Wednesday, July 27, 2011

අමතකයි මට මාව...

ගොඩක් දවසක් බලන් හිටියා
මුකුත්ම නොලියා
බය හිතුනා
මට මං ගැනම
සැක කලා මම
අමතකද මට මාව??

සිතුනා නෙකවරක්
මැකීයයි මා
සදාතනිකව
කාලයේ වැලි තලාවෙන්...

කියන්නට යලි
මගේ හැඟුමන්
ගොතන්නට තව
කතා අහුරක්
ආවා යලිත්
සුපුරුදු සෙහනෙහසින්

ඒත්
අමතකයි මට මාව...
මතක් කරලා දෙනවාද මට මාව?

Monday, January 10, 2011

EVERYTHING...

 I was dreaming all the nights,
the way I would've loved if I had a girl.
I wished for an angel,
with dark blue eyes and a cute little face…..

I laughed at my self,
for dreaming like that.
Coz I knew that,
It’d never happen in my life………

But when I met you,
I was shocked.
As I felt my dream,
Is to be succeed……..

You’re the one,
Whom I always dreamt of,
Those blue eyes n cute little face……..
Oh!my baby,you made me crazy……..




I felt the warmth of your heart,
and I sensed the happiness………….
I learnt to live holding a will,
Simply by the things you taught…….

So my sweety,
don’t leave me anyday,
please be with me,
till the day I die,

coz my soul,life and my love,
all of them belong to you…….
Here I swear to love you and be with you,
till the day I leave this world,and even after…………..

simply because...

YOU ARE MY EVERYTHING !

Sunday, December 12, 2010

මම ජීවිතේ මරණවා!!

ඔයත් ගියා....
අපිම දන්නෙ නෑ!
අපෙ අදහස්?
අපිට අවනත නෑ!
අපේ හිත්?
තනිවෙලා,
දුක ඉතිරිලා,
කඳුලු ගලනවා..
ඉරිලා තැලිලා,
පොඩිවෙලා,
ආයෙමත් හදන්න බැරි තරම්ම,
වෙන්වෙලා...
එකට උන්නු
ජීවිත දෙකක්
අද වෙන්වෙලා....
තනි තනිව
බලං ඉන්නව
අනිත් කෙනා
තමන් ලඟට එනකං...
ඒක කවදාවත් වෙන්නේ නෑ!
මොකද,
අපි අපේම ලෝකවල
තනිවෙලා...
වැඩ ගොඩක් මැද
හිරවෙලා...
ඉස්සර
ආදරෙන්
වචන ටිකක් ගැලපුවාම,
"ලස්සනයි"
කියපු
ඒ අහිංසකී,
අද නෑ....
අද එහම දෙයක් ගැලපුවොත්
ඔයා කියාවි,
"ඒක හරිම බොලඳයි"
"අනිත් අය මොනවා හිතයිද"
ඒවා ඉස්සර
ඔයා නොකියපු දේවල්...
කවදාවත් ඔයා
නොහිතපු දේවල්...
මට දුක නෑ!
මොකද මගෙ හිතට
තව අඬන්න කඳුළු නෑ....
මට පරණ ජීවිතේ
මතක නෑ...
ඒ ආදරේ
ආපහු ලැබෙන්නෙත් නෑ...
ඒ නිසා මම
දුක් වෙලා වැඩක් නෑ...
ජීවිතේ
ජීවත් වෙන්න නෙවෙයි
ජීවිතේ
මරලා දාන්නයි
මට ඕනි!
ඔයාගේ ජීවිතේ
ඔයා ජීවත් වෙන්න
මාව අමතක කරන්න...
වැඩ නිසා
අමතක වෙයි
ඉක්මනටම....
දැනට එච්චරයි!

Saturday, December 11, 2010

අපි අපේම ද?

                   උපන් දා සිට,
අපි අපේමද?


සිතින් මැවුවත්,
නෙක සිහිනයන්,
ඉටු වෙනවදෝ,
සියළු පැතුමන්?


තෘප්තිමත්දෝ
අපේ ආසාවන්?


ලොවම ඉල්ලා,
හඬා වැටෙනා,
සිත නිවන්නට,
අපට හැකිවෙද?


සිතට යටවී,
හිතට අවැසිව,
දුක්විඳින,
"අපි අපේමද??"

Tuesday, December 7, 2010

තනිවෙලා...





හැම දේම,
බෙදා හදාගත්තු...
තනිකමට ලඟ උන්නු....
ඈ ලඟින් නැති නිසා...
මම තනිවෙලා...
ජීවිතේම එපා වෙලා..
ආත්මෙම තුවාල වෙලා...