Tuesday, July 13, 2010

අහිමි සෙනෙහස - කඳුළු බිඳු 07 -

සඳුනියි මායි හුම්මානේ වතුරමල ගාවට යන පාර දිගේ හිමීට ඇවිද්දා.දෙන්නගෙම හිත්වල තිබුණේ හිස්බවක්.සඳුනි කතාකළේවත් මා දිහා බැලුවේවත් නෑ.මගේ හිතේ පිරිල තිබුණේ ප්‍රශ්න පත්තරයක්!මොකක්ද අද වෙන්න යන්නේ කියල මගේ හිත මගෙන් කෑ ගහල අහනවා.ඒත් ඒ ප්‍රශ්නෙට මං ගාව උත්තර තිබුණේ නෑ!

"කසුන්.."


හැමදාමත් අහන්න ආසා කරපු සඳුනිගේ කටහඬ...

"කසුන් ඇයි ඔයා මුකුත් කියන්නැත්තේ?"


"මොනවා කියන්නද සඳුනි.ඔයා මාව පඹගාලකනේ පැටලුවේ.ඔයාගේ හිතේ තියෙන හැමදේම කියල ඉවරවෙනකං මට මුකුත්ම හිතා ගන්න බෑ!"

"දන්නවා කසුන්.වෙන පිරිමි ලමයෙක්නං මෙලහකට මගේ කම්මුලට ගහල යන්න ගිහින්."


මට සඳුනි දිහා බැලුනා.එයා දුර ඈත බලාගෙන ඇවිදිනවා.

"මට කියන්න සඳුනි.මොකක්ද ඔයා ඔච්චරම දුක්වෙන ප්‍රශ්නේ?" මට ඉවසිල්ලක් තිබුනේ නෑ ඒක දැනගන්නකං.


"ජීවිතේ හරි පුදුමයි කසුන්.ජීවිතේ දුක් කරදර අමතක කරලා සතුටින් ජීවත් වෙන්න හදනකොට,ආයෙමත් කොහෙන්හරි දුකක් අපිව හොයාගෙන එනවා."

හුම්මානේ ගල් දෙබුක්කාවෙන් එන වතුර පාරේ ස්...ස්.... සද්දේ දැන් ඇහෙන මානේ.


"ඔයාගේ ජීවිතේ දුක්විඳපු කාලේ ඉවරයි සඳුනි.ඔයා දැන් ජීවිතේ දිනන පාරට ඇවිත්.කැම්පස් ගිහින් ඉගෙන ගෙන ජීවිතේ දිනාවි ඔයා."

සඳුනි මගේ දිහා බැලුවේ ලොකූ දුකක් හිතේ පුරෝගෙන කියල මම දැක්කා.ටික වෙලාවකින් සඳුනිගේ මූන පරාජිත හිනාවකින් පිරුනා,

"අපි හිතන හැම්දේම ඒ විදියටම වෙනවනන්,මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කසුන්....;

අවාසනාවට,ඒ දේවල් එහෙම සිද්ධවෙන්නේ නෑ!"

අපි මුහුද අයිනට එනකොටම , සූ..ස්.... ගාගෙන වතුර පාරක් අහසට විද්දා. මුහුදු හුලඟට ගහගෙන ආපු වතුර බිංදු වලින් අපිව නෑවුණා.

"ලස්සනයි නේ?"


"හ්ම්..."

අපි දෙන්නා හෙවන වැටිච්ච ගල්පොත්තක් උඩට ගොඩවෙලා වාඩිවුණා.මුහුද හෝ.... ගානවා.මගේ පපුවත් මුහුද වගේම කැලඹිලා.

 "කියන්න සඳුනි,හිතේ හිරකරන් ඉන්න හැමදේම කියලා හිත නිදහස් කරගන්න සඳුනි.."

" මගේ හිතට කවමදාවත් නිදහසක් ලැබෙන්නේ නෑ කසුන්.ඒත් මගේ හිතේ තියෙන දේ ඔයාට නොකිව්වොත්,ඔයා මං ගැන මහ නපුරු විදියට හිතාවි.මම ඔයාගේ ලෝකෙට ඇවිත් ඔයාගේ ජීවිතේ විනාස කලා කියල ඔයා හිතාවි."


සඳුනි දිග කතාවකට පෙරුම් පුරනවා.

"කසුන් මම ඔයාට මගේ ජීවිතේ ගැන නොකිව්වේ එකම එක දෙයයි.ඒත් මම බලාපොරොත්තු නොවුනු විදියට ඒ දේ මට අද කියන්නම සිද්ධවෙලා.

කසුන්ට මතකයිනේ මං කිව්වා අපේ අම්මා රට ගියේ අපිට ජීවත්වෙන්න සල්ලි හිඟවුණ නිසා කියලා?

ඇත්තටම අපේ අම්මා රට ගියේ ඒ හින්දම නෙවෙයි කසුන්..."


සඳුනි අමාරුවෙන් වචන අහුලනවා.

"...මං ඔයාට නොකිව්වට....පොඩි කාලේ ඉඳලම..ම..ම..මම,පොඩි කාලේ ඉඳලම..., මම ලෙඩෙක් කසුන්!"


සඳුනි එදා කියපු වචන අදටත් මගේ හිතේ දෝංකාර දෙනවා.

"අපේ අම්ම රට ගියේ ඒ ලෙඩේට බෙත් කරන්න සල්ලි හොයන්න කියලා හිතාගෙන.මොකද මගේ ලෙඩේ නිසා මාසෙකට රුපියල් පනස්දාහක් විතර බේත් වලටයි,රිපෝට්ස් වලටයි වියදංවුණා."


සු...ස් ගාගෙන වතුර පාරක් අහසට නැංඟා.මගේ හිතේ දුකත් ඒ තාලෙටම හිත ඇතුලේ අඬනවා.උතුරලා යන දුකක් හිත පුරාම දැනුනා.

"...ඒත් ඔයා දන්නවා ඒ දේවල් අපි හිතපු විදියට සිද්ධ නොවුණු වග.මං නිසා දුක්විඳපු මගේ අහිංසක අම්මත්,අන්තිමට මාව මේ ලෝකේ තනිකරල සදහටම ඇස් පියාගත්තා .."


සඳුනිගේ ඇස්වල පිරිලා තිබුණු කඳුළු,කම්මුල් දිගේ දොරේ ගලන්න පටන් ගත්තා...එයාව සනසවන්න කියන්න ඕනි මොනවද කියලවත් මට තේරුණේ නෑ.මොකද මගේ හිතත් දුක නිසා හිරිවැටිලයි තිබුණේ.

සඳුනි ආයෙමත් කතාව පටන් ගත්තා...


"ඉතිං මගේ අම්මත් නැතිවුණාට පස්සේ මගේ ලෙඩේට බේත් කරන්න සල්ලි වියදං කරන්න මගේ පුංචි අම්මට පුලුවන් කමක් තිබුණේ නෑ.ඉතින් බේත් ගන්න එක එතනින්ම නතරවුණා.ඒත් පුංචි අම්මා පුළුවන් විදියට රජයේ ඉස්පිරිතාලෙන් මගේ බේත් ටික අරන් දුන්නා.ඒත් ඒ පාවිච්චි කරන්න ඕනි ප්‍රමාණෙන්,බොහෝම පොඩි ප්‍රමාණයක්.ඒකෙන් වැඩක් වුණේ නෑ"

"ඉතින් ඇයි සඳුනි මට මේ ගැන කලින් කිව්වේ නැත්තේ?" මම සඳුනිගෙන් ඇහුවේ හිත පුරෝගත්තු දුකකින්.

"නැහැ කසුන් ..මට මේව ගැන කියලා ඔයාගේ විභාගේ කිට්ටුව ඔයාගේ හිත රිද්දන්න ඕනි වුණේ නෑ කසුන්"

"ඒ කියන්නේ ඔයාගේ ලෙඩේ හොඳ කරන්න බෑ කියන එකද?"


මගේ ඇඟ කීරි ගැහුණා."හොඳ කරන්න බැරි ලෙඩක්!!"මං අහපු ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ ගැන මම ම බයවුණා.

"මැරෙන්න මම කවදාවත් බයවුණේ නෑ කසුන්.

ඒත් දැන්, මට බයයි කසුන්!මම මැරුණොත් , කසුන් ඔයාට මොකද වෙන්නේ?ඔයාගේ ජීවිතේ ඔයාගෙම නංගිවෙලා ලඟ ඉන්න පෙරුම් පුරපු මට ඔයාව දාල යන්න බෑ කසුන්....

ඔයාගේ පුංචි පපුවට බෑ කසුන් මේ වගේ දුකක් දරාගන්න...මම ඔයාව දන්නවා...ඒකයි මම හැමවෙලේම මේ දේ ඔයාගෙන් හැංගුවේ...."


මම සඳුනිගේ අත් දෙක මගේ අත්දෙකින් මිරිකලා අල්ලගත්තා.

"පිස්සු කතා කියන්න එපා සඳුනි!රිද්දන්න එපා මට මෙහෙම.ඔයාට මුකුත් වෙන්නේ නෑ!"

සඳුනි ඔළුව උස්සලා මගේ දිහා බැලුවා.මගේ ඇස්වලට එබිල බලපු ඒ ඇස්,ලොකු කතාවක් කියන්නයි සූදානම..


"ඒත් කසුන්...., ගිය සතියේ මගේ රිපෝට්ස් බලපු ඩොක්ට කිව්වේ....." ඒ ඇස් වලට ආයෙමත් කඳුළු පිරුණා...

"...ඩොක්ට කිව්වේ..ම...ම....මට වැ.. වැ..වැඩි කාලයක් නෑ කියලයි!" 

අමාරුවෙන් වචන එකතුකරන් සඳුනි කිව්ව දේ අහලා , මගේ හිත මොහොතකට නතරවුණා. 

"වැඩි කාලයක් නෑ!" මම ආයෙමත් ඒ වචන ටික මිමිණුවා..හිතේ තිබුණු දුක,මහා ලොකු බයකට පෙරලුනා.

"ඔව් ක..සුන්...මට වැ..වැ...වැඩි කාලයක් න්...න්...නෑලු..."

 සඳුනි මගේ උරහිසට ඔළුව තියාගෙන ඉකි ගගහා අඬන්න පටන් ගත්තා.මගේ ඇස් වලටත් කඳුළු පිරුණා.ඒත් මගේ හිත මට අඬන්න ඉඩ දුන්නේ නෑ.

"නැහැ සඳුනි..එහෙම වෙන්න බෑ...දැන් තාක්ෂණෙත් දියුණුයි,ඕනිම ලෙඩකට බෙහෙත් තියෙනවා" මගේ හිතේ ඇතිවුණේ බලාපොරොත්තුවක්.ඒත් මගේ වචන අහලා සඳුනි තවත් ඇඬුවා...

"නැහැ කසුන්.....ඇත්ත නවත්තන්න කාටවත් බෑ....කාටවත්ම බෑ...මාව හොඳ කරන්න බෑ කසුන්.මට තියෙන්නේ,මට ත්...ත්..ති..යෙන්නේ.....

මට ල්..ල්...ලියුකේමියාව කසුන්!"

සඳුනි හෙමිහිට කෙඳිරුවා.මොහොතකට මුළු ලෝකෙම නතරවුණා වගේ දැනුණා.හතර වටින්ම කළුවර වුනා වගේ....

"ලියුකේමියාව..." මට මිමිණුනා...

"ඔව් කසුන්..මට පොඩි කාලේ ඉඳන්ම ලේ පිළිකාවක්.." සඳුනි හිමිහිට ඔලුව උස්සලා මගේ දිහා බලාගෙන කිව්වා.

මට කියන්න දෙයක් තිබුණේ නෑ.හිත හිරිවැටිලා , දුක වැඩිකමට.මගේම සහෝදරියක් වගේ මගේම ලඟින් උන්නු සඳුනිත් මාව දාලා යන්නම යනවා!විස්වාස කරන්න බෑ මට!නැහැ...! මේක හීනයක්!මේක හීනයක්!!

"කොහොමද කසුන් මම ඒ බව දැන දැනත් ඔයාව මගේ කරගෙන ඔයාගේ ජීවිතේ විනාස කරන්නේ.

සමාවෙන්න කසුන් මට සමාවෙන්න..ඔයාගේ ජීවිතේට යාලුවෙක් විදියටවත් නෑවිත් ඉන්නයි මට තිබුණේ.මගෙන් වුණු වරදට සමාවෙන්න කසුන්!"

සඳුනිගේ උරහිස් දෙකෙන් තදකරල අල්ලගත්ත මම, 

"එපා ඔහොම කියන්න සඳුනි!

ඔයාගෙන් මට වරදක් වෙලා නෑ.ජීවිතේ තිබුණු තනිකම ඔයා නිසා නැතිවුණා.

ඒත් මම හිතුවා...මම හිතුවා...කවදහරි ඔයා මගේම වෙලා,හැමදාමත් මගේ ලහින් ඉඳියි කියලා සඳුනි..."

ඒ වචන ටික ඉවරවෙන්නත් කලින් මගේ කඳුළු ඉස්සර වුනා.හිතේ තිබුණු දුක,ඇස් වලින් දෝර ගැලුවා.සඳුනිව උරහිසට තියාගත්තු මම , මගේම මිතුරිය වෙනුවෙන් ඇඬුවා.

ඔව්,අපි ඇඬුවා.ඉර හඳ හේදෙන්න ඇඬුවා. මහමුහුදක් දෝරේ ගලන තරමට අපි ඇඬුවා.අපේ කඳුළු දැකලා මහ මුහුදත් හූමිටි තිබ්බා.හුම්මානේ වතුර මලත් , අපිත් එක්ක එකතුවෙලා,අපිටත් වඩා හයියෙන් ඇඬුවා.

-------------------------------------------------------------------------------------------------- 

කසුන් වෙත,

නිසල වූ නෙතු දෙස,
බලාන පතන්නට
සසර පුරාවට - මගේම වන්නට,
එනවා නේද සොහොයුර?

මේ මතකයත් රැගෙන,
කවදා හෝ දිනක,
මා මෙලොව හැරගිය මොහොතක....

කවි ගී ආයෙත් නොලිව්වාට,
ඔබ මගේම සොහොයුරකු වූ බව
කියනුයේ කෙලෙසද එදාට?

එනමුදු ;

ගොළු වූ කටහඬින් - අමතමින් ඔබේ හද,
ඔබ ලඟම දැවටෙන්නට,
එදාටත් අවසර - දෙනවා නේද සොහොයුර?

බැරිවුවත් මා හට,ලංවෙන්න ඔබ වෙත,
සත්තයි එදාටත් ඔබ ලඟම ඉන්නා බවට,
මතකයක් , සුවඳක් හෝ කඳුලක් වී,ඔබේ ඔය නෙතු තුල...

ඔයාගෙම,
සඳුනිගෙන්...

-------------------------------------------------------------------------------------------------- 

එදා ඒ හමුවීම සඳුනිගෙත් , මගෙත් අන්තිම හමුවීම වුනා.ඒ සඳුනිගේම ඉල්ලීමක් නිසා.සඳුනිගේ ඉල්ලීම වුනේ එයාව අමතක ක‍රලා , එයාගෙන් ඈත්වෙලා ඉන්න කියලයි.මම ඒක කරන්න බැහැ කියද්දී සඳුනි කිව්වේ ;

"මැරෙන්න ඉන්න ලමයෙක්ගේ අවසාන ඉල්ලීම ඉටු කරන එක ලොකු පිනක් කසුන්" කියලා විතරයි.ඒ නිසා එයාගෙන් ඈත්වෙලා ඉන්න මට සිද්ධවුණා.අන්තිම මොහොතෙවත් එයාව බලන්න එන්න එපා කියල එයා මට කිව්වා.

මම එදා ගමන් ගිහින් ගෙදර ආවේ කොහොමද කියල මට මතක නෑ.එද ඉඳන් අද වෙනකන් ජීවත්වුණේ කොහොමද කියලා මතකයකුත් නෑ.හැබැයි මම තාමත් හුස්ම ගන්නවා.

*****

සඳුනි මුළු ලෝකෙම අත්හැරලා යන්න ගියා.ඒක සිද්ධ නොවෙන්න තිබුණු දෙයක්.ඒත් ඒක එහෙම සිද්ධවෙලා අදට මාස හයක් වෙනවා.මාව මේ ලෝකේ තනිකරල එයා යන්නම ගියා කියලා තවමත් මට විස්වාස කරන්න බෑ.මොකද ඒ සුවඳ,ඒ මතකය,ඒ රූපය,ඒ ආදරේ,සෙනෙහස... තවමත් මං වටේ දැවටෙනවා.

ඔව්!ඒ ලස්සන මතක කවදාවත් අමතක වෙන්නේ නෑ!ආත්ම ගාණක් පුරාවට ඒ මතකයන් මගේ ලඟ තියේවි.

උසස්පෙළ ප්‍රතිඵලත් ගිය මාසේ පිටවුණා.කැම්පස් යන්න මටත් වරමක් ලැබිලා තිබුණා.ඒත් මගේ හිතට කිසිම සතුටක් නෑ.මගේ සතුට බෙදාගත්තු මගේම සහෝදරිය "සඳුනි" මගේ ලඟ නැතුව මම අද වෙන කාත් එක්ක සතුට බෙදාහදා ගන්නද!

සඳුනිත් විභාගේ ඉහලින්ම පාස්වෙලා තිබුණා.ඒ ප්‍රතිඵලත් අරන් සඳුනිලෑ ගෙදර ගිය මොහොතේ , සඳුනිගේ පුංචි අම්මා අඬාපු හැටි මට තාමත් මතකයි.ඒ අසරණී සඳුනිගේ ජීවිතෙ බේරගන්න හැදුවත් බැරිවුනා.දුක වැඩි ඒ නිසා වෙන්න ඇති.දුක තුනීවෙන්න වචනයක් කියන්න ඕනි කියලා හිතුණත්,මගේ ගොළුවතට වචන ආවේ නෑ.

 *****

 
ගාළු මුහුද අද හරිම නිශ්චලයි.වෙනදා නැති පාළු මූසල බවකින් මුළු ගාළු කොටුවම පිරිලා ඉතිරිලා ගිහින්.හරියට සඳුනි නැති පාළුව එයාලටත් දැනිලා වගේ.

 මායි සඳුනියි පැය ගනං ගාළු කොටුවට වෙලා කතා කරපු හැටි...අපේ හැම කඳුලක්ම,හැම සුසුමක්ම,හැම සතුටක්ම, අපි දෙන්නා සහෝදරත්වයෙන් බෙදා හදාගත්තු හැටි..... , මේ හැමදෙයක්ම මේ නිසල මුහුදට මතක ඇති.ගාලුකොටුව,ඒ හැමදෙයක්ම නිහඬව බලන් ඉන්න ඇති.

 මේ ලෝකේ සහෝදරයෙක්වත්,සහෝදරියක්වත් නැතිව තනිවෙලා උන්නු මටයි සඳුනිටයි,අපි දෙන්නාගේ මිත්‍රත්වය ඇතුලේ ඒ දේවල් හම්බුවුණා.අපි ජීවත්වුණේ ගොඩාක් සතුටින්,ජීවිතේ ගැන තෘප්තියෙන්!ඒත් අවාසනාවකට අද ඒ මිත්‍රත්වය මතකයක් විතරක් වෙලා.මං ආයෙමත් මගේ ලෝකේ තනිවුණා.මගේ තනියට මගේ ලඟ ඉතුරුවුණේ ලස්සන මිත්‍රත්වයක මතකයයි,ඒ මතකයන් නිසා මට උරුමවුණු සීතල කඳුලුයි විතරයි.

*****
 හැන්දෑ කළුවර ටිකෙන් ටික ගාලුකොටුව වටලනවා.තරු එකින් එක අහසේ තැනින් තැන මතු වෙනවා.දුක නිසා හිරිවැටුණු මගේ හිතට කාලය ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් ඇති නොවුණු එක පුදුමයක් නෙවෙයි.

 අහසේ තියෙන ලස්සනම ලස්සන , පුංචි තරුවක් මං දිහා බලං හිනාවෙනවා.සමහරවිට 'සඳුනි' ඈත අහසේ තරුවක් වෙලා මං දිහා බලං ඇති.


ඔව්,ඒ එයාම තමයි!ඒ ලස්සන මූණ , ඒ අහිංසක හිනාව , ඒ කතාකරන ඇස්.....

 මමත් හිනාවුණා....මූණ පුරෝගෙන හිනාවුණා....මගේම මිතුරිය , මගේම සොහොයුරිය , මගේම ජීවිතේ එක්ක මම හිනාවුණා...

ඒ හිනාව බොඳවෙලා ගියා,සීතල කඳුළු වැස්සක් මගේ කම්මුල් තෙමාගෙන පහලට රූටනවා මට දැනුණා........

ඇත්තමයි ;  

ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්...

 *****
 හඬන්නට කඳුළු බිංදුවක් සොයමින්
ළතැවෙමි කඳුළු කතරේ
දකින්නට ආලෝකයක් පතමින්
සොයනෙමි අවිඳු අඳුරේ

ඔබේ රුව ආයෙත් දකින්නට
පතනෙමි හදින් සොඳුරේ
සොය සොයා මම තවම වැළපෙමි
"අහිමි සෙනෙහස" ජීවිතේ

*****

හදක් වැළපුනු ; හඳත් හැඬවුණු , අහිමි සෙනෙහස මෙසේ නිමාවට පත්වූ වගයි....

***** 

~ නිමි ~

ලිව්වේ : චාමර
වර්ෂය: 2007 

28 comments:

  1. හ්ම්.............
    :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f :f

    මචෝ ඇත්තටම ලස්සනයි....ගොඩාක් සංවේදී කතාවක්....මේ කතාව කියවපු වාරයක් පාසාම දැනුනේ මේක ඇත්තම කතාවක් කියලයි...ඒ තරම්ම තාත්විකයි....තාත්වික කම වැඩි කමටද කොහෙද කදුලු වැටෙන්නේ.....එලටම ලියලා තියේ.....කියන්න වචන නෑ.....
    තව කතාවක් ලියපන්කෝ.............

    ReplyDelete
  2. @ ෴ හසියා ෴ - බොහෝම ස්තුතියි මචෝ!හම්බවුණු ප්‍රතිචාරවලින් හොඳම එක උඹෙන්!තව කෙනෙක්ගේ හිතට දැනුනානම්,මගේ කතාව පොඩ්ඩක් හරි සාර්ථකයි කියල හිතෙනවා.

    අනිවා තවත් ලියනවා,හැබැයි මේ දවස්වල නම් නෙවෙයි සහෝ.කැම්පස් නිසා ටිකක් බිසී.නිවාඩු පාඩුවේ අලුත් එකක් පටන් ගන්නම්කෝ.වෙනස්ම විදියේ එකක් :a

    @ කොඩී - :b :b :e :e

    ReplyDelete
  3. හදවෙත් ගැඹුරටම දැෙන්න කතාවක්.කියන්න වචන නැතිතරම් ලස්සනයි.දිගටම ලියන්න.....තාම දුකයි.සදුනි පව්.කසුන් ඊට වඩා පව්...............

    Nasha

    ReplyDelete
  4. ජීවිතය මහ පුදුම දෙයක්.... උබ හුඟක් ලස්සනට ලිව්ව මචන් මේක... මේ කොටස කියවද්දි හිතට දැනුනේ මහ අමුතු හැඟීමක්... කියන්න නොතේරෙන...

    හිතපන්.. මෙහෙම දෙයක් ඇත්තට උනොත්... ඇත්තට වෙලා ඇති.. මිනිස්සුන්ට... කොහොම මුහුන දෙනවද කියල.... ඒක ඒක මහ අනේ මන්ද....

    ReplyDelete
  5. @ Nasha - ස්තුතියි පැසසුමට.ජීවිතේ හරිම පුදුමයි!එන හැමදේකටම අපිට මූණ දෙන්න වෙනවා,හොඳ වුණත් නරක වුණත්.මේ ලෝකේ සඳුනිලා කසුන්ලා තවත් ඕනි තරම් ඉන්න ඇති.

    @ පිස්සා පලාමල්ල - උඹේ කතාව සහතික ඇත්ත මචං...මේ වගේ දේවල් ඇත්තට සිද්ධවුණු අය මොන වගේ මානසිකත්වයක ඉන්නව ඇද්ද!හිතා ගන්නවත් බෑ..

    ස්තුතියි මචෝ හැමදාමත් මම ලියනකොට ඇවිත් කියවලා වචනයක් දෙකක් ලියලා යනවට.ඒක හිතට පුදුම හයියක් මචෝ!

    ReplyDelete
  6. උබටයි ස්තුති කරන්න ඕනි... මේ වගේ ලස්සනට ලියල අපිට බලන්න දානවට. :)

    ReplyDelete
  7. @ පිස්සා - උඹල නැත්තන් ලියල කවුරු කියවන්නද බං! මොනාවුණත් ප්‍රතිචාර හොඳවුණොත් තව එකක් හිමීට ලියන්නංකෝ! :a

    ReplyDelete
  8. :f ^ :f , මිත්‍රත්වය හරිම පුදුමාකාරයි , කතාවේ තාත්වික බව නම් උපරිමයි !!!!

    ReplyDelete
  9. මේක නියමයි මල්ලි. අපේ කැම්පස් එකේ තියන අධි තරඟකාරී ඉගනුම් රටාව හමුවේ උඹේ මේ හැකියාව සු‍රැකේවා කියල ප්‍රාර්ථනා කරනවා. මොකද එහෙම නොවුණු උන් මම දන්න නිසා!

    ReplyDelete
  10. @ හිඟන්නා - ස්තුතියි සහෝ! මිත්‍රත්වය ඇත්තටම හරිම පුදුම දෙයක්...ජීවිතයක්ම වෙනස් කරන්න පුලුවන් මහා බලවේගයක්!

    @ වැම්පයර් - ස්තුතියි අයියේ! ලොකුම ප්‍රශ්ණේ තමයි වෙලාව! :b අපි බලමු පොඩ්ඩ පොඩ්ඩවත් ලියන්න එතකොට හැකියාව ටික ටික දියුනු වෙයිනේ :q

    ReplyDelete
  11. @panhidhaඇත්තටම ඇහැට කඳු‍ළු නංවනවා....!!!

    ReplyDelete
  12. මචන් බොරු කියන්න ඕනේ නැහැ ඇඬෙනවා බන් මේ කතාව කියවද්දී :f

    අන්තිම හරිය කියවද්දී මට මාර අප්සට්.

    කතාව එලකිරි වගේ ලියලා තියෙනවා කොල්ලා.

    තව ඉස්සරහට මේ වගේ කතා ලියපන් යස අගේට සිංහල බ්ලොග් ලියන කියවන කොල්ලන්ව කෙල්ලන්ව අඬවන්න :b :b :b

    ReplyDelete
  13. puluvan nam meka pdf vidihata hadala download karanda danna pls , mekath hariyata a walk to remember aka vagemai i cried

    ReplyDelete
  14. @ panhidha - ස්තුතියි!

    @ Hasitha - ස්තුතියි මචෝ! බලමු මචෝ,වෙනස් විදියක එකක් ලියන්න හිතන් ඉන්නවා,වෙලාවක් ලැබුණු ගමන් මම ලියන්නංකෝ! :a

    @ Vinura Thivin (විනුර තිවින්) - ස්තුතියි මචෝ! හ්ම්..අනිවා PDF එකක් දෙන්නං ඉක්මනටම :a

    ReplyDelete
  15. මොහොතක ප්‍රමාදයක්,ජීවිත කාලයක් පසුතැවීමට හේතු විය හැක... කියන්න දෙයකට නම් තියෙන්නේ elakiri .... good luck ....

    ReplyDelete
  16. මේක බලන්න මම සෑහෙන්න ප්‍රමාධ උනා පුදුම හිතෙන කතාවක් මම බලපු ලස්සනම කතාව . කමක් නෑ අද මම මේක දැකනේ

    මචං දැන් මේ බ්ලොග් එක ලියන්නේ නැත්ද ?

    ආයෙත් කියනවා කතාව මැක්සා ඇඩෙනවා මචං ඇත්තමයි !

    ජයවේවා !

    ReplyDelete
  17. කතාව කියවල නම් ගොඩාක් කල්..ගුරුතුමාට ගෝලයා කරන එකනම් හරි වැඩක් ද මම දන්නේ නෑ..:P ඒත් මම එදත් කිව්වා වගේ මේ කතාව ගොඩාක් ගොඩාක්ම ලස්සනයි.. වචන වල feel වෙන්න ඕන හැම දේම තියෙනවා.. Great job ayya!!! Cheers!! :)

    ReplyDelete
  18. @චමිත් ජයංග උඹේ කතාව ඇත්ත බං.. ස්තුතියි මචං බ්ලොග් එකට ආවට.... මේ අවුරුද්දේ ඉඳං ආපහු බ්ලොග් එක ලියන්න පටන් ගත්තා...ඉඳල හිටලා ඇවිත් බලලා යන්න...

    ReplyDelete
  19. @හිස් අහස ස්තුතියි මචං ප්‍රතිචාරයට... ඔන්න අලුතින් කතාවක් ලියනවා ආපහු....ඇවිත් කිඅවලා බලපන්... :a

    ReplyDelete
  20. kathawanam godak lassanai ayya.me kathawe antima tika kiyawaddi mama hodatama aduwa.hitata godak wadunu lassana kathawak.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සචි නංගි... තවත් කතාවක් ලියවෙනවා මේ දවස්වල , කියවලා බලන්න....

      Delete
  21. හරිම ලස්සන, හිතට දැනුණු කතාවක්.. දිගටම ලියන්න.. ඔයාගේ අනාගතේට හදවතින්ම සුබ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... :) දිගටම එන්න , අලුත් කතාවක් ලියවෙනවා , කියවන්න....

      Delete
  22. ලස්සන ඒ වගේම සංවේදී ආදර කතාවක්....

    ReplyDelete

කතා පොත කියවල මොනවද හිතුනේ ?

ලියල යන්න පද පේලියක් ; ඒක තමයි තව ලියන්න මට ලැබෙන හොඳම සවිය