Sunday, November 21, 2010

ආදරය මෙසේ විය ...

                            ඔහු ;


වසර ගණනක් බලා හිඳ,
පෙරුම් පුරමින්,
සිහින දකිමින්,
දවස් ගණනක්,
මාස ගණනක්,
වෙහෙසිලා වෙහෙසිලා,
ඔහුට ඇය හිමිවුණා.......


එතැන් සිට :


ආදරෙන් තුරුල් වී,
පැය ගණන් තුටු සිතින්,
බස් දොඩා,
පෙම් කලා,
ජීවිතේ සුන්දරයි,
කිය කියා හිනැහුණා...


ඉන්පසුව :


අත මුදල් හිඟ වුණා,
හමුවීම් මඳවුණා,
සිනහ මල් වියැකුනා,
ආදරය ලොප් වුණා,
ඈ ඔහුව තනිකලා,
අවැසිකම් ඉටුවෙනා,
වෙන හිතක නැවතුණා....


ඔහු : දුක් විඳිමින් තනිවිය....


ඈ : සැප විඳිමින් තුටු විය....

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


ප.ලි. : ඔබ 'ඔහු' විය හැක... එසේම 'ඈ' ද විය හැක.....

13 comments:

  1. සහතික ඇත්ත නොහොත් බිටර් ට්රුත්

    ReplyDelete
  2. සින්ගල් රො‍ක්ස් :s

    ReplyDelete
  3. මා ඔහු නොවේ..ඒත් ඇය එසේ විය හැක..තවම මම ඇය සොයන්නෙමි...ඒත් බහුතර ඇත්ත කථාව ඔයා ලස්සනට ලියලා...

    ReplyDelete
  4. @ කොඩී - වෙන්න බෑ.මගෙ ආදරේ ඔය යස අගේට තියෙන්නේ :h :i

    @ තරු අහස - ස්තුතියි! ඇය සොයාගත් පසු,ඔබ ඔහුද නොවී,ඇය ඇය ද නොවන ලෙසට ජීවත් වෙන්න! :q

    ReplyDelete
  5. ඇත්ත ... .
    මේ ඇත්තට මුනදෙන්න මම දැන්ම ඉඳලා රෙඩි වෙනවා !

    කතා පොත ආයේ ලියන බව දන්නේ අද මම දිගටම මෙහේ එනවා !!.

    ජයවේවා !!

    ReplyDelete
  6. කාගෙත් ප්‍රාර්ථනාව ඒකම තමා!!! "ඔහු"ද නොවී "ඈ"ද නොවී ජීවත් වීම!!!
    අවංක ආදරයක් ළග නෑවතුණු හිත් දෙහෙකට ඒක එච්චර අමාරු දෙයක් නෙවී නේද අයියා???

    ReplyDelete
  7. @ජංජාල-මිදි තිත්තයි කියල කිව්වේ :d
    (කලින් :S දාන්න ඕන එකට දාල තියෙන්නේ :t )

    ReplyDelete
  8. මේක දැක්කාම මතක් වුනේ,

    "ඔබම මා ද විය
    මාද ඔබම විය
    ඔබ අන්සතු විය
    මට කෙළවිය"

    ReplyDelete
  9. @ Hasitha - හික්ස්..මටත් ඔය ටික මතක් උණා මේක ලියද්දී!!ස්තුතියි මේ පැත්තේ ආවාට... :q

    ReplyDelete
  10. @ හිස් අහස - ස්තුතියි ප්‍රතිචාරයට.මේ දවස්වල කැම්පස් ජීවිතේ ටිකක් කාර්ය බහුලයි,ජනවාරි ඉඳන් කොහොමත් ආපහු ලියවෙයි ගොඩක් දේවල්.

    ReplyDelete
  11. @ මිහිranga - කතාව ඇත්ත.ඒත් එහෙම හිතක් හොයාගන්න හරිම අමාරුයිනෙ මල්ලියෝ

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය