Wednesday, November 3, 2010

සිහින විමන

                  අහස් ගැබ තුල තරුත් නලවන
පොලෝ තලයම සිසිල් කරවන
සොඳුරු සඳරැස් වලින් සැනැහුණ
මලක් මෙනි ඔබ ලඟදි මා සිත



ඔබේ සිනහව රසඳුනකි මට
සිතේ දුක් ගිනි මිලින කරවන
හදවතින් බැඳි සොඳුරු සෙනෙහස
හැඟෙනවා ඔය නෙතින් මා හට

සතුටු පිරි සිත උදම් කරවන
සොඳුරු සිත්තම් වලින් සනහන
කවක් මෙනි ඔබ සොඳුරු උතුරන
පද වැලකි මුතු වලින් පබැඳුනු





සුවඳ කුසුමක් වී ඔබේ ඔය
නෙතු තුලම සතැපෙන්න අවසර
දෙනවදෝ පවසන්න කුමරිය
සදාකල් ඔය සිතින් මනහර


මුවඟ රැඳි මදහසින් සැනැහුණු
සිතැති දඟකම් පාන මනයුරු
රුවැති මුවැතිය සෙනෙහෙ උතුරන
එනු මැනවි මගෙ සිහින විමනට

8 comments:

  1. ලස්සන නිර්මාණයක් !!!

    ReplyDelete
  2. සිහින විමනට ආව ඇය හෙට
    සිහිනයක් ලෙස පිටව යනු ඇත

    ලස්සනයි ...

    ReplyDelete
  3. @ wath -

    සිහින තුල සිටි සිහින දෙව්දුව
    සිහිනයක් පමණක්ම විය මට...

    ස්තුතියි අක්කියෝ! :h

    ReplyDelete
  4. නියමයි අයියා!!! ගොඩක් ලස්සනයි.

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය