නොකරපු වරද.....
කොච්චර අමතක කළත් ,
අමතක කරන්නම බැරි එකම දේ ,
මට ආයෙමත් වද දෙනවා...
අමතක කළා කියලා හිතාගෙන හිටියට ,
එහෙම වෙලා නැහැ කියලා මම අද දැනගත්තා...
ඇස් වලට කඳුළු පුරවන්න ,
මුළු ඇඟම හිරිවට්ටන්න,
තාමත් ඒ වචන වලට පුළුවනි කියලා අද තේරුම්ගත්තා...
කොහොම තේරුම් කරන්නද!!!
කාට තේරුම් කරන්නද!!!
නොකරපු වරදකට,
වරදකරුවෙක් කරන්නෙපා කියලා,
කාට කෑ ගහන්නද මම??
ඔයාට ඇහෙනවනං,
ඒ දේ කරන්නෙපා මට,
කවමදාවත්....
ජීවිතේ කරපු එකම එක වැරැද්ද,
ඔයාගේ ආදරේ තේරුම් නොගත්තු එක...
ඒ එකම එක වැරැද්ද නිසා,
මම හැමදාමත් දුක්විඳිනවා,
ජීවිතේ පුරාවටම...
පුළුවන් වුණොත් ,
කවමදාකහරි , සමාවෙන්න මට...
මම කරපු වැරැද්දට...
නොකරපු වැරැද්දට නෙවෙයි....
ප.ලි. : පලිගන්න තරම් දෙයක් ඉතුරුවෙලා නැහැ මගේ... තවත් රිද්දන්න එපා... තේරුමක් නැහැ...
නොකරපු වරදකට විදවීම කියන එක ගැනනම් කියන්න කොච්චර දේවල් තිබුනත් කියන්න හිතෙන්නෙ නෑ..
ReplyDeleteලස්සණ නිර්මාණයක්..නිර්මාණයකට එහා ගිය දෙයකුත් තියනවා වගේ පේනවා..මම හරිද දන්නෙ නෑ.