෙන්
වචන ටිකක් ගැලපුවාම,
"ලස්සනයි"
කියපු
ඒ අහිංසකී,
අද නෑ....
අද එහම දෙයක් ගැලපුවොත්
ඔයා කියාවි,
"ඒක හරිම බොලඳයි"
"අනිත් අය මොනවා හිතයිද"
ඒවා ඉස්සර
ඔයා නොකියපු දේවල්...
කවදාවත් ඔයා
නොහිතපු දේවල්...
මට දුක නෑ!
මොකද මගෙ හිතට
තව අඬන්න කඳුළු නෑ....
මට පරණ ජීවිතේ
මතක නෑ...
ඒ ආදරේ
ආපහු ලැබෙන්නෙත් නෑ...
ඒ නිසා මම
දුක් වෙලා වැඩක් නෑ...
ජීවිතේ
ජීවත් වෙන්න නෙවෙයි
ජීවිතේ
මරලා දාන්නයි
මට ඕනි!
ඔයාගේ ජීවිතේ
ඔයා ජීවත් වෙන්න
මාව අමතක කරන්න...
වැඩ නිසා
අමතක වෙයි
ඉක්මනටම....
දැනට එච්චරයි!

6 comments:

  1. මේක අයියගෙ සිතේ ඇති වෙච්ච සිතුවිල්ලක් විතර නම් මට කියන්න තියෙන්නෙ
    "හෑමදේම සිද්ද වෙන්නෙ හොදටයි!" කියලා.
    ඒත් මෙතන සිතුවිල්ලකට වඩා එහා දෙයක් තියෙනවනම් මට කියන්න වෙන්නෙ
    "හෑමදේම හොද විදිහකට සිද්ද වෙයි!" කියලා.

    ReplyDelete
  2. අලේ මංදා මොනා කියන්නද කියල

    ReplyDelete
  3. @ Hasitha- ස්තුතියි අක්කියෝ!

    @ මිහිranga - මේක මගෙ අත්දැකීමක් නෙවෙයි මචෝ!සිතිවිල්ලක් විතරයි!

    @ කොඩී - මුකුත්ම නොකියා හිටපං :c

    ReplyDelete
  4. තේරෙන්නේ නැහැ බන් මොකවත්ම :p

    ReplyDelete
  5. කියන්න තියෙන්නේ එක දෙයයි

    අයියේ උඹ නම් ලියන්නම උපන් කොල්ලෙක් !

    ජයවේවා !!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය