Tuesday, August 24, 2010

ඔය ඇස්......


ලස්සනයි ඔය ඇස්
තුරුළු කරගත්තා මගෙ ඇස්

කතා කරන ඒ ලස්සන ඇස්

ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්


එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
මාව වශී කරගත්තා ඔය ඇස්


ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
හීන ලොවක මා රජ කල ඒ ඇස්


දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්


කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස්

10 comments:

  1. දකින්නට සිහින මැවුවද
    මගේම කර ගන්නට හිතුවද
    කවදාවත්ම මගේ නොවෙන
    ඔය ඇස්.............

    ලස්සනයි සහෝ.......

    ReplyDelete
  2. :q
    නියමයි අයියේ

    ReplyDelete
  3. ස්තුතියි හා පැටික්කී සහ Hasitha ජයසූරිය මල්ලියෝ :a

    ReplyDelete
  4. හ්ම්.....ලස්සන පද පෙලක් සහෝ....
    පෙම්වතුන්ගේ(පෙම්වතුන්ගේ විතරක් නෙවේ වෙනත් කෙනෙක්ගේ වුනත්) ප්‍රබලම ඉන්ද්‍රිය විදිහට මම හිතන්නේ මේ ඇසි.ඇස් වලින් කොයි තරම් දේවල් කියන්න පුළුහන්ද?
    උඹ ඉතිං මට වඩා ඒ ගැන දන්නවනේ........

    ReplyDelete
  5. ලස්සනයි මලේ....

    හුඟ දවසකින්... කොහොමද වැඩ කටයුතු දැන්... ශේප් නේද දැන් ඔක්කොම..

    ReplyDelete
  6. හරිම ලස්සනයි :q :n

    ReplyDelete
  7. හැමෝටම ස්තුතියි ප්‍රතිචාරවලට.

    @ පිස්සා පලාමල්ල - ඔව් අයියේ,මේ දවස්වල ටිකාක් වැඩ වැඩි වෙලා ExMO ප්‍රදර්ශනේ නිසා.

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය