Saturday, July 3, 2010

නවකයින්ව පිලිගැනීම...


නවකයින්ව පිලිගැනීම...


"ALL ARE WELCOME"
"පිලිගනිමු සාදරයෙන්"
එන්න එන්න,
ඇතුලටම එන්න,
බයවෙන්න එපා,
ඔයාලා අපේම නංගිලා මල්ලිලා,
නවක සිත් සෙනෙහසින්,
සහෝදර ඇල්මෙන් පිරී ඉතිරී යයි...

නවකයින් ඇතුලට යයි

ආදරණීය senior අයියා කෙනෙකු පැමිණ,
ඇතුලට එන සිසුවෙකු නවතයි.

"මොකක්ද ඉස්කෝලේ?"
[කොලඹ පාසලක නම ඇසේ]
ඇයි උඹලට සිංහල බැරිද?
කියපල්ලා සිංහලෙන්!
නැවත පාසලේ නම සිංහලෙන් ඇසේ,

ආන්න හරි,
එහෙම තමයි,
තොපි කොලඹ උනාට කමක් නෑ,
සිංහලෙන් කතා කරපල්ලා!

[ නමුත් සියළු විෂයන් ඉගැන්වීම සිදුවන්නේ ඉංග්‍රීසියෙන් බව කියැවෙයි ]

තොගේ ඔලුව වැඩියි!
කොලඹ එවුන් ඔහොම්මමයි!
ආපු ගමන් කඩ්ඩ අදින්නේ තොගේ මොකක් ලොකුයි කියලා හිතාගෙනද?
උඹේ අම්මා තාත්තා මොකද කරන්නේ?

"තාත්තා නැතිවෙලා.පොල් කඩද්දී ගහකින් වැටිලා",

"අම්මා රබර් කිරි කපනවා",

"නංගිලා දෙන්නයි , මල්ලියි තාම ඉස්කෝලේ යනවා",

"ශිෂ්‍යත්වේ පාස්වෙලයි කොලඹ ආවේ"

[කට උත්තර නැතිවූ senior සොහොයුරා , ප්‍රේමයෙන් නොව , භයෙන් භ්‍රාන්තව බලා සිටී]

"අයියේ මම යන්නද?"

[ සොහොයුරා පියවි ලොවට එයි ]

"හා හා මල්ලි... "

එපමණකි!

[ ඉතිරිය ඔබගේ චින්තනයට භාරයි... ]

17 comments:

  1. :b
    ලස්සනයි.....

    ReplyDelete
  2. නියමයි...ඡේදයකින් වත් කියලා දේන්න බැරි පාඩමක්, ලස්සනටඉදිරිපත් කරලා තියෙනවා.

    ReplyDelete
  3. නියමයි අයියෙ වචන සිය ගානකින්වත් තර්කකිරීම් වත් නැතුව ගින්දරට ලියල තියෙනව

    ReplyDelete
  4. excellent!
    ඉදිරිපත් කළ ආකාරය හරිම අපූරුයි. :t

    ReplyDelete
  5. @ කොඩී - :a

    @ pubudu nawarathna - ස්තුතියි සහෝ!

    @ හිතුවක්කාර සිත - ස්තුතියි..

    @ maiyyagelokaya - මගේ උත්සාහය සාර්ථකයි වගේ... :h ස්තුතියි!

    @ Hasitha ජයසූරිය - ස්තුතියි සහෝ!

    @ ශාකුන්තල - ස්තුතියි අයියේ.. :a

    ReplyDelete
  6. මගේ කැම්පස් ජීවිතේ පළවෙනි දවස මතක් උනා......:D

    හපොයි...ඉංග්‍රීසියෙන්නම් කතා කරන්න හිතන්නවත් එපා. කඩ කඩා ගිලින්න වෙයි.දන්නවනෙ සින්න අයියලගෙ හැටි...

    නිර්මාණය නියමයි

    ReplyDelete
  7. @ දිල් - හික්ස්...හපෝයි!මමනං මුකුත් ඉංග්‍රීසියෙන් කියෙව්වේ නෑ! සීන් එක ඉස්කෝලේ නම! :c

    මොරටුවේ රැග් අඩු වුණාට , මේ ලියවෙච්ච දේ සිද්ධවෙනවා හුඟාක් තැන්වල.

    ස්තුතියි අක්කේ මේ පැත්තේ ආවාට....

    ReplyDelete
  8. බොහොම වටින ලිපියක්.කැම්පස් ආපු මුල් දවස් ටික මතක් වුණා

    ReplyDelete
  9. මරේ මරු.......ගනන් ගන්න එපා බන්......ගෙරවිල්ල විතරයිනේ...නෝ වැස්ස..මම ඔය කට්ට ඔය විදිහටම කෑව...මාස හතරක්ම...මොරටුව හොඳයි බන්...ඕවයෙ මොන රැග්ද ගොන් ආතල් ටිකක් විතරයි..?.Best of luck..:D..

    ReplyDelete
  10. කඩ්ඩ දාන එක අවුල් නේ හුඟක් කැම්පස් වල රැග් සීසන් එකේ.


    හැබයි කොල්ලො මේක නම් නියමයි... ලොකු දෙයක් උබ වචන කීපයකින් කියල තියෙන්නෙ.

    ReplyDelete
  11. @ ඔක්කොම - ස්තුතියි :a

    ReplyDelete
  12. අවාසනාවට ඇත්ත කතාවක්

    ReplyDelete
  13. අභන්තර සහ බාහිර.. ( ඇතුල සහ පිට ) ... ඔය දෙකේ වෙනස තමයි ඉතිං ඕක... මේ දේ වත් උනේ නැත්නම් අපිට මොරටුවෙ පලවෙනි දවස ගැන කියන්න මුකුත් නැතිවෙනවනෙ බං ......
    :c

    මරු නිර්මාණය..... :n
    දිගටම ලියමු.......
    :a

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය