Sunday, July 11, 2010

ජීවිතේ ජීවත්වෙමු


 ජීවිතේ....

අපි කාටවත් හිතාගන්න බැරි,තේරුම් ගන්න බැරි,අරුම පුදුම ජීවිතේ....
වෙලාවකට සොමිබරයි,
වෙලාවකට දුක්බරයි....

හුඟාක් අය ජීවිතේ ගැන දන්නෙවත් නෑ,
ඔහේ ජීවත් වෙනවා,
ජීවත් වෙන්නේ ඇයි,ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද කියලවත් සමහරු දන්නේ නෑ....

හැබැයි,
අපි හැමෝම ජීවිතේ ජීවත් වෙනවා...

සමහරු පරණ මතක තුරුළු කරං ජීවත් වෙනවා...
ඒ මතක බොහෝවිට දුක්,කඳුලු පිරුණු මතක..

තවත් සමහරු අතීතේ වෙච්ච රසවත්,ආදරණීය මතක පොදි බැඳගෙන සතුටින් ජීවත් වෙනවා...

 ඔය අතරේ බොහෝම සුළු දෙනෙක් අද දවසේ ජීවත් වෙනවා,
වර්තමානය දකිනවා,විඳිනවා ජීවත්වෙනවා...

ජීවිතේ නියම සතුට තියෙන්නේ අද දවසේ,මේ මොහොතේ කියන්නේ ඇත්තක්...

ඊයේ වෙච්ච දේවත්,හෙට වෙන්න තියෙන දේවත් නිසා නෙවෙයි අපේ සතුට තීරණය වෙන්න ඕනි...

අද දවසේ,මේ මොහොතේ තෘප්තිමත්ව ජීවත්වීමයි,ජීවිතේ ජීවත්වෙන හරි විදිය...

ඒ නිසා අපි ජීවිතේ ජීවත්වෙමු,
මේ මොහොතේ...

ගතවෙන හැම මොහොතකම සතුටින් ජීවිතේ විඳිමු,
 "දුක් , කඳුළු" හෙටට කල් දාමු...

අද දවසේ,මේ මොහොත සතුට වෙනුවෙන්,සිනහව වෙනුවෙන්,ජීවිතේ වෙනුවෙන් වෙන්කරමු...

එන්න,
අපි ජීවිතේ ජීවත්වෙමු.....

8 comments:

  1. නෙල්ලි ගෙඩියක් වාගෙ
    ජීවිතේ
    හෙමිහිට රසවිඳිමු........
    හැම රසයක්ම එකවාගෙ
    මැද සිතින් පිළිගනිමු.......
    ගොරක ගෙඩියක් වාගෙ
    ජීවිතේ
    මිහිරැති මදය සොයා යමු.......
    ඇඹුල් පිට පොත්ත
    පිටු නොදැක
    අවැසි පමණට මුහු කොරමු.....
    ජීවිතේ කියන
    හත්මාළුවට........

    ReplyDelete
  2. @ Shadow/හේමලයා - ම්..ම්... රසයි නේද ජීවිතේ!සිරා කවි සිතුවිල්ල! :n

    ReplyDelete
  3. ඇත්ත කතාව මලේ... ඕක තේරුම් අරන් ජීවත් වෙනවනම් ජීවිතෙ විඳින්න පුලුවන්...

    ReplyDelete
  4. " අද දවසේ,මේ මොහොතේ තෘප්තිමත්ව ජීවත්වීමයි,ජීවිතේ ජීවත්වෙන හරි විදිය..." *// තෘප්තිමත්ව සහ අර්ථවත්ව //*

    ReplyDelete
  5. @ පිස්සා - පැහැදිලිවම අයියේ!

    @ හිඟන්නා - කතාව හරියටම හරි!

    ReplyDelete
  6. හ්ම්ම්.... ඇත්ත කතාව. අද දවසේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන :n

    ReplyDelete
  7. මේක ගෑන නෙවී මේක ලියපු කෙනා ගෑන මම අදහසක් ලියන්නම්. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල හරියටම දන්නෑති කෙනෙක්ට මෙ වගෙ අදහසක් ලියවෙන්න බෑනෙ.
    ඒ නිසා චාමර අයියා ජීවිතේ හරියටම තේරුම් අරන් ඉන්න කෙනෙක්!
    නෑත්නම් ජීවිතේ තෙරුම් ගන්න ගොඩක් හොද උත්සහයක් දරපු කෙනෙක්!

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය